දකුණු අපි‍්‍රකාවේ බොට්ස්වානා වනෝද්‍යානයේ සිදු වූ අපූරු සිදුවීමක් යාරූපගත කිරීමට වනෝද්‍යානය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික ඡායාරූප ශිල්පියෙකු වන ක්ලෝඩියා හෝෆ් සමත් විය. ඒ වනෝද්‍යානයේ අතරමං වූ බළල් පැටියෙකු සිංහ රංචුවක් වට කර ගත් අවස්ථාවයි.
බය වූ බළල් පැටියා තම වීරකම් පෙන්වමින් වට කර ගෙන සිටින සිංහයින්ට ගොරවන අයුරුත්, සිංහයන් බළල් පැටියා ඉව කරන අයුරුත් දැක්වෙන ඡායාරූප ඒ අතර වෙයි.
බළල් පැටියාගේ හැසීරීම සිංහයන් ගණන් ගත්තේ නැත. අවසන සිංහයෙක්, බළල් පැටියා කටින් රැගෙන වෙනත් ස්ථානයකට ගමන් ගත්තේය. බළල් පැටියාට, සිංහයන්ගෙන් කිසිදු හිරිහැරයක් සිදු නොවූ බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහයෝ කවදත් අසරණයින්ව කන්නෙ නැහැ (නි)
සිංහයෝ කියන්නේ නිකන්ද? (නි)
හරිම සුන්දර වගේම දුලභ දසුන් පෙළක් (නි)
එතකොට සිංහයා කවුද පූසා කවුද ? (ස)
මගේ අම්මේ හංසික නෝනට කේන්ති ගිහින් තියෙන තරම.. (දී)
බන්දුල අයියේ, ඔයා වගේම මමත් මේ මිනිස්සු වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵල ඔයත් මමත් රටත් විඳිනවා. අද යුද්ධය නැහැ. පාරේ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා තියනවා. ඒ ගැන ආඩම්බරයි. හැබැයි දැන් එන්න එන්නම කරන වැරදි වැඩ ගොඩක් අපි දකිනවා. ඒවාට මැදිහත් සිතින් මුහුණ දෙන එකට වඩා ඔබ ඍජුවම කඩේ යාම ඔබ විසින් ඔබම රවටා ගැනීමක් බව මතක තබා ගන්න. ඔබ නොදකින වටපිටාව මා දකින අතර මා නොදකින වටපිටාව ඔබ දකී. (නි)
මෙතන ජය භූමියක් (දී)
කෙසේවෙතත් ලොකු සිංහයෝ පොඩි සත්තුන්ටත් පරදින අවස්ථා තිබෙනවා. (නි)
මිහිර මහත්තයට ඕනෑ දේ පැහැදිලියි.හිතට දුකයි.මේත් ඉතින් සිංහලයෙක්නේ.. (නි)
මේ ඉන්නේ කැළෑ බළලෙකුගේ පැටියෙක් කියලයි මට හිතෙන්නේ. මම දැකලා තියෙනවා දරුකමට මුව පැටියෙක්ව හදාගන්න සිංහ ධේනුවක්ව.මම හිතන්නේ ඒ මුවා තාම ජීවත්වෙනවා (නි)
බන්දුල මහත්තයා, ඔබතුමා කොහෙන් ගියත් අන්තිමේ නවත්තන්නේ බලය හිමි පාර්ශවයට කඩේ ගිහින්ම තමා. මොනවාද මහත්තයෝ, කොන්ද කෙලින් තියාගෙන කුඹුරක් කොටන්නකො.ගැහැණු අපිටත් ලැජ්ජයි (නි)
දෙගොල්ලම එකම (බිළාල ගෝත්‍රයේ ) කට්ටියනේ. ලොකු පොඩි භේදය විතරයි. (නි)
සිංහ පැටියෙක් වගෙයි පෙන්නේ (දී)
පෙනුමෙන්නම් ටිකක් සමාන උනත් "ඥාව්" ගෑවානම් කපෝතියි.(දිල්)
හංසික නෝනට දුන් අවස්ථාව මම නෝනට දුන් පිළිතුරට දීලා නැහැ.ඒ හින්දා නෝනට දිනුම දෙනවා.මොනවා වුණත් නෝනා පුස් පැටියව හොඳින්ම හඳුනලා තියෙනවා.ඒක සතුටක්. (නි)
මට මේක දැක්කම මතක් වුණේ, පළාත් සභා ඡන්දෙන් පස්සේ එක කට්ටියක් තියපු මාධ්‍ය සාකච්ඡාව. (නි)
හොඳ වෙලාවට සිංහයා ඉඳලා තියෙන්නේ හොඳට බඩ කට පිරෙන්න කාල බීලා වගේ. (නි)
බළල් පැටියෙක්ද, සිංහ පැටියෙක්ද ? (නදී)
ස්තූතියි හංසික. (නි)
මොන සතාගේ වුනත් දරු පැටව දරු පැටවාමයි.ඒ බව මිනිස් ලෝකෙට වඩා සත්ව ලෝකෙන් ආදර්ශ එමටයි නේද? (දී)
සිංහයන්ට අභියෝග කරන පූස් පැටවු මෙහෙත් ඉන්නවා (ස)
බන්දුල පෙරේරාට අනාගතේ බැබලන තරු පේනවා වගේ. (ස)
වන සතුන් උනත් කරුනාවන්තයි.(නදී)
නියම පින්තූර ටික. හරි අසයි බලන්න. මිනිසුන් ලඟ නැති සමහර ගුන මේ දරුනුයි කියන සත්ත්වයින් ලඟ තිබෙනවනේ?(නදී)
මට නම් මතක් වුනේ අර ජිනීවා යෝජනා අපි නම් ගණන් ගන්නේ නැහැ කිව්ව කතාව. ඉතා කෙටි කලකින්ම සිංහයා කව්ද පුසා කව්ද කියල බලාගන්න පුළුවන් වේවි. (ස)
''දරු සුරතල්'' (දී)
හරිම හුරතල් සත්තු (නි)
ඔයාලගේම සනුහරෙන් පැවත එන්නෙක් වෙන්න ඇති අනේ. එයාට හිරි හැර කරන්න එපා හොදේ.(නදී)
සිංහයෝ අසරණයන්ට රිදවන්නේ නැහැ (නි)
ඒ පුස් පැටියා සින්හයින්ට සැර කරනවද කොහෙද (දී)
ඔවු, ඔවු රසිකා, උන් රිදවන්නේ නැහැ, දෙහිවලට සත්තු වත්තට ගිහිල්ල පැනලා බලන්නකෝ. බයවෙන්න එපා සිංහයෝ ගාව තියනවා අසරණයන්ගේ ලිස්ට් එක, ඒක බලල තමයි කරන දෙයක් කරන්නේ. (නදී)
මේ බළල් පැටියා ලොකු වුන කාලෙක, හෙන පොරක් වෙයි, හරියට ලංකාවේ දේශපාලුවෝ ගාව ගැවසෙන හෙන්චයියලා වගේ. මොකද ගැවසෙන්නේ සිංහයෝ එක්කනේ.(නදී)
මට නම් මේ සිදුවීම ඇහුවම දැක්කම මතක් වෙන්නේ පසු ගිය සතියේ තිබුණු මැතිවරනෙන් පස්සේ අපේ අනුර සහෝදරයා තියපු මාධ්‍ය සාකච්ඡාව.(නදී)