දිනකට වයින් වීදුරු 2 ක් පානය කරන්නේනම් හෘද රෝග වැළදීමේ අවදානම අඩු කර ගත හැකි යැයි බි‍්‍රතාන්‍යය වෛද්‍යවරයෙක් පවසයි.
බි‍්‍රතාන්‍යයේ ස්වින්ඩන්හි ගේ‍්‍රට් වෙස්ටරන් රෝහලේ හෘද රෝග අංශය භාරව කටයුතු කරන වෛද්‍ය විලියම් මැකී‍්‍රට අනුව මද පමණට මධ්‍යසාර පානය කිරීමෙන් සෞඛ්‍යයට අත්වන ප‍්‍රතිලාභයන් බොහෝය.
මෙනිසාම හෙතෙම තම වාට්ටුවේ රෝගීන්ගේ තත්ත්වය සොයාබැලීමට යන කල්හි වයින් බෝතල පිරවූ ට්‍රොලියක්ද රැගෙන යන්නේය.රෝගීන්ගේ සුවදුක් විචාරා හෙතෙම ඔවුන්ට වයින් වීදුරුවකිනුත් සංග‍්‍රහ කරන්නේය.
‘‘වයින්‘‘ ප‍්‍රතිකාරය ලබා දීමෙන් තම රෝගීන් බොහෝමයකගේ හෘද රෝග තත්ත්වයන් සැළකිය යුතු මට්ටමකින් සුව වුනු බව ඔහු කියයි.
සෞඛ්‍යය හා මධ්‍යසාර අතර ඇති සම්බන්ධය පෙන්වීමට ඔහු ගෙන හැර දක්වන්නේ ප‍්‍රංශ ජාතිකයින්ගේ ආහාර පුරුදුය.ඔවුන් මේදය ඉතා අධික ආහාර ගත්තද,ව්‍යායාම ගැන වැඩි සැළකිල්ලක් නොදැක්වුවද, ඔවුන්ට හෘද රෝග අවදානමක් නැති තරම් යැයි ඔහු පෙන්වා දේ.ඔවුන්ගේ රහස ඇත්තේ මධ්‍යසාර,විශේෂයෙන් වයින් පානය කිරීමේ බව වෛද්‍ය මැකී‍්‍රගේ අදහසයි.
නමුත් මධ්‍යසාර පානය කරනවායැයි කියා එය පමණ එක්මවා සිදුකිරීමෙන් සිදුවන්නේ අවැඩක්ම යැයි පවසන ඔහු එය සිදුකළ යුත්තේද මද පමණින් යැයි උපදෙස් දේ.
වෛද්‍ය මැකී‍්‍රගේ මේ අපූරු උපදෙස නළල රැළි ගැන්වීමේ සමත්වූවත් විශේෂඥයින් සොයාගෙන ඇති ආකාරයට වයින් නිපදවීමේ කි‍්‍රයාවලියේදී ඊට එකතු වන ඔක්සිහාරක වලට සිරුරේ ධමනි වල රුධිර කැටි ඇතිවීම වළක්වාලීමේ හැකියාවක් පවතී.ධමනි වල රුධිර කැටි ඇතිවීම යනු හෘද රෝග ඇතිවීමට ප‍්‍රධානතම හේතුවකි.
මෙනිසාම වෛද්‍ය මැකී‍්‍රගේ අපූරු ප‍්‍රතිකාර ක‍්‍රමයද වැඩකට නැතැයි එක්වනම බැහැර කළ යුතු නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දගේ කපටි වැඩ 100% හරි කියලා කියන බෑ. (ස)
හර්ද රෝගීන්ව [ඉබ්බන් දියට දැන්ම වාගේ] කියමනක් තියනවා නේද ,තව අසනීප වලට බහෙත් එහෙ ම සොයගනිද . (දී)
මොනවා බීවත් වැඩක් නෑ ගල් තරන් (අ)
කවුරු කෙසේ කීවත් බීම හොඳ නැත. (අ)
එහෙනම් අපේ වතු දෙමළ ජනතාවගේ හදවත් නිරෝගී ඇති. එයාල තමයි ලංකාවේ වැඩියෙන්ම වයින් බොන්නේ. (ස)
මමනම් මැරුණත් බොන්නේ නැහැ (දී)
ඔය කියන්නේ රතු වයින්. වීදුරු දෙකක් නම් නෙමේ. පින්තුරයේ පෙන්නලා තියෙන්නේ නියම ප්‍රමාණය. මීට වැඩිය බොන්නේ බෙහෙතක් වශයෙන් නොවේ. ඇබ්බැහිය. එවිට නරකක් මිස හොඳක් නොවේ.(නදී)
මේ ජීවිතේ අවුරුදු 5 ක් 6 ක් වැඩිපුර ඉඳලා...අපායේ කල්ප ගණනක් ස්ථිර කරගෙන මැරෙන්න පුළුවන්. කිරල මැනලා බලන්නකෝ වාසි අවාසි. ඊට පස්සේ කරන දේ තීරණය කරන්න. (ස)
සෑම්, කසිප්පු බොන්න කැමති කෙනෙක් වගේ......! (නි)
ඔය වයින් කියන ජාතිය බෝතලයක් බොනකොට, අපේ ගල් අරක්කු වීදුරුවක් ගත්තහම ප්‍රමාණවත් (නි)
මේක බොහොම පරණ කතාවක් බටහිර දොස්තරවරු කියන්නේ ( ලංකාවේ නොවෙයි) පිරිමි කෙනෙක් සුමානය කට ඩ්‍රින්ක්ස් 21 සහ ගැහැණු කෙනෙක් ඩ්‍රින්ක්ස් 14 ගත්තට කමක් නැහැ කියල. හැබැයි දින 5 නොබී ඉඳල සෙනසුරාදා මේ ඔක්කොම එකපාර බොන්න එපා කීවා. ඩ්‍රින්ක් එකක් කියන්නේ මිලි ලීටර් 150 (නදී)
මම යුරෝපයේ වසර 34 ක් ගත කලා. වයින් වර්ග දහස් ගණනක් තියෙනවා විවිද ප්‍රමිතීන්ට. පෙනින්ස් 89 වගේ ගණන්වලටත් ලාබ වයින් තියෙනවා පැකට් කරලා. ඒවා විනාකිරි වගේ. ශරීරයට හොඳ වයින් මිල අධිකයි. මේ ප්‍රචාරය සුද්දගේ කපටි කමක්. (නදී)
අපේ කිතුල් හෝ පොල් රා වලත් ඔය වගේ ගුණයක් තියෙනවද කියල හොයා ගන්න උත්සාහා කරමු (නදී)
ඇල්කොහොල් කියන්නේ කාබනික සංයෝගයක්. ඒවාට රුධිරනාල වල බැඳිලා තිබෙන කොලෙස්ටරෝල් දියකර හැරීමේ හැකියාවක් තිබෙනවා. ඒත් වෛද්‍යවරුන් ලංකාවෙදි නම් ඒ බවක් කියන්නේ නැහැ. හේතුව ලංකාවේ අය බොන්න ගත්තහම සීමාවක් නැහැනේ (නි)
මේකෙන් අපේ දේශීය නිෂ්පාදනය අඩපණ කරන්න නම් එපා (නි)
අද ඉඳලා මමත් බොනවා (නි)
ලෝකයේ පැරණිතම හා පළවෙනිම මධ්‍යසාර නිෂ්පාදනය ආරම්භ වෙන්නේ වයින් වලින් බව ලොවම පිළිගන්නා කරුණකි. එහි ඇති ගුණාත්මක භාවය අනුව අපේ ආරෝග්‍ය ශාලාද ප්‍රතිකාර අනුගමනය කලොත් දිනපතා රෝගීන්න්ගේ පෝලිමේ දුර කොපමණ වේද ? (නදී)
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (නි)
මහත්වරුනි, වයින් බොනවා කියන්නේ අඩුම තරමින් යුරෝපේ නම් යුරෝ පහකටවත් වැඩියෙන් ඉහල මිලකට ඇති බෝතලයක් අරගෙන බොන්න. නැතිනම් බොන්නේ විනාකිරි බව අමතක නොකරන්න. පර්යේෂක තුමාට එය ප්‍රකාශ කල නොහැකිය.(නදී)
එක එක කාලෙට එක එක දෙවල් කියනව කාලයක් පොල්තෙල්වල කොලෙස්ටරෝල් තියෙනව කියලත් කිව්ව නේද (දී)
නිරෝගී වෙන්න කැමතිනම් ප්‍රමාණයට බොන්න. (ස)
සිංහල වෙද්දුන්ගේ අරිෂ්ඨයත් වයින් විශේෂයක් තමා. (ස)
මේ නිවුස් එක හොඳයි අපි වෙනුවෙන් ඉමහත් කැපවීමක් කරන බඩලොකු ඇමතිලාට.... !!!!! අපි වයින් බිව්වොත් අපිට නැති පපුවේ අමාරුත් හැදෙයි. (අ)
අපගේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට පැවතෙන කතාවක් තිබුනනේ ඩ්‍රෑම්ස් දෙකක් ගත්තම සුවදායක බව (නදී)
"මේ ප්‍රචාරය සුද්දගේ කපටි කමක්" එහෙම කියන්න එපා හේතු ඇතිව කතා කරන්න. මම අවුරුද්දකට පාරක් කරන වෛද්‍ය පරික්ෂනයෙදී දොස්තර මහතා අහන ප්‍රස්නයක් තමයි සිගරට් බොනවද මත්පැන් බොනවද බොනවා නම් කොපමණද කියලා. මම බ්‍රැන්ඩි බොන ප්‍රමාණ කියල නවත්වන්නද කියල ඇහැව්වා. දොස්තර කීව එපා කියා. ඔබේ බීමේ ප්‍රමණය සරීරයට හානිකර නැති බවත් කීවා. (නදී)
මේක අපේ දුප්පත් අහිංසක මිනිහෙක් කිතුලක් මැදලා ජිවත් වන එකට ගහන්න දාපු සුද්දගේ උප්පර වැට්ටියක් . අහුවෙන්න එපා ඕවට . (දී)
මමත් හැමද විනේ වීදුරු දෙකක් විතර බොනවා, හැබැයි ඔය තිය වීදුරුවට වට බොහෝ ලොකු වීදුරුවකින් (අ)
ධමනි වලට නම් හොඳ ඇති.නමුත් මධ්‍යසාර නිසා මොලයේ ස්නායු සයිලවිනස වෙන බව මේ ලොක්ක හංගනවා (අ)
අනේ මටත් වයින් බෝතලයක් එවන්න. (ස)
අන්න අපේ කාන්තාවන්ට පෙන්නන්න හොද පුවතක් (දී)
සුභ ආරංචියක් (නි)
දයා, අරිෂ්ට විතරක්ද? ඇයි තරල සාර ? කලකට පෙර ආයුර්වේදයට තරල සාර බෙහෙත් හැටියට ඉල්ලගෙන ආවේ ලෙඩ්ඩු නොවේ. බේබද්දෝ (නදී)
තවත් ව්‍යාපාරයක් (නදී)
වයඹ පලාතේ අපේ ඇමතියෙක් කියයිද දන්නේ නැහැ කසිප්පු වලින් බඩේ අමාරුව හොඳ වෙනවා කියා (නදී)
අපේ රෝහල් වලත් දැන් වයින් දෙන්න ගනීවිද දන්නේ නැහැ නේද. (අ)
වයින් මද්‍යසාර මිශ්‍ර කිරීමට පෙර ඇන්ටි ඔක්සිඩනට් එකක් වෙනවා. ස්වබාවික වයින් වල මද්‍යසාර නැහැ. මී පැණි, ග්‍රීන් තේ, යනාදියද ඇන්ටි ඔක්ෂිඩන්ට් ගණයට වැටෙන තවත් ගුණාත්මක ආදේශන වෙනවා. (නදී)
ලෙස්ලි හර්බට් , කසිප්පු කියන්නෙත් ඇල්කොහොල් නේ. බඩේ අමාරු ඇල්කොහොල් වලට හොඳ වෙනවා. ඉස්සර පොඩි ළමයින්ට බඩේ අමාරුවට ග්‍රයිෆ් වෝටර් කියලා දීපු එකේ තිබුනෙත් ඇල්කොහොල් තමා. (අ)
ඕනෑම දෙයක් සීමාවක් ඇතිව පාවිච්චි කලොත් හරි.එක තමයි රහස.(මුදී)
මේවගේ දේවල් ප්‍රචාරය කිරීම පනින රිලුන්ට ඉනිමන් තැනීමක්. සුද්ද කියන ඕනෙම දෙයක් හරි නොවෙන්න පුළුවන්, මේ ප්‍රකාශය තාම හරි කියල ඔප්පු කරලා නැනේ. (අ)