බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු කටයුතුවලින් ඉවත් වී, ඇමෙරිකාවේ පදිංචියට ගොස්, වසර 5 කට පසු දැන් යළිත් වරක් බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණ සිටින හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් සම්බන්ධයෙන් තෙවැනි චාල්ස් රජු විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. තෙවැනි චාල්ස් රජු යනු හැරී කුමරුන්ගේත් වත්මත් ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරුන්ගේත් පියාය.

හැරී කුමරු සහ බිරිඳ බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ වුවත්, ඔවුන් රජ පවුලේ ‘වැඩ කරන’ සාමාජිකයන් ලෙස නොසැලකෙන බව, ඔවුන් සාමාන්‍ය බ්‍රිතාන්‍ය වැසියන් දෙදෙනකු ලෙස සලකන බවත් චාල්ස් රජු සිය නිවේදනය හරහා පැහැදිලි කර තිබේ. හැරී කුමරුන් විවාහ වී සිටින්නේ ඇමෙරිකන් නිළියක සමගය. ඇය රංගන ශිල්පිනියක ද වෙයි. 

මත ගැටුම් හේතුවෙන් රජ පවුල සමග බැඳීම් අත්හැර දමා, හැරී කුමරු බිරිඳ සමග ඇමෙරිකාවේ පදිංචියට ගියේ 2020දීය. ඇමෙරිකාවේ පදිංචිය අතහැර යුවළ දරු දෙදෙනා ද සමග යළි බ්‍රිතාන්‍ය බලා පැමිණියේ පසුගිය මාසයේදීය.