IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හතේ නිවුන්නු හොරාට ගසා බේරෙති

වයස අවුරුදු හතේ නිවුන් දරුවෝ දෙදෙනක් තමන්  පැහැරගෙන යමින් සිටි සොරෙකුට පහරදී බේරුණහ.

තමන් සොරාගේ ඇගඋඩ නැගගෙන ඔහුට පහර දුන්නේයැයිද කරදර උසුලාගත නොහැකිවූ ඔහු අවසානයේ මාර්ගය අයිනේ වාහනය නතර කර තමන්ට ඉන් බැස යන ලෙස කීවේ යැයිද බේරී පැමිණි දරුවෝ දෙදෙන දෙමාපියන් හා පැවැසූහ.

ඇමෙරිකාවේ පදිංචි මෙම දරුවන් දෙදෙනා හා ඔවුන්ගේ එක් අවුරුදු වියැති සොහොයුරා පල්ලියට යෑම සදහා තම පවුලට අයත් මෝටර් රථයේ අසුන්ගෙන සිටියදී එයට එක්වනම ගොඩවී ඇති සොරා මෝටර් රථය පදවාගෙන ගොස් ඇත.

දරුවන්ගේ දෙමව්පියන් මේ වෙද්දී සිට ඇත්තේ නිවසේ වන අතර ඔවුන් එළියට පැමිණි විට දැකගත හැකිව තිඛෙන්නේ දරුවන්ද සමග තමන්ගේ මෝටර් රථය වෙන කෙනෙකුන් පදවාගෙන යන අයුරුයි.වහාම පොලිසිය දැනුම්වත් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

මද වේලාවකට පසු ළමුන් තිදෙන නිරුපද්‍රිතව සොයාගැනීමට හැකිවුනේයැයි ඔවුනට ආරංචියක් ලැබී ඇත.

දරුවන් දෙදෙන වාහනයේ රියැදුරාට පහර දෙමින් යනු මගසිටියවුන්ද දැක ඇත.ඔවුන් සිතා ඇත්තේ රියැදුරා දරුවන්ගේ පවුලේ සාමාජිකයෙකු හෝ ඥාතියෙකු හෝ වන්නට ඇතැයි කියාය.

මේ දක්වා සොරාව සොයාගැනීමට හැකිව නොමැති අතර වැඩිදුර පරීක්ෂණ කි්‍රයාත්මකය.



අදහස් (0)

හතේ නිවුන්නු හොරාට ගසා බේරෙති

බන්දුල Wednesday, 23 April 2014 04:54 PM

රථ වාහන තුළත් සීසීටීවී සවි කළොත් හොඳයි නේද ? (නි)

:       0       0

රූමි Tuesday, 22 April 2014 10:11 AM

ගහන්න එපා බුදු පුතේ කියද්දීත් ගැහුවා අනේ ..... (ස)

:       0       0

අජිත් Tuesday, 22 April 2014 11:51 AM

කට්ටිය හෝම් අලෝන්ග් හොඳට බලල තියනවා වගේ. (ස)

:       0       0

ජමිස් Wednesday, 23 April 2014 02:34 AM

උදේ වරුවේද මහත්තයෝ ඕක වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2040 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site