
ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහාය ඉල්ලා ඇති අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය, හසීනා ඇතුළු 45 දෙනකුට වරෙන්තු නිකුත් කර ඇත.
අරගල සමයේ, අරගලකරුවන් මර්දනය කිරීම, ඔවුන්ට වෙඩි තබන්නැයි පොලිසියට නියෝග කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙසේ වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය පියවර ගත් බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේ එහෙම වුණාට ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ. වැඩේ ගැස්සුන ගමන් අපේ කාඩ් බෝර්ඩ් වීරයා මාලදිවයිනේ සහ තායිලන්තයේ සංචාරය කළා. අප්පචි සහ පවුල තිරුකුනමලේ හමුදා කඳවුරේ සේර්කිට් බංගලාවේ නිවාඩුව ගත කළා. රනිල් රාජපක්ෂ ඇවිත් පිච් එක හැදුවා. සති 2-3 කට පස්සේ අලිබබාගේ නායකත්වය යටතේ හොරු 40 ටීම් එක ඇවිත් නැවත මැච් එක ගැහුවා.