IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හීනයි හඳයි අතර සම්බන්ධය සොයයි

සිහින දැකීම සඳහා  ආදි මානවයින් අතර ගති සිරිත් එක්කොට සළකා අපූරු පරීක්ෂණයක් කිරීමට බි‍්‍රතාන්‍යය මනෝවිද්‍යාඥයින් පිරිසක් කටයුතු කළහ.

ඔවුන් පවසන ආකාරයට සිහින දැකීමේදී සදෙහි බලපෑමට මිනිසා නතුවේ.විශේෂයෙන් පුර හඳ පවතින දිනයන්හීදී නිදා ගැනීමේ අපහසුතා හා නරක සිහින පෙනෙන්නේයැයි ඔවුන් පුද්ගලයින් 1000 ක් දෙනා ඇසුරෙන් සිදුකර ඇති පර්යේෂණයකින් අනාවරණයව තිබේ.

සඳ හා මිනිසා අතර සම්බන්ධය ඈත අතීතයටම දිව යන්නක් බව සදහන් වේ.ඉතිහාසඥයින් පවසන ආකාරයට ආදි මානවයා දඩයම් සදහා ප‍්‍රිය කර ඇත්තේත් පුර හද පවතින කාලයයි.තවද පුර හද පවතින සමයේදී ආදි මානවයා වඩා විමසිල්ලෙන් සිට ඇත්තේ තමන් ගොදුරු කර ගැනීමට එන මාංශ භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වීමේ අරමුණෙනි.

ආදි මානවයාගේ මේ ගති සිරිත් නූතන මානවයාටද පරිනාමය වී ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.පර්යේෂණයෙන් හෙළිව ඇති ආකාරයට පුර හඳ පවතින සමයෙහි වර්තමාන මානවයා දක්වන හැසිරීම් අතීතයේ ආදි මානවයා දැක්වූ හැසිරීම් හා සමාන වන්නේ යැයි ඔවුහු කියති.

උදාහරණයක් ලෙස දක්වන්නේනම් පර්යේෂණයට සහභාගී වූවන් පුරහඳ පවතින සමයෙහි නිදා ගැනීමට අපහසු බව පැවසීම පැහැදිලි කිරීමට විද්‍යාඥයින් යොදාගෙන ඇත්තේ අතීතයේ ආදි මානවයා පුර හද පවතින සමයේදී ගොදුරු සොයා එන සතුන් පිළිබඳ විමසිල්ලෙන් සිට තිබීමයි.එම පුරුද්ද වත්මන් මානවයාටත් ලැබී ඇති සෙයක් දක්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.

මෙම විද්‍යාඥයින් පිරිස කර ඇති තවත් දෙයක් වන්නේ පර්යේෂණයට සහභාගී වූවන් පිරිසට නිදා ගැනීමට යාමේදී නොයෙකුත් ශබ්දයන් ඇසීමට සළස්වා අනතුරුව ඔවුන් දුටු සිහින වල තොරතුරු ලබා ගැනීමයි.

 

එහිදී හෙළිව ඇත්තේ කුරුළු හඩ,සුළගට ගහ කොළ සෙලවෙන හඩ වැනි ශබ්දයන් අසමින් නින්දට ගිය පුද්ගලයින් සෞම්‍ය සිහිනත්,වාහන නළා හඩ කළබලකාරී නගරයක ඝෝෂාව වැනි ශබ්ද අසමින් නින්දට ගිය පුද්ගලයින් ප‍්‍රචණ්ඩ සිහිනත් දැක ඇති බවයි.

මේ අනුව නින්දට පෙර කිසියම් දෙයක් ඇසීමට සැළැස්වීමෙන් නින්දේදී පෙනෙන සිහිනයේ ස්වරූපය වෙනස් කිරීමට පවා හැකියාවක් තිබෙන බව පෙනෙන්නේයැයි ඔවුහු කියති.



අදහස් (0)

හීනයි හඳයි අතර සම්බන්ධය සොයයි

රංජන් Wednesday, 02 April 2014 10:35 AM

ලංකාවේ අයට එහෙනම් හැමදාම හොඳ හීනම පේන්න ඕන. මොකද ලංකාවේ ස්වභාවික පරිසරයක් තියෙනවා. හොඳට හඳ එළිය වැටෙනවනේ. (ස)

:       0       0

කුමාරි Tuesday, 01 April 2014 11:10 PM

ඕක පරීක්ෂණ කරන්න දෙයක් නැහැ, අනිවාර්යෙන්ම කෙනෙක් නිදා ගන්න කලින් සිතේ තියන සිතිවිලි වලට අනුව තමයි සිහින පෙනෙන්නේ. හැබැයි මොන හේතුවකින් හරි අනාගතේ වෙන්න තියන දේවල් හීනෙන් පෙනෙන අයත් අවන්කවම මේ සමාජේ ඉන්නවා. (දී)

:       0       0

ගුණවර්ධන Wednesday, 02 April 2014 07:15 PM

අනේ දෙයියනේ! අපේ මේ දේශපාළුවන් හඳ සමඟ සම්බන්ධ නිසා වෙන්න ඇති දවල් හීනයි, රෑ හීනයි ගැන කියවන්නේ (නි)

:       0       0

චාමර Wednesday, 02 April 2014 03:21 PM

රන්ජන්, ලංකාවේ අයගෙන් හොඳම හීනෙ පේන්නේ විපක්ෂ නායකතුමාට. (ස)

:       0       0

සරත් Tuesday, 01 April 2014 07:11 PM

ලංකාවෙ නම් පලා බබාලාගේ සිහින සැබෑ වුණා.අපි පුර හඳ බලාගෙනවත් හීන දකිමු (නි)

:       0       0

නිරෝෂා Wednesday, 02 April 2014 09:32 AM

තුන්යම හින දැක දැක මොටදැයි ගෙදර හිද..... රන් කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිව..... (ස)

:       0       0

නලීන් Thursday, 03 April 2014 02:17 PM

හෑමෝම හීන තමා වැඩිපුර දකින්නෙ.පුංචි කාලෙ හඳ මාමා කිරි පැණි ගේනව කියලා දෙමව්පියො කිව්වෙ ඔය හීන ගැන තමා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2041 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site