දෙවැනි ලෝක යුද සමයේදී සතුරා අඩපණ කිරීමට මැලේරියා වාහක මදුරුවන්ද යොදාගැනීමට ජර්මනියේ විද්‍යාඥයින් සැළසුම් කර තිබී ඇතැයි හෙළිවිය.
ඩකාවු වද කදවුරෙන් හමුවූ ලියකියවිලි අධ්‍යයනය කිරීමේදී මේ බව සොයාගැනීමට පර්යේෂකයින්ට හැකිව තිඛෙන අතර ඒවායේ ආයු කාලය වැඩි මැලේරියා වාහක මදුරුවකු සොයාගැනීම පිළිඹඳව කරුණු සදහන්ව ඇති බව ඔවුන් කියයි.
අනතුරුව මදුරුවන් සතුරාට එරෙහිව යොදාගත යුත්තේ කෙසේද,මදුරුවන් කෙසේ සතුරු ප්‍රදේශ වලට මුදාහැරිය යුතුද ආදී කරුණු ගැනත් මෙම ලියකියවිලි වල සදහන් වන්නේයැයි පර්යේෂකයින් පවසයි.
ජර්මනියේ සීත කාලගුණය මැලේරියා වාහක මදුරුවන්ට සුදුසු නොවන බව එදවස විද්‍යාඥයින් දැන සිටි ඇතැයිද එනිසා රුසියාවට මදුරුවන් ගෙන ගොස් මුදාහැරීමේ සැළසුමක් තිබී ඇතැයිද අනාවරණයව තිබේ.
මේ සියල්ල සිදුකෙරී ඇත්තේ රහසිගතව බව පර්යේෂකයෝ කියති. තවද තම උපදේශකයින්ගේ උපදෙස් නොතකා හිට්ලර් කටයුතු කර ඇති බවක් පෙනෙන්නේ යැයිද මදුරුවන් ව්‍යාප්ත කළහොත් තම භටයින්ද රෝගාතුර විය හැකි බව ඔහු අමතක කර ඇති බවක් දැකිය හැකි යැයිද ඔවුන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd