තම නිවෙස් ඉදිරියේ අනවසරයෙන් නවතා තබන වාහනවලට දඩුවම් දීමට එංගලන්තයේ බර්මින්හැම් නුවර, එග්බැස්ටොන්හි වීදියක නිවැසියෝ අපූරු උපායක් අනුගමනය කරති.
ඔවුන් දවස පුරාම නිවසේ ගේට්වුව අවහිර කර තබන වාහනවල බොනට්ටුවේ ‘මෝඩයා’ යනුවෙන් සෝස් වලින් ලියයි. ප‍්‍රදේශයේ බලධාරීන්ට කොපමණ පැමිණිලි කරත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා තැන ඔවුන් විසින්ම නිපදවා ගන්නා ලද මෙම නීතිය අනුගමය කරන බව සඳහන් වේ.
විශ්ව විද්‍යාලය, එළිසබෙත් රැජිනගේ රෝහල, කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ආදී පොදු ස්ථාන රාශියක් පිහිටා ඇති බර්මින්හැම් නුවර මිලක් නොගෙවා වාහනය නැවතීමට ඇති එකම වීදිය මෙයයි.
නිවැසියන්ට පමණක් නොව නිවෙස්වල කුණු එකතු කරන ලොරි වලට, එරට රජයේ රාජකාරීවලට පවා මෙයින් බාධා පැමිණෙන බව බලධාරීහු පැවසූහ. කෙසේ වෙත් මේ පිළිබඳ අවධානය යොමු කිරීමට ඔවුන් කටයුතු කරන බවද පැවසේ.
2025 නොවැම්බර් මස 04
74
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝස් ප්‍රතිකාර හරි වගේලු
රෝයි Thursday, 26 December 2013 08:52 AM
එංගලන්තයේත් ජනතාව නිතිය අතට ගෙන කරන වැඩ පේනවා නේද.(නදී)
ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 25 December 2013 03:33 PM
හොඳ ක්‍රමයක්. (ත)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 31 December 2013 01:39 PM
ලංකාවේ පටන් ගනීවි කිව්වට සෝස් වල මිල ගණන් වල හැටියට පාවිච්චි කරන්න වෙන්නේනෑ(දිල්)
ධම්ම Thursday, 26 December 2013 03:18 PM
බලධාරීන්ට කොපමණ පැමිණිලි කරත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගනී. (දිල්)
සුමංගල - ඇල්පිටිය Wednesday, 25 December 2013 08:35 PM
ඔය වගේ එකක් නම් මෙහෙත් හෙටම පටන් ගනීවි.(නදී)
රුවිනි Thursday, 26 December 2013 11:18 PM
බලධාරීන්ට කොපමණ පැමිණිලි කරත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගනී. ලංකාවේ වගේ තමයි.(නදී)
ප්‍රියන්ත Wednesday, 25 December 2013 10:12 PM
දෙයියෝ සාක්කි (දී)