ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය දිනෙන් දින උණුසුම් වෙද්දී, හෝමූස් සමුද්‍ර සන්ධිය හොඳින් හෝ නරකින් විවෘත කිරීමට ඇමෙරිකාව කටයුතු කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙසේ පැවැසුවේ, අල් ජසීරා පුවත් නාළිකාව සමඟ අදහස් දක්වමිණි. ඇමෙරිකන් සහ ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත. ඇමෙරිකා සහ ඊශ්‍රායල හිතවාදී නැව්වලට සමුද්‍ර සන්ධිය හරහා යෑමටත් ඒමටත් අවසර නොදෙන බව ඉරානය තරයේ පවසා ඇත.

සෙසු රටවල් වන චීනය, ඉන්දියාව, පාකිස්තානය ආදී රටවල භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ තෙල් ප්‍රවාහන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය පසු කිරීමට අවසර දී ඇතැයි ද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසා තිබේ.