දකුණු අපි‍්‍රකාවේ සිංහ රක්ෂිතයක් නැරඹීමට ගිය සංචාරයක කන්තාවක් අරුම පුදුම අවස්ථාවකට මුහුණ දීමේ සිද්ධියක් වාර්තා වේ.
ඡායාරූපයකට පෙනී සිටි ඇයට, සිංහයකුගෙන් ලැබුණු බලාපොරොත්තු නොවූ සිප ගැනීමයි. ඇය ලිනා ජෙක් (42) නැමැත්තියකි.
රක්ෂිතයට ඇතුළු වීමේදී සංචාරකයින්ට එහි අවදානම තේරුම් කර දෙන අතර මාස 8ට අඩු පැටවුන් සමග පමණක් මිනිස්සුන්ට ළං විය හැකි බවත් පැවසේ.
එහිදී ඡායාරූපයක් ගැනීමට සිතූ ලිනා ඡායාරූපය සඳහා සූදානම් විය. ඒත් සමගම පැමිණි සිහයෙකු ඉදිරිපස ගාත් දෙක ඔසවා ඇගේ ගෙල බඳා ඇගේ හිස සිප ගත්තේය.
එපමණක් නොව දිවෙන් ලිනාගේ කන ලෙව කෑමටද පටන් ගත්තේය. ඒ මාස 8 ක් වයසැති සිංහ දේනුවකි. කිසි දිනක ලබා ගත නොහැකි මේ සියල්ල ඇගේ සැමියා කි‍්‍රස් (50) ඡායාරූප ගත කළේය.
බලාපොරොත්තු නොවූ දෙයින් ලිනා බය වූවත් ඇය එය නොපෙන්වා සිටියේ සිංහයාගෙන් කරදරයක් වේ යැයි බියෙනි. නමුත් මේ අරුම පුදුම අත්දැකීම ඇයට කිසි දිනක අමතක නොවන බව ඇය සතුටින් පැවසීය.
වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන ඔහු මෙතරම් ස්වභාවික අන්දමින් සිටින ඡායාරූපයක් මෙතෙක් ලබා නොගත් බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිංහබාහු නැවත ඉපදිලා වෙන්ඩ ඇති.(දිල්)
ලංකාවේ අපිව සිංහයින් අදුනන හින්ද අපිටනම් කොහොමත් කරදරයක් වෙන එකක් නැහැ නේද?(දිල්)
විස්මිත ඡයාරූපයක්. ඇය සිනාමුසු මුහුණින් සිටීම හිතා ගන්නත් නොහැක.(නදී)