මාල දිවයිනේ දැනට පවතින දේශපාලන අර්බුදය විසඳීමට මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි බලයෙන් පහ කළ ජනාධිපති නෂීඞ් පවසන නමුත් එය මාලේ අර්බුදයට විසඳුමක් නොවන බව දකුණු සහ මධ්‍යම ආසියාවේ කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් පවසයි.
මාලදිවයිනේ අර්බුදකාරී තත්ත්වය විමසා බැලීමට බ්ලේක් පෙරේදා (11) මාලේ අගනුවරට පැමිණ, හිටපු ජනාධිපති නෂීඞ්, විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ නව ජනාධිති වහීඞ් හසන් ද හමුවී සාකච්ඡා කළේය.
සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පසුබිමක් මේ වනවිට මාලදිවයිනේ නැති බවත් නව ජනාධිපති හසන් යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවත් ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.
හදිසි මැතිවරණයකට යෑමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් වත්මන් රජයේ නිල කාලය අවසන් වන තෙක් මැතිවරණයක් නොපවත්වන බවත් මාලදිවයිනේ නව ජනාධිපති හසන් ද මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරේදා අවධාරණය කළේය. මේ අතර ඉකුත් සතියේ මාලදිවයිනේ පැවැති සිදුවීම් සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවට ද ජනාධිපති හසන් පොරොන්දුවක් ලබා දී තිබේ.
මාලදිවයින වත්මන් රජයේ නිල කාලය අවසන් වන්නේ 2013 වසරේ නොවැම්බර් මාසයයේදීය. මීළඟ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉන් පසුවය. කෙසේ නමුත් හිටපු ජනාධිපති නෂීඞ් පවසන්නේ හසන් ජනපති ධුරයෙන් ඉවත් වන්නේ නම්, මාස දෙකක් තුළදී මහ මැතිවරණයක් පැවැත්වීමට කතානායකවරයාට ඉඩක් ලැබෙන බවය. මැතිවරණයක් පවත්වන්නැයි නව ජනාධිපතිට බල කරන්නැයි ද ඔහු ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර ඇත.
මහ මැතිවරණයක් පවත්වනතුරු දිගින් දිගටම ජනතා රැුලි පවත්වන බවට ද නෂීඞ් ප‍්‍රකාශකර තිබේ.
මාලදිවයින අපරාධ අධිකරණයක් නෂීඞ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති නමුත් එය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.
නෂීඞ්, උප ජනාධිපතිව සිටි හසන්ට බලය පවරා දී ජනපති ධුරයෙන් ඉවත් වීම සාධාරණ අයුරින් සිදුවූයේ ද නැතිනම් කුමන්ත‍්‍රණයක් නිසා සිදුවූයේ ද යන්න සෙවීමට පරීක්ෂණ පැවැත්විය යුතු යැයි ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බටහිර රටවල් සහ පොදු රාජ්‍ය මණ්ඩලය ද ඉල්ලීමක් කර තිබේ. ඊයේ (12) පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ද මාලදිවයිනේ පවතින අර්බුදය සාකච්ඡුාවලට බඳුන් විය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හදිසි මැතිවරණයක් පැවැත්වීම මාලේ අර්බුදයට විසඳුමක් නොවේ