IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


මහනුවර යට වෙන්න හේතුව කිරිඇල්ල කියයි

(සුජිත් හේවාජුලිගේ)

වික්ටෝරියා ජලාශය  වරින් වර ක්‍රමානුකූලව  විවෘත නොකර  වාන් දොරටු වසාගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා    මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය  ඇතිවුණු බව  සමගි  ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මීට පෙර කිසිදු ගංවතුරකදී   මහනුවර නගරය යට නොවූ බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා කිසිදිනක යට නොවූ මහනුවර ප්‍රධාන පාරවල් ගංගාවල් බවට පත්වුණු බවද සඳහන් කළේය

ඔහු මෙසේ පැවසුවේ අද (1) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම ඛේදවාචකය හේතුවෙන් මහනුවර   දිස්ත්‍රික්කයේ  පන්සීයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවත්  කොත්මලේ  ජලාශය එකවර විවෘත කිරීමෙන් ගම්පොළ නගරය යටවුණු බවත්   හෙතෙම සඳහන් කළේය.

ලංකාවට අධික වර්ෂාවක් පතිත වන බවට නොවැම්බර් 12  වැනිදා  කාලගුණ විද්‍යා අංශ තොරතුරු අනාවරණය කළ අවස්ථාවේදී  එම ජලාශවල වාන් දොරටු වරින් වර ක්‍රමානුකූලව විවෘත කිරීමට හැකියාව තිබූ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර නගරය සහ ඒ අවට ගම්මාන වලට සහන සැලසීමේ රජයේ යාන්ත්‍රණය හරියාකාරව ක්‍රියාත්මක නොවන බවටද චෝදනා කළේය.

හදිසි විපත්වලදී ක්ෂණිකව  තීන්දු තීරණ ගැනීමට පිහිටවනු ලැබූ  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ කමිටුව වසරකින් රැස්වී නැතැයි ඔහු පෙන්වා දුන්නේය.

මෙම ආපදාවෙන් සෑම මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම 25 ත්  30ත්  අතර පිරිසක් මිය ගොස් ඇතැයිද හෙතෙම පැවසුවේය.



අදහස් (0)

මහනුවර යට වෙන්න හේතුව කිරිඇල්ල කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 248 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 297 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1215 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site