අනාගතයේ සිදුකෙරෙන අභ්‍යාවකාශ ගවේෂණ කටයුතු වලදී ඉන්දියාව හා අත්වැල් බැද ගැනීමට චීනය කැමැත්ත පළ කර ඇත.

චීනයේ ප්‍රථම සඳ ගවේෂක රොබෝ රෝවරය වන ‘යුටු‘ සඳුදා (2) සාර්ථකව අභ්‍යාවකාශ ගත කිරීමෙන් පසු චීනය මෙසේ අදහස් පළ කර තිබේ.

ඉන්දියාවද පසුගියදා අගහරුගේ කක්ෂය මත රැදවීමට චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කළ අතර ‘මංගලයන්‘ නම් වන මේ චන්ද්‍රිකාව දින 300 ක ගමනකින් පසු අගහරු කරා ළගා වනු ඇති බව සදහන්ය.

අවශ්‍ය වන්නේ අභ්‍යාවකාශ ගවේෂණය තවත් තරගයක් බවට පත්වීම නොව රට රටවල් එකමුතු වී සියලූදෙනාගේ යහපත උදෙසා අභ්‍යාවකාශය ජය ගැනීමේ මෙහෙයුම්හි යෙදීම බව චීනයේ අදහසයි.

‘යුටු‘ රොබෝ රෝවරය රැගත් රොකට්ටුව මේ වන විට සදෙහි කක්ෂයට සාර්ථකව ඇතුල් වී ඇති බව සදහන්ය.මෙම මස මැද භාගයේදී පමණ රොබෝ රෝවරය සද මතටම ගොඩබැස්වීමට නියමිතය.