බල ආදේශයකින් පරිසර හිතකාමී, අසීමාන්තික බලයක් නිපදවීමේ සමත් බලාගාරයක් ඉදිකිරීමට ඇමරිකාවේ හා යුරෝපයේ විද්‍යාඥයින් කටයුතු කරමින් සිටී.
සූර්යයා මත නිපදවෙන ශක්තිය අප දකින්නේ සූර්යාලෝකය ලෙසයි.සූර්යයා මත හයිඩ්‍රජන් පරමාණු 2 ක් එකතුවී හීලියම් පරමාණු එකක් සෑදෙන කි්‍රයාවලියක් නිරතුරුවම සිදුවෙමින් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශක්තිය නිපදවේ.භෞතික විද්‍යාවේදී මෙම කි්‍රයාවලිය හැදින්වෙනුයේ ‘න්‍යෂ්ඨික විඛණ්ඩනය‘ ලෙසය.
පෘථීවියේ දැනට ඇති න්‍යෂ්ඨික බලාගාර වලදී සිදුවන්නේ මෙම කි්‍රයාවලියේ අනෙක් පැත්තය.එනම් එවන් බලාගාර වලදී කිසියම් සංයෝගයක් බිද හෙළා එම බිද හෙළීමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිය නිපදවා ගැනීම සිදුකෙරේ.මේ සදහා යොදාගැනෙන සංයෝග ඉතා අනතුරුදායක වන අතර ශක්තිය උපුදවා ගැනීමෙන් පසු ඉතිරි වන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කළ යුතුවේ.
නමුත් සූර්යයාගේ මතුපිට සිදුවන ක්‍රියාවලිය ආදේශයෙන් නිපදවීමට යන බලාගාර වලින් එවන් අපද්‍රව්‍ය බැහැර වීමක් හෝ පරිසර දූෂණයක් සිදුනොවන බව විද්‍යාඥයින් කියයි.එයට ඉන්ධන ලෙස සැපයිය යුත්තේ හයිඩ්‍රජන් පමණක් වන බවත් එය මුහුදු ජලය විච්ඡේදනය කිරීමෙන් ලබාගත හැකි බවත් ඔවුන් පවසයි.
බලාගාරය සැළසුම් කිරීමේදී නොයෙකුත් බාධා හා අවහිරතා වලට මුහුණදීමට විද්‍යාඥයින් හට සිදුව ඇති අතර ඒ සියල්ල යම් තාක් දුරට හෝ ජයගැනීමට ඔවුන් සමත්ව ඇත.මුලින් ඔවුන් පරීක්ෂණ කරමින් සිටියේ ඇමරිකාවේ පිහිටවූ ‘ජෙට්‘ නම් තාවකාලික බලාගාරයක වන අතර දැන් ප්‍රමාණයෙන් විශාල බලාගාරයක් ප්‍රංශයේ ඉදිකිරීමට ඔවුන් කටයුතු කරමින් සිටී.
2020 වන විට වැඩකටයුතු අවසන් කිරීමට සැළසුම් කර ඇති එයින් මෙගාවොට් 500 ක පමණ බලයක් නිපදවාගත හැකි වනු ඇතැයි සදහන්ය.
නොයෙකුත් ව්‍යාපෘතීන් වලට මුදල් වැය කර සිටින යුරෝපයේ රටවලට හා ඇමරිකාවට මෙම ව්‍යාපෘතිය සදහා වැය වේ යැයි ඇස්තමේන්තු ගත කර ඇති පවුම් බිලියන 17 ක මුදල දැරිය නොහැකි තරම් වන නිසා ව්‍යාපෘතියේ බර දැරීමට ඉන්දියාව,චීනය හා ජපානය වැනි ආසියාතික රටවල් ඉදිරිපත්ව සිටී.
මෙනිසා සොයාගැනීම සිදුකළේ බටහිර වුවද එහි ප්‍රයෝජන මුලින්ම ලබාගනු ඇත්තේ ආසියාකරය බවද පැවසේ.
පර්යේෂණ කටයුතු සාර්ථක වන්නේ ඉතා ඉහළ බලයක් පරිසරයට හානියක් සිදුකිරීමෙන් තොරව උත්පාදනය කර ගැනීමට හැකිවනු ඇතැයිද එය ආනාගතය සදහා වැඩදායක වනු ඇතැයිද විද්‍යාඥයින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ සොයා ගැනීමක්. අනාගතේට ඉතාම වටිනවා. මෙය ඉතාම හොඳ වැඩක්. (ස)
වජ්, ඔයා උසස් පෙල විද්‍යා ගණිත කරන කාලේ ඉගනගත්තේ නැද්ද ඒ ප්‍රතික්‍රියාව සිදුවෙන උෂ්නතවටය ඔරොත්තුදෙන ද්‍රව්‍යක් නොමැති බව. ඔය පරීක්ෂනය අත් හදා බැලුවේ චුම්බක සර්පිලයක අවකාශයේ රැදවූ අංශු මගින්. එ්ත් මහා පරිමාණයෙන් කරන්න ඒ සදහා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාගාරයක් සෑදිය යුතුයි. ඒ ගැන තමයි පරීක්ෂණ කරන්නේ. (නදී)
හප්පේ නිලාට තියෙන ආඩම්බරේ !!(නදී)
විකල්පයක අවශ්‍යතාව වගේම සමගියේ වැදගත්කමත් වටිනවා. (දී)
විකල්ප බල ශක්තියකට යන්න කාලේ හරි (දී)
මෙලෙස විකල්ප ශක්ති ප්‍රභව තිබෙන එක හොඳයි තමයි (නි)
වෙනත් බල ශක්තියකට යන්න පුළුවන් නම් ලොකු දෙයක් (දී)
න්‍යෂ්ඨික විඛණ්ඩනය- පරමාණු එකක් බිද හෙළා පරමාණු 2 ක් හෝ කිහිපයක් සෑදෙන ක්‍රියාවලිය සූර්යයා මත හයිඩ්‍රජන් පරමාණු 2 ක් එකතුවී හීලියම් පරමාණු එකක් සෑදෙන ක්‍රියාවලිය න්‍යෂ්ඨික විලයනයවේ (දී)
දම්මික ඔබ නිවැරදියි. (දී)
පුද්ගලික ජලවිදුලි බලාගාරකාරයෝ අපේ ගංගා ඇළ දොළ වනසනවා. ගමේ වතුර ඔවුන්ට සල්ලි. තාක්ෂණය දියුණු වෙලා එනකොට අපේ ළමයින්ට දකින්න පරිසරයක් නැතිවේවි (නි)
ඉතින් ඕකේ අලුත් දෙයක් නෑනේ.. උසස්පෙල විද්‍යා ගණිත කරපු අයට.. (දී)
අනේ අපට ඕවා එපා... හැදුවේ ඇමරිකාවෙන් නිසා හොඳ උනත් නැතත් එපා... (දී)
මන් මේ බැලුවේ කෝ අර ඇමරිකන් විරෝදී කට්ටිය කියල.... (දී)
අලුත් දෙයක් නැති වුණාට අපි දන්න දෙයින් ප්‍රයෝජන ගන්නෙ නැහැනෙ. අපේ පණ්ඩිතකම් විතරයි. (නි)
මේක හොද පර්යේෂණයක්. අනාගත ලෝකයට වැඩක් වේවි. ලංකාවෙන් ලොකු දෙයක් දෙන්න බේරී හින්ද තේ ටිකක්වත් ඇරලා අපිත් මේ වැඩේට සම්මාදම් වෙමු. (නදී)