IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෙල්ලම් නොකළත් කළා වගේ

නිවසේ සිට රූපවාහිනියෙන් ක්‍රීඩා කරමින් සිටිය ද ක්‍රීඩාවක යෙදී සිටිය ද මිනිසකුගේ හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනීමේ වේගය එකසේ වැඩිවන බටහිර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු කැරගෙන ඇත. පසුව එම දර්ශන බැලීම නැවැත්වීමෙන් පසු යළි හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනිමේ වේගය සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ද එම පර්යේෂණ වාර්තාව පෙන්වාදෙයි.

පර්යේෂකයන් පවසන්නේ ශාරීරික ක්‍රියාකාරකම් නරඹන අවස්ථාවේදි ඔවුන්ගේ ස්නායු ක්‍රියාකාරීත්වය ද ඉහළ යන බවයි. ක්‍රීඩා නරඹන විට ස්නායු පද්ධතිය උත්තේජනයවී එමගින් රසනහර, රුධිර වාහිනී සහ අනෙක් පටක ක්‍රියාකාරීත්වය ද ක්‍රීඩාවක යෙදෙන පුද්ගලයකුගේ මෙන් සිදුවන බව පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දැරූ‍ මහාචාර්ය වුනන් මෙස්පිල්ඩ් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

'' මේ හේතුවෙන් ක්‍රීඩා තරගයක් නරඹන අවස්ථාවක දී මිනිසුන්ගේ සිරුරේ ඇති විඩාව හා මානසික ආතතිය නැතිවනවා. එය සැබැවින්ම පුදුම සහගතයි. පරිගණක තිරයේ නිශ්චල ප්‍රතිබිම්භයක් දර්ශන වීමට සළස්වා නරඹන්නාගේ ස්නායු වල ක්‍රියාකාරීත්වය මැන බැලුවා. පසුව අධික වේගයෙන් දිව යන පුද්ගලයකුගේ වීඩියෝවක් නරඹන්නට සළස්වා ඔහුගේ ස්නායුවල ක්‍රියාකාරීත්වය නැවත මැන බැලුවා. මෙහිදී අපට පැහැදිලිව පෙනී ගියා වේගයෙන් ධාවනය වන අවස්ථාවේදී නරඹන්නාගේ හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනීමේ වේගය වැඩිවන බව. "

පර්යේෂකයන් පවසන්නේ තම පරීක්ෂණය සදහා යොදාගත් ස්වේච්ඡා සේවකයා ඉදගෙන නිශ්චලව සිටියදී මේ පරීක්ෂණය සිදුකළ බවයි. ඒ අනුව මෙය මනසින් සිදුවන උත්තේජනයක් බවත් ශරිරයෙන් එයට උත්තේජනයක් නොලැබෙන බවත් පර්යේෂකයන් තහවුරු කැරගෙන ඇත.

ආචාර්ය රිචඩ් බවුන් පවසන්නේ මෙය ශෘගාරාත්මක හැගීම් ඇතිවන විට සිදුවන උත්තේජනයක් මෙන් සිදුවන ස්නායු උත්තේජනයක් බවයි. අනුන්ගේ ක්‍රීඩා නරඹා තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ඇතිකරගත හැකි වුවත් තමන් ක්‍රීඩාගාරයට යාම අත්නොහැරිය යුතු බව ද පර්යේෂකයෝ කියති.



අදහස් (0)

සෙල්ලම් නොකළත් කළා වගේ

පිටබැද්දර ජයා Thursday, 28 November 2013 05:01 PM

නිමල් , ඔය වෙන වෙන දේවල් බලද්දී මටත් ඔය වගේම වෙලා තියෙනවා (නදී)

:       0       0

චින්තක Thursday, 28 November 2013 05:55 PM

අයියෝ ඕක ඔයගොල්ල හොයා ගත්තේ දැන්ද ? අපි නම් එදා ඉඳල දන්නවා . සනත් ජයසුරිය පිටියට ඇවිල්ල බැට් එකෙන් පිච් එකට තට්ටු කරන්න පටන් ගන්නකොටම අපේ හාට් බීට් එක සීය පනිනවා. එහෙම නැත්නම් අපේ මාලිංගය කෙස් වල්ල හොල්ල හොල්ල දුවගෙන එන අඩියක් ගානේ හාට් බීට් එක නගිනවා. (නදී)

:       0       0

ගුණේ Wednesday, 27 November 2013 08:39 PM

මෙයින් සිදුවන්නේ හදවත් රෝගීන් වැඩිවීමයි. තම මාංස පේසි ක්‍රියා කාරිත්වයක් සිදු නොවී ශරීරයේ කොලස්ටරෝල් ඉහල යෑමයි.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 28 November 2013 12:19 PM

වෙන වෙන දේවලුත් බැලුවම ඔය කියන විදිය වගේම තමයි. (ස)

:       0       0

නිමල් Thursday, 28 November 2013 12:46 PM

මේක පුදුම වෙන්න දෙයකුත් නෙවීයි, ටිවී එකේ රස කෑමක් දැක්කම කටට කෙල උනනවා. වෙන දෙයක් දැක්කම තව තව දේවල් වෙනවා වගේ මේකත් එහෙම වෙන දෙයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site