
ඇමෙරිකන් ප්‍රහාරයෙන් පසු, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය දී ඇත.
ඉරාන පාර්ලිමේන්තුව ඊට අනුමැතිය දී ඇතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සිදු කරනු ඇත්තේ, ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය බව ද පැවැසෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ ඉරානයට උතුරින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට දකුණින් ය.
ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මුහුදු මාර්ගයක් වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියයි. ලෝකයේ සමස්ත බොරතෙල් වෙළඳාමෙන් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදු වෙයි.
මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ ද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය.
මෙම සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ගෝලීය තෙල් සැපයුමට විශාල බලපෑමක් ඇතිවෙයි. තෙල් මිල ඉහළ යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය කොහොමද තනියම එහෙම වහන්නේ? හොමුස් වල කොටසක් ඕමානයට සහ එක්සත් අරාබි රටවලට අයිති නේ.