
මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය මුහුදට කඩා වැටී ඇති බවත්, අනතුරින් දිවි ගලවා ගත් අමාත්‍යවරයා පැය 12 ක් තිස්සේ පිහිනමින් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගැනීමට සමත් වූ බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.
අනතුර සිදුවෙද්දී 57 හැවිරිදි අමාත්‍ය සර්ජ් ජෙල් සමඟ තවත් 64 දෙනකු හෙලිකොප්ටරයේ සිට ඇත.
හෙලිකොප්ටරය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී ගිය අවස්ථාවේදී එය මුහුදට ඉහළින් පියාසර කරමින් තිබුණු අතර, ඇමැතිවරයා ඇතුළු කිහිප දෙනකු මුහුදට පැන ඇතැයි වාර්තා වේ.
හෙලිකොප්ටර් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස්පති ස්‍ෆිසම්බ්‍රාටා මාධ්‍ය හමුවේ කියා සිටියේ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා නාවික හමුදාව මෛහයුම් ආරම්භ කර ඇති බවය.
පැය 12 ක් තිස්සේ නොකඩවා පිහිනමින්, ගොඩබිමට ළං වූ අමාත්‍යවරයා කඩිනමින් රෝහල් ගත කෙරුණු බවත්, ඔහු දැඩි ලෙස විඩාවට පත් වී සිටි බවත් පොලිස්පතිවරයා පවසා තිබේ.
අනතුරින් මියගිය 22 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් සෙසු පිරිස තවමත් අතුරුදක් බවත් වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.
අමාත්‍ය සර්ජ් ජෙල් හිටපු පොලිස් නිලධාරියෙකි. ඔහු මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා බවට පත් වූයේ පසුගිය අගෝස්තුවේ සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයකදීය.
'ඔහු දක්ෂ පිහිනුම් ශූරයෙක්. හොඳ නිරෝගී තැනැත්තෙක්. අවුරුදු 30 ක තරුණයෙක් වගේ මුහුදේ පිහිනලා පණ බේරා ගත්තා. ඒක සැබැවින්ම විස්මිතයි' යැයි පොලිස්පති ස්‍ෆිසම්බ්‍රාටා පවසා තිබේ.
ඇන්ටනානාරිවෝ (බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එක්කෙනාට මෙහෙම දෙයක් වුණා නම් මුහුදට වැටෙන්න කළින්ම අබ සරණයි.
අපේ ඇමැතියාත් මුහුදට තල්ලු කරමු බලන්න... එයා නාවික හමුදාවේලු පීනලා එයිලු...
අන්න ඒකට අපේ කට්ටිය.. මුහුදට වැටුණා නම් මුහුද ගොඩගලයි දූෂිත වෙලා.. බැරිද ඔය වර්ගයේ හෙළිකොප්ටර් 225ක් ගෙන්නලා දෙන්න...? කීයක් ණය වුණත් රටේ ඉන්න සියලු දෙනාම තම දහඩිය මහන්සියෙන් උපයාගත්දේ සන්තෝසෙ වැඩිකමට සතයක් ඉතුරු නොකර පරිත්‍යාගය කරයි.
අපේ ඇමතියෙක් එහෙම වැටුනා නම් ගෙම්බා පොලවේ ගැහුවා වගේ තමයි
අපෙත් ඉන්නවා පැය ගණන් නොව අවුරුදු ගණන් පිහිනන ඇමතිලා.. හැබැයි වතුරේ නොව සල්ලි වල..
ඇත්තටම ඔහු වීරයෙක්...
ඒකට අපේ අය. සමහරු පීනනවා තියා පයින් යන්නෙත් හරිම අමාරුවෙන්.
ලංකාවේ ඔහොම අනතුරු වෙන්නැද්ද?
අපේ ඇමැතිවරු පිහිනන්න දන්නේ වතුරේ විතරක් නෙවෙයි. මුදල් වලත් පීනන්න දන්නවා..!
අපේ කාලකණ්නි යනකොට වැටෙන්නේ නැහැනේ...
අපේ එක්කෙනාට මෙහෙම දෙයක් වුණොත් මොකද වෙන්නේ...?
අපේ ඇමතිලා නම් මෙන්න කියා පීනාවි පැය 12 ක්... තඩි බඩගෙඩි නිසා හැබැයි යටයන්නේ නම් නැහැ...
සිරි ලංකාවේ මෙහෙම වුණා නම්, ප්‍රභූ සීයලා පවූ...
64? මේක ප්ලේන් එකක්ද? 4 දෙනයි නේද?
මේක කුමන්ත්‍රණයක් වෙන්න ඇති