
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) ඉවත්වූ හිටපු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ඇතුළු එම පක්ෂයේ හිටපු ප්‍රබලයන් 20 කට අධික පිරිසක් ලබන ජනවාරි මස නැවතත් එම පක්ෂයට එකතු වන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන් අනිවාර්යෙන්ම එකතු වන බවත් එම පක්ෂයට නැවත එකතු වීමට එම පක්ෂ බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් අබේගුණවර්ධන මහතා කීය.
පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට පෙර ඉවත්වූ ප්‍රබලයන් 20 කට අධික සංඛ්‍යාවක් තමන් සමඟ එකට සිටින බව කී රෝහිත අබේගුණවර්ධන මහතා එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සමඟ නාරාහේන්පිටදී පැවැති සාකච්ඡාවට ද සහභාගි වූ බව ද සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරු වන පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ සහ චින්තක මායාදුන්නේ ඇතුළු පිරිසක් සිටින අතර එම පිරිස නැවත පොහොට්ටුවට එකතු වීමට බලාපොරොත්තු වන බවත් එම පිරිසෙන් තමන්, රමේෂ් පතිරණ ආදි හිටපු අමාත්‍යවරු ඇතුළු වැඩි සංඛ්‍යාවක් පසුගිය 21 වැනිදා පැවැති විපක්ෂයේ ජන රැළියට ද සහභාගි වූ බවත් හිටපු අමාත්‍යවරයා කීය.
තමන් කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් නොවූ අතර පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට සුදුසුම තීරණය ගෙන ‘සිලින්ඩරය’ ලකුණෙන් තරග කළ බවත් එම මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ‘පොහොට්ටුව’ ලකුණින් තරග කළ ලැයිස්තුවට වඩා ‘සිලින්ඩරය’ ලකුණින් තරග කළ කණ්ඩායම ප්‍රබල වීම නිසා එකම මන්ත්‍රී ධුරයට පත්විමේ අවස්ථාව ලැබුණු බවත් හෙතෙම පැවසීය.
2025 නොවැම්බර් මස 21
129
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
218
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1070
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රෝහිත ඇතුළු 20 ක් නැවත පොහොට්ටුවට
Perera Tuesday, 25 November 2025 11:57 PM
මුන්ගේ එකම ප්‍රතිපත්තිය බඩ වඩා ගැනීම.
Kusumapala Wednesday, 26 November 2025 02:13 AM
හැමදාම වගේ කිරි මුට්ටියේ කිරි සහ ගොම වළේ ගොම
Neel Wednesday, 26 November 2025 05:28 AM
රටේ බහුතර ජනතාවට නමි ඔය කට්ටිය කොතන හිටියත් අපිට අහන්න තියෙන්නේ අපිට පාන්ද කියලා විතරයි.. හොර හැත්ත ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි....දේශපාලන අනාතයෝ.
chathuri Wednesday, 26 November 2025 06:56 AM
ප්‍රබලයන් කියන්නෙ. අත්තෙන් අත්තට පනින. ගොබ්බයින්ටද ටිකක් හරි මොලයක් තිබුනා නම් මාලිමාවට යන්න තිබුනා ඔලුව කැක්කුමට. කොට්ටෙ මාරු කෙරුවට වැඩක් නැහැ. මොලේට බෙහෙත් දෙන්න ඕන. මේ අයට මොලයක් නැති කමයි මෙතන ප්‍රශ්නෙ. සල්ලි වලටද යන්නෙ කැමැත්තෙන්ද යන්නෙ. පොහොට්ටුවේ නායකයා කරත්තෙට බදින්නෙ නැති ටික විතරයි. ඒ නිසා. කට්ටක් කන්න වෙනවා.
රනේ Wednesday, 26 November 2025 07:12 AM
අලියා පාරට එයි වගේ
නෂ්ට Wednesday, 26 November 2025 07:17 AM
රමේෂ් පතිරණ තමන්ගේ දේශපාලන ජීවිතේ නාස්ති කරගන්නවා මේ වගේ අපතයෝ එක්ක ඉඳලා.
Perera Wednesday, 26 November 2025 07:43 AM
එහෙට මෙහෙට පනිනා රිලවෙකුට රිලව් මිසක් වෙන මොකාද චන්දෙ දෙන්නේ
C.K.Lankaputhra Wednesday, 26 November 2025 07:57 AM
මුන් වගේ අවස්ථාවාදී උන්ව හඳුන්වන හරිම වචනය සිංහල භාෂාවේ තියනවද කියල මම නං දන්නෙ නෑ. කිසිම හිරිකිතයක් නැතුව කියනවා පාර්ලිමේන්තුවට යන්න පුලුවන් පක්ෂය මැතිවරණය වෙලාවේ තෝරා ගත්තලු.
ලුම්බිණි Wednesday, 26 November 2025 08:25 AM
වෙන කොහේ යන්නද ඉතින් ?
කෝරලගේ Wednesday, 26 November 2025 09:39 AM
මේ ප්‍රබලයන් 20 දෙනා කියන සෙට් එක රට බංකොලොත් කරන්න රට හුරාගෙන කාපු පට්ට පල් නොම්බර එකේ පොහොට්ටුවේ හිටපු හොරු තමයි. ඒක මුළු රටම දන්න කතාවක්.දැන් ආයි එක්කාසු වුණත් අර දන්න හොරකම තමයි කරන්න වෙන්නේ. ආයි නම් ලංකාවේ ඔය රාජපක්ශ පොහොට්ටු හොර නඩේට ඡන්දෙ දෙන කිසි කෙනෙක් හොයාගන්න නැහැ .අද මාලීමා රජය රට නැත්තටම නැති කරපු හොරුන්ට දැඩි දඬුවම් දෙමින් කුඩු සංස්කෘතිකට තිත තබමින් අපේ අනාගත දරු පරපුරට රටක් හදනවා.ඒ වෙනුවෙන් අද රටම එක මිටට.මාලීමාවට ජයෙන් ජය.
Priyantha Dissanayake Wednesday, 26 November 2025 09:45 AM
වෙනත් විකල්පයක් නැහැනේ. අනිවාර්යෙන්ම යන්න වෙනවා. වෙන කවුරුත් බාරගන්නේ නැහැනේ.
nipuna Wednesday, 26 November 2025 09:59 AM
කිසිම කෙලෙහිගුණයක් නැතුව වාසි පැත්තටම යන අපූරුව. මන්ත්‍රී කමට තියෙන තන්හාවට රනිල් එක්ක ගිහිල්ල දැන් රනිල්ව අනාථ කරනව.
Achi Wednesday, 26 November 2025 10:39 AM
රෝහිතගේ අම්මා මේ පාර කිව්වා ලු නාමල් පුතා ගාවට යන්න කියලා.”
nimantha Wednesday, 26 November 2025 10:59 AM
මේ අය තාම මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා හිතං ඉන්නේ. කුඩු මාෆියාවේ උදව් තමයි මේ ගොල්ලන්ට බලය ගන්න තියෙන හොඳම තල්ලුව.
අරවින්ද මොණරවිල Wednesday, 26 November 2025 11:03 AM
ඒක හොදයි, එතකොට තව අවුරුද්දකින් එකාමාරහකින් පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස් කරන්න පහසුවෙයි වැලිකඩ හිරගෙදර ඇතුලේ ......
Janaka Wednesday, 26 November 2025 11:19 AM
මේකත් අර ස්ටොක් මාර්කට් එකේ වගේ බෝඩ් එකක් දාලා ජනතාව දැනුවත් කරානම් හොඳයි. අද උදේ එක පක්ෂෙක ඉන්න එකා හෙට වෙන පක්ෂෙක . වෙනපක්ෂේක ඉන්න එකෙක් ඔන්න මේ පක්ෂේ. මොකා මොන පක්ෂේ ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. මුන් පක්ෂේ මාරු වුන ගමන් හිටපු පක්ෂේ එව්න්ට අමා මෝ කියලා බනිනවා. ඊට පස්සේ ආයෙත් එපක්ෂේට ගින්හින් කසාය බීපු ගොළුවෝ වගේ. හොඳම උදාහරනේ අර හරින කියන ගෝතයා
Pankumburage Wednesday, 26 November 2025 11:24 AM
දේශපාලන අනාතයෝ කියන්නෙ මුන්ට තමයි. මුන්ට චන්දෙ දෙන්නෙත් අවස්ථාවාදි අනුන්ගෙන්ම යැපෙන උන් තමයි.
fairoos Wednesday, 26 November 2025 11:26 AM
දෙකයි, පනහ වැටිච්චි එක නැත්තටම නැතිවෙන්නයි යන්නේ
දයාන් කන්නන්ගර Wednesday, 26 November 2025 11:27 AM
එහෙම එකතුවෙලා ආවත් ඒ එන්නේ ඔයගොල්ලොම නේද රත්තරන්? කළුතර ජනතාව විතරක් නොවේ ලංකාවේ මිනිස්සු මේ රට හපයක් කරපු පාදඩ රාජපක්ෂ ජඩයන්ට නැවත මේ රටේ බලයක් දෙන්නේ නැහැ... ඔයගොල්ලෝ එකතුවෙලා බලය පිහිටුවන්න වෙන්නෙ වැලිකඩ ඇතුලේ
RAJ Wednesday, 26 November 2025 12:37 PM
මේ වාගේ බූරුවන්ට ෪න්දෙ දීපු හරක් හිටියනෙ මේ රටේ
Anura Wednesday, 26 November 2025 01:54 PM
කලින් ආවත් මේ අය නම් මාලිමාවට ගන්න එකක් නෑ. චන්දෙට කලින් කී දෙනෙක් එන්න හැදුවද ගත්තේ නෑනේ
Nihal Dharmatileke Wednesday, 26 November 2025 02:24 PM
දේශපාලනයේ සරණාගතයෝ... පොදු ජන පෙරමුණේ නෙවෙයි... පොදු අපේ පෙරමුණ කියන්නේ...
ගමේ එකාලා Wednesday, 26 November 2025 02:40 PM
තමුන් ගැන අනුකම්පා හිතලා චන්දේ දුන්නේ,බොරුවට කිඹුල් කදුලු හළලා,හොටු හූර හූර කියපුවා දන්නෝ හොන්දාකාරවම දන්නවා .
Anura Wednesday, 26 November 2025 03:14 PM
අන්දන්න හදන්නේ ආයෙමත්
saman Wednesday, 26 November 2025 03:51 PM
දෙපිටකාට්ටුවෝ.