IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ අනතුරු වළක්වා ළදරුවාට ආරක්ෂිත පරිසරයක් ඇති කරමු.

ළදරුවන්ට නිවස තුළ අනතුරු සිදු වීම වළක්වමින් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම දෙමාපියන්ගේ වගකීමයි. කුඩා දරුවන්ගේ ජීවිතයට අවදානමක් ඇති කිරීමට පවා නිවසේ හා භාහිර පරිසරය හේතු විය හැකියි. නිවසේ බිම, බිත්ති, වහල සහ දරුවාගේ අවට ඇති බඩු භාහිරාදිය හා විදුලි පේනු පිළිබඳ විශේෂයෙන් සැළකිය යුතුය.

ළදරුවාට පහසුවෙන් රිසි සේ දුව පැන ඇවිදීමට හැකි ලෙස නිවසේ බිම ලිස්සන සුළු නොවන හා නිතර වතුර නොරැඳෙන සේ තැබිය යුතුය. දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ කාපට් හෝ සාමාන්‍ය කාපට් එකක් බිමට අතුරා අනතුරු වීම වැළැක්විය හැකිය.

ළදරුවා නිතරම නිවසේ බිම මත රැඳෙන බැවින් නිවසේ අනෙක් තැන් පිරිසිදු නොකරන රෙදි කැබැල්ලක් ගෙන සබන් සහ වතුර පමණක් භාවිතයෙන් බිම පිරිසිදු කර ඉන් පසු සාමාන්‍ය වතුරෙන් නැවත බිම පිරිසිදු කළ යුතුය.

ගැබිණි මවක් හෝ කුඩා දරුවකු සිටින නිවසේ වහල ඇස්බැටෝස් වහලක් නොවිය යුත්තේ හිරු එළියට නිරාවරණය වන වහලෙන් වැටෙන කුඩු දරුවාගේ ඇගට වැටී දීර්ඝ කාලීනව පිළිකා හා වෙනත් රෝග සෑදීමට හේතු වන බැවිනි. සිවිලිමක් රහිත ඇස්බැස්ටෝස් වහලක් නම් ඊට යටින් රෙද්දකින් ආවරණය කිරීම ආරක්ෂාකාරී වේ. ශ්වසන ආබාධවලට හේතු විය හැකි වහලේ මකුළු දැල් කඩා පිරිසිදුව තැබිය යුතුයි. බිත්තිවල ළදරුවාට සැර නොවන තීන්ත ආලේප කර තිබීම වඩාත් යෝග්‍ය වේ.

ළදරුවාගේ ප්‍රථමාධාර, සෙල්ලම් බඩු, බිදෙන සුළු හා දරුවාට තුවාල විය හැකි පිඟන් කෝප්ප, ඖෂධ, භූමිතෙල්, රසායන ද්‍රව්‍ය,පොහොර ආදිය දරුවාගේ අතට හසු නොවන සේ රාක්කවල උඩින් ප්‍රවේසම්ව අසුරා තැබිය හැකිය. නාන කාමරය පිරිසිදුවට හා පිළිවෙලට තබා ෂැම්පූ ඇතුළු විවිධ ආලේපන දරුවාට හසු නොවන සේ තැබිය යුතුය.

නිවස අසළ වටපිටාවේ වතුර බේසම්, වතුර වලවල්, කුඩා පොකුණු පවතියි නම් දරුවා පිළිබඳ වඩාත් සෙවිල්ලෙන් සිටිය යුතු වේ. ඇට වර්ග හෝ අතට හසු වන යම් යම් දේ දරුවා කටේ ඔබා ගැනීමට පෙළඹෙන නිසා දරුවා වෙත අවධානය යොමු කළ යුතුය.

කුඩා දරුවන්ට ගවේෂණය කිරීමේ උනන්දුව ඇති බැවින් උස ස්ථානවලට නැගීම, අනතුරුදායක දේ ඇල්ලීම, වතුරේ සෙල්ලම් කිරිම ආදිය සිදු කරන විට දරුවා තම ඇස් මානයෙන් තබා රැක ගැනීමට කටයුතු කළ යුතුයි. පූසන්, බල්ලන්ගෙන් වන සපා කෑම්, සීරීම් හා විසබීජවලින් දරුවා ප්‍රවේසම් කළ යුතුයි. මීට අමතරව මානසික පෞර්ෂ්‍යාබාධ පවතින පුද්ගලයන්ගෙන් දරුවාව හැකි තාක් ආරක්ෂා කිරීමට දෙමාපියන් වග බලා ගත යුතුයි.

නිවැසියන්ගේ අධීක්ෂණය හා රැකවරණයෙන් නිවස තුළින්ම ළදරුවාට සුරක්ෂිත ලොවක් තැනීමට කටයුතු කළ යුතුය.

 

Ms. Shyamalee Pathirage

මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා



අදහස් (0)

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site