ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලයේ දැඩි විරෝධය මැද, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ දින 10 ක් තිස්සේ පැවැත්වූ නාවික යුද අභ්‍යාසය ඊයේ (2) නිමාවට පත්විය.
යුද අභ්‍යාසයේ අවසන් දිනයේ දී කිලෝ මීටර් 200 ක් ඈතට විදිය හැකි ‘කාඬේර්’ සහ ‘නූර්’ නමැති මිසයිල දෙකක් අත්හදා බැලූ බවත් එම මිසයිල අත්හදා බැලීම් ඉතා සාර්ථක වූ බවත් ඉරාන නාවික හමුදාව පවසයි.
ඉරාන නාවික හමුදාව ‘වෙලායෙට් ඊ 90’ යනුවෙන් නම් කළ එම නාවික අභ්‍යාසය ඇරැඹුවේ ඉකුත් 24 වැනිදාය. මැද පෙරදිග තෙල් ප‍්‍රවාහන කටයුතු බහුලව සිදු වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය.
පරමාණු බෝම්බ නිපදවනවා යැයි බොරු චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක් වී තමන්ට එරෙහිව යෙදූ සම්බාධක වහා ඉවත් කර නොගතහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ජාත්‍යන්තර තෙල් ප‍්‍රවාහන කටයුතුවලට බාධා කිරීමට පවා තමන්ට හැකියාව ඇතැයි නාවික යුද අභ්‍යාසය ඔස්සේ ඉරානය ලොවට අනතුරු ඇඟවීමක් ද කළේය.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලය එක් වී ඉරානයට චෝදනා කරන්නේ ඉරානය න්‍යෂ්ටික වැඩ සටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. ඉරානයට එරෙහිව තව තවත් සම්බාධක පැනවීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් පියවර ගෙන ඇත්තේ එහෙයින්ය.
යුද අභ්‍යාසය පැවැත්වෙද්දී ඇමෙරිකා නාවික හමුදාව, මැද පෙරදිග මුහුදු සීමාවේ කි‍්‍රයාත්මක ඔවුන්ගේ හමුදාවේ පස්වැනි බල ඇණිය සහ යුද නැව් පහක් ද හෝමූස් සමුද්‍ර සන්ධියට නුදුරින් සීරුවෙන් තැබීය.
තමන් පවත්වන නාවික යුද අභ්‍යාසයට ඇඟිලි ගැසීමට ඇමෙරිකාවට කිසිදු අයිතියක් නැතැයි ඉරානය එම අවස්ථාවේදී ඇමෙරිකාවට දොස් පැවැරීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන යුද අභ්‍යාසය අවසන්