ඉතියෝපියාවේ සිට රෝමය දක්වා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් එහි සිටි ඉතියෝපියා ජාතික සහාය නියමුවා මුල්වී පැහැර ගෙන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොඩබස්වා ඇති සිදුවීමක් වාර්තා වේ.
යානයේ ප්‍රධාන නියමුවා වැසිකිළියට ගිය විටෙකදී නියමු කුටියේ දොර අගුලූ ලා අවහිර කර ඇති මේ සහය නියමුවා යානයේ පාලනය තමන් අතට ගෙන ඇතැයි සදහන්ය.මේ අවස්ථාවේ යානය තිබී ඇත්තේ ඉතාලි ගුවන් සීමාවේ වන අතර ඉන්ධන ලබා ගැනීමට යන්නේ යැයි පවසා ඇති සහය නියමුවා හදිසියේවත් යානය පැහැරගැනීමකට ලක්වුවහොත් කි්‍රයාත්මක කිරීමට ඇති හදිසි අනතුරු දැනවීමේ සංඥාවද කි්‍රයාත්මක කර ඇත.මේ බව දැනගත් වහාම අහසට නැඟ ඇති ඉතාලි ප්‍රහාරක යානා 2ක් මගී ගුවන් යානාය ඉතාලි ගුවන් පථයෙන් පිටතට යොමුකරවා ස්විට්සර්ලන්තය බලා පියාසර කරවා ඇතැයි දැක්වේ.
ගුවන් යානය ස්විට්සර්ලන්තයේ ජිනීවා ගුවන්තොටට ගොඩබැස්වා තිඛෙන අතර එහි එන්ජින් නිවා දමා නියමු කුටියේ කවුලූවක් ඇරගෙන එයින් පිටතට පැමිණි සහය නියමුවා කඹයක ආධාරයෙන් බිමට බැස ‘පැහැරගනු ලැබූ‘ගුවන්යානය පිළිගැනීමට සිටි ස්විට්සර්ලන්ත ආරක්ෂක භටයින් කරා ‘මම තමයි ගුවන්යානය පැහැර ගත්තේ. මට ඉතියෝපියාවේ ජීවත් වන්න බැහැ.මට රැකවරණය අවශ්‍යයි‘ යැයි පවසමින් දිව ගිය බව වාර්තාවන්හි සදහන්ය.
මේ සා දෙයක් ගුවන්යානයේ මගීන් ඒ වන තෙක්ම දැන සිට නැත.
ස්විට්සර්ලන්ත බලධාරීන් පවසන්නේ ගුවන් නියමුවාට රැකවරණය ලැබේයැයි විශ්වාස කළ නොහැකි බවයි.ගුවන් යානයක් පැහැර ගැනීම යනු බරපතල ගණයේ අපරාධයක් හෙයින් අධිකරණය ඔහු වැරදිකරු යැයි තීරණය කළහොත් වසර 20 ක සිර දඩුවමක් ඔහුට පැනවෙනු ඇතැයි බළධාරීන් කියයි.
‘පැහැර ගැනීමට‘ ලක්වූ මගීන් 202 දෙනාම හා කාර්යමණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නැතැයි ඉතියෝපියා ගුවන් සේවය සහතික කර තිඛෙන අතර ඔවුන්ව වහාම ඔවුන්ගේ ගමනාන්තයන් බලා පිටත් කර හැරීමට කටයුතු කරමින් සිටිනා බවද පවසා තිබේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සහාය නියමුවා යානය පැහැරගනී