සුළගේ  ජලවාෂ්ප එකතු කර ජලය ලබා දීමේ සමත් විසල් මල් පෝච්චියක පෙනුමින් යුතු අපූරු නිර්මානයක් නිපදවීමට ඉතාලි ජාතික නිර්මාපකයෙක් ඉදිරිපත් වී සිටියි.

‘වර්කාවෝටර්‘ නමින් හැදින්වෙන මෙම ව්‍යුහය අඩි 30 ක් පමණ උස් වන අතර එහි සැකිල්ල සම්පූර්ණයෙන්ම ගොඩනඟා ඇත්තේ උණ බම්බු ආධාරයෙනි.උණ බම්බු සැකිල්ල වැසී යන සේ විශේෂ ප්ලාස්ටික් වර්ගයකින් තනා ඇති ඇතිරිල්ලක් අතුරා ඇති අතර එයට වාතයේ ඇති ජල වාෂ්ප එක්රැස් කර ගැනීමේ හැකියාව ඇති බව සදහන්ය.

එළිමහන් ස්ථානයන්හි හොදින් සුළගේ ගැටෙන පරිදි තැනින් තැන තබා දිනයක ඇවෑමෙන් පමණ පසු මෙයින් ගැලූම් 25 ක් පමණ ජල ප්‍රමාණයක් එක්රැස්කර ගත හැකියැයි පැවසේ.

‘වර්කාවෝටර්‘ නිර්මානය කර ඇත්තේ අපි්‍රකාවේ දිය පොදක් සොයාගැනීමට පවා අපහසු අති දුෂ්කර ප්‍රදේශ ඉලක්ක කර වන අතර 2015 වන විට එවන් ප්‍රදේශ පුරා මෙය ඛෙදාහැරීමට අපේක්ෂිතය.

සුළගින් ජලය ‘උත්පාදනය‘ කර දීමේ මේ උපාංගය සෑදීමට වැය වනුයේ ඩොලර් 500 ක පමණ මුදලකි.ඉදිරියේදී ස්වදේශිකයින්ට ඔවුන්ටම මෙය නිර්මානය කර ගැනීමේ දැනුම ලබාදීමට වර්කාවෝටර් නිර්මාපකයා අදහස් කරගෙන සිටී.