සිංහ පියෙකු පළමු වතාවට තම දරු පැටවුන් මුණගැසෙන අයුරු දැක්වෙන සංවේදී ඡායාරූපයන් පෙලක් අන්තර්ජාලය වෙත එක් කිරීමට ඇමරිකාවේ සෙරෙන්ගෙටි සත්ත්වෝද්‍යානයේ සේවකයෝ කටයුතු කර ඇත්තාහ.
මාස 6 ක් වයසැති කමාලි,සලිකා,හා ඇන්ගලියා යන නම් ඇති සිංහ පැටවුන් තිදෙන තම පියාවන සවාඩි මන්ගු මෙසේ හමුවූහ.ඔවුන්ගේ මව වන නෙකා පසෙකින් සිට බලා සිටියාය.
සවාඩි ප‍්‍රචණ්ඩ පෙනුමැති සිංහයෙකු වුවද ඔහු තම පැටවුන් වහා හදුනාගෙන ඔවුනට ආදර සැළකිලි දැක්වූ බව සත්ත්වෝද්‍යානයේ සේවකයෝ කියන්නෝය.‘‘මමයි රජා‘‘ යැයි ඇගවීමට වරක් දෙවරක් ගෙරවූවද පැටවුන් හමුවේ පියෙකුගේ චරිතයට සවාඩි හොදින් පණ පෙවූ බව ඔවුහු පවසන්නෝය.
මෙම ඡායාරූපයන් ලොව පුරා සත්ත්ව ලෝලිනගේ ආකර්ෂණය දිනා ගැනීමටත් සමත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ අය සංවේදී කියන එකේ තේරුම දන්නේ නැහැ. (ත)
සත්තු , මිනිස්සුන්ට හොද ආදර්ශයක් දීල තියෙන්නේ. (අ)
සත්ව ලෝකයේ පවා ආදරය , සෙනෙහස දෝරගලනවා නේද (දිල්)
රජින්ද නරකද දොස්තර කෙනෙක් මුණගැහුනොත් (අ)
මේක මාර සංවේදියි නේ... දෑසට කඳුලුත් එනවා (දී)
මාස 6ක් යනකම් තාත්තා මොකද කරේ? (අ)
හරිම සුන්දර දසුනක් (ස)
නදී ගංගා තරණයේ.... සැරිසරා සැඩ මාරුතේ... ඉන්ද්‍රකීලයක් සේ.... නොසැලී මා යන මාවතේ... සිංහ ලෝකයේ... සුළං රැල්ලේ දැවටිලා.... මන්ද මාරුතයේ... සොයා යන්නෙමි.... (දී)