නිවාඩු සමය අවසන් කර සිය ගම්බිම් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු ස්විට්සර්ලන්තයේදී ඊයේ(14) අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් මඟීන් 28 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විසිහතර දෙනකු තුවාල ලබා ඇති බවත් ස්විට්සර්ලන්ත පොලිසිය ප‍්‍රකාශ කළේය.
ස්විට්සර්ලන්තයේ සියරාහි සිට සියොන් නගර අතර පිහිටා ඇති බිංගෙයක් තුළින් ගමන් කරමින් සිටියදී එහි බිත්තියේ වැදීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ. බස් රථය අනතුරට ලක් වූ අවස්ථාවේදී පනස්දෙදෙනකු එහි ගමන් කර ඇත. බස් රථය බිංගෙය තුළින් ගමන් කරන අවස්ථාවේදී හදිසියේම ඇලවීගොස් අසල තිබූ බිත්තියෙහි වැදීමෙන් බසයේ ඉදිරිපස කොටසට දැඩි අලාභහානි සිදුව ඇතිබව සිද්ධිය දුටුවෝ පවසති.
සිද්ධිය සැලවීමෙන් අනතුරුව බෙල්ජියම් අගමැති ඉලියෝ ඩි රූපෝ කියා සිටියේ මෙය බෙල්ජියම කම්පා කළ සිදුවීමක් බවත් අනතුර සිදුවූ ස්ථානයට තමන් හැකි ඉක්මනින් යාමට බලාපොරොත්තු වන බවත්ය.
අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිසිය සහ ගිනි නිවීම් සේවා නිලධාරීන් එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කළ අතර බිංගෙය තාවකාලිකව වසා දැමූහ. එම ස්ථානයට පැමිණි හෙලිකෝප්ටර් යානා සහ ගිලන් රථ මඟින් අනතුරට පත් වූවන් රෝහල් කරා ගෙන යනු ලැබිණි.
අනතුරින් තුවාල ලැබූවන් තමන් මුහුණදුන් භයානක අත්දැකීමෙන් කම්පනයට පත්ව සිටින බවත් ඔවුනට අවශ්‍ය මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය සේවා අංශ සූදානමින් සිටින බවත් එරට රෝහල් ආරංචි මාර්ග පවසයි.
බස් රථ අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බවත් අනතුරින් බස් රථයේ රියැදුරා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිස් ප‍්‍රකාශකයෙකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්විට්සර්ලන්තයේ බස් රථ අනතුරකින් 28ක් මරුට