අතිරේක ඖෂධ ලෙස ගන්නා විටමින් මගින් දරුණු රෝගාබාධවලින් ආරක්ෂා වීමක් සිදු නොවන බව පර්යේෂක‍යෝ පෙන්වාදෙති. අධ්‍යයනයන් දෙකක ප්‍රතිඵල දක්වමින් ඔවුන් මේ බව කියයි. දීර්ඝකාලීනව විටමින් හා ඛණිජ වර්ග ආහාරයට ගැනීම මුදල් අපතේ යැවීමක් බව ඔවුහු කියති.

පළමු පර්යේෂණය සිදුකළ ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් පවසන්නේ හෘදයාබාධවලින් පෙළුණු රෝගීන්ට පෙති ලබා දී වාට්ටුවෙන් නිදහස් කොට යැව්ව ද තවදුරටත් වෙනත් ප්‍රශ්න හමුවේ කිසිදු වෙනසක් නොපෙන්වූ බවයි.

දෙවන අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ වයසට ගිය පුද්ගලයන් විටමින් පෙති අවුරුදු 12ක් පුරා

ගත්ත ද ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය මෙම විටමින් නොගත් අයට වඩා වැඩි වෙනසක් නොපෙන්වූ බවයි. බොහෝ විටමින් අතිරේක මගින් නිදන්ගත රෝග වළක්වාගැනීම හෝ මරණය කල් දැමීම කළ නොහැකියැයි වෛද්‍ය සඟරාවකට ඉදිරිපත් කැර ඇති අධ්‍යයන වාර්තාවේ දක්වා ඇත.