
හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන පාකිස්තාන ජනතා පක්ෂය කැමැත්ත පළ කර තිබේ.
මෙම පක්ෂ දෙක එක් වුවත් බහුතර බලයක් ඔවුන්ට නොමැති බැවින් ස්වාධීන අපේක්ෂකයන් ද හවුල් කර ගැනීමට සිදුවී තිබේ. පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ තම බාල සොහොයුරු ෂෙහ්බාස් ෂරීෆ් බව මුස්ලිම් ලීගය එන් පක්ෂයට නායකත්වය දෙන නවාස් ෂරීෆ් පවසා ඇත.
2022 වසරේ දී, ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා දමා පිහිටුවූ රජයේ අග්‍රාමාත්‍ය වරයා වූයේ ද 72 හැවිරිදි ෂෙහ්බාස් ෂරීෆ් ය. එම රජයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූයේ 35 හැවිරිදි බිලාවිල් බූතෝය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උනුත් එකයි මුනුත් එකයි -මුන් ඔක්කොම හොරු මල්ලි