වෙළද පොළට නිකුත් කිරීමට ප‍්‍රථමයෙන් රස කැවිලි වල සාම්පල රස බැලීමට දෙන කර්මාන්තශාලාවක් ජපානයේ සන්ඩා නගරයේ පිහිටා තිබේ.නොමිලයේම ලැබෙන එම අවස්ථාවට හිමිකම් ඇත්තේ කුඩා දරුවන්ටම පමණි.
දරුවන් කර්මාන්තශාලාව කරා රැුගෙන එන දෙමව්පියන්ට එහි ඇතුළු වීමට අවසර නොමැත
.අවසර තිබුණද ඇතුලූ වීමටත් නොහැක්කේ දොර කුඩා දරුවන්ගේ ප‍්‍රමාණයට සාදා ඇති බැවිනි.තම දෙමව්පියන්ට සමුදී කර්මාන්තශාලාවට ඇතුල් වන කුඩා දරුවන් පිවිසෙන්නේ රස කැවිලි වලින් පිරුණු ලෝකයකටය.වෙළදපොළට පවා තවමත් නිකුත් කර නොමැති ‘‘උණු උණු‘‘ රසකැවිලි ඔවුන් ඉදිරියේ ඇත.බලා සැනසීමට නොව ඒවාගේ රසය විදගෙනම සැනසීමට කුඩා දරුවන්ට අවස්ථාව හිමිය.
ඇති පදම් කාබී කුඩාවුන් කර්මාන්තශාලාවෙන් පිටවන්නේ ඔවුන් එන තුරු බලාසිටින දෙමව්පියන් වෙතටය.ඔවුන්ගේ තුරුල්ලට යන කුඩාවුන් කර්මාන්තශාලාවේ තමන් කළ කීදේ ගැන තෝරතෝචියක් නැතිවම කියවයි.
මේ දෙස බලා සතුටුවන්නේ කර්මාන්තශාලාවේ හිමිකරු වන ජපන් ජාතික සුමුසු කොයමාය.
‘‘මේ කාලයේ දෙමව්පියන්ට තමන්ගේම දරුවන් එක්ක පොඞ්ඩක් කතා බහ කරන්න වෙලාව නැහැ.ඒක කුඩාවුන්ට කරන අසාධාරණයක්.මම උත්සාහ කළේ මේ වගේ අවස්ථාවක් දිලා හරි ඔවුන්ට තමන්ගේ දෙමව්පියන් එක්කත්,දෙමව්පියන්ට ඔවුන් එක්කත් අදහස් හුවමාරු කරගන්න ඉඩ සළස්වා දීමයි.මට හරිම සතුටුයි දරුවන් තමන්ගේ දෙමව්පියන්ගේ අත්වල එල්ලිලා කර්මාන්තශාලාව ඇතුලේදී ඔවුන් කාපු බීපු ඒවා ගැන කියව කියව යනවා දකිනකොට‘‘ ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිතේ හැටියට රස කැවිලි කන්න දරුවන්ට ඉඩ
බුද්දිකා Friday, 21 March 2014 09:36 AM
අපේ ලංකාවෙත් කතරගම ඕන තරම් මස්කට් නිකන් කන්ඩ දෙන්නේ.(නදී)