IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිට්ලර් මදුරුවනුත් යුද්ධයට කැඳවලා

දෙවැනි ලෝක යුද සමයේදී සතුරා අඩපණ කිරීමට මැලේරියා වාහක මදුරුවන්ද යොදාගැනීමට ජර්මනියේ විද්‍යාඥයින් සැළසුම් කර තිබී ඇතැයි හෙළිවිය.

ඩකාවු වද කදවුරෙන් හමුවූ  ලියකියවිලි අධ්‍යයනය කිරීමේදී මේ බව සොයාගැනීමට පර්යේෂකයින්ට හැකිව තිඛෙන අතර ඒවායේ ආයු කාලය වැඩි මැලේරියා වාහක මදුරුවකු සොයාගැනීම පිළිඹඳව කරුණු සදහන්ව ඇති බව ඔවුන් කියයි.

අනතුරුව මදුරුවන් සතුරාට එරෙහිව යොදාගත යුත්තේ කෙසේද,මදුරුවන් කෙසේ සතුරු ප්‍රදේශ වලට මුදාහැරිය යුතුද ආදී කරුණු ගැනත් මෙම ලියකියවිලි වල සදහන් වන්නේයැයි පර්යේෂකයින් පවසයි.

ජර්මනියේ සීත කාලගුණය මැලේරියා වාහක මදුරුවන්ට සුදුසු නොවන බව එදවස විද්‍යාඥයින් දැන සිටි ඇතැයිද එනිසා රුසියාවට මදුරුවන් ගෙන ගොස් මුදාහැරීමේ සැළසුමක් තිබී ඇතැයිද අනාවරණයව තිබේ.

මේ සියල්ල සිදුකෙරී ඇත්තේ රහසිගතව බව පර්යේෂකයෝ කියති. තවද තම උපදේශකයින්ගේ උපදෙස් නොතකා හිට්ලර් කටයුතු කර ඇති බවක් පෙනෙන්නේ යැයිද මදුරුවන් ව්‍යාප්ත කළහොත් තම භටයින්ද රෝගාතුර විය හැකි බව ඔහු අමතක කර ඇති බවක් දැකිය හැකි යැයිද ඔවුන් පවසයි.



අදහස් (0)

හිට්ලර් මදුරුවනුත් යුද්ධයට කැඳවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site