නිවසේ සිට රූපවාහිනියෙන් ක්‍රීඩා කරමින් සිටිය ද ක්‍රීඩාවක යෙදී සිටිය ද මිනිසකුගේ හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනීමේ වේගය එකසේ වැඩිවන බටහිර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු කැරගෙන ඇත. පසුව එම දර්ශන බැලීම නැවැත්වීමෙන් පසු යළි හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනිමේ වේගය සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ද එම පර්යේෂණ වාර්තාව පෙන්වාදෙයි.
පර්යේෂකයන් පවසන්නේ ශාරීරික ක්‍රියාකාරකම් නරඹන අවස්ථාවේදි ඔවුන්ගේ ස්නායු ක්‍රියාකාරීත්වය ද ඉහළ යන බවයි. ක්‍රීඩා නරඹන විට ස්නායු පද්ධතිය උත්තේජනයවී එමගින් රසනහර, රුධිර වාහිනී සහ අනෙක් පටක ක්‍රියාකාරීත්වය ද ක්‍රීඩාවක යෙදෙන පුද්ගලයකුගේ මෙන් සිදුවන බව පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දැරූ මහාචාර්ය වුනන් මෙස්පිල්ඩ් කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
'' මේ හේතුවෙන් ක්‍රීඩා තරගයක් නරඹන අවස්ථාවක දී මිනිසුන්ගේ සිරුරේ ඇති විඩාව හා මානසික ආතතිය නැතිවනවා. එය සැබැවින්ම පුදුම සහගතයි. පරිගණක තිරයේ නිශ්චල ප්‍රතිබිම්භයක් දර්ශන වීමට සළස්වා නරඹන්නාගේ ස්නායු වල ක්‍රියාකාරීත්වය මැන බැලුවා. පසුව අධික වේගයෙන් දිව යන පුද්ගලයකුගේ වීඩියෝවක් නරඹන්නට සළස්වා ඔහුගේ ස්නායුවල ක්‍රියාකාරීත්වය නැවත මැන බැලුවා. මෙහිදී අපට පැහැදිලිව පෙනී ගියා වේගයෙන් ධාවනය වන අවස්ථාවේදී නරඹන්නාගේ හෘද ස්ඵන්ධනය හා හුස්ම ගැනීමේ වේගය වැඩිවන බව. "
පර්යේෂකයන් පවසන්නේ තම පරීක්ෂණය සදහා යොදාගත් ස්වේච්ඡා සේවකයා ඉදගෙන නිශ්චලව සිටියදී මේ පරීක්ෂණය සිදුකළ බවයි. ඒ අනුව මෙය මනසින් සිදුවන උත්තේජනයක් බවත් ශරිරයෙන් එයට උත්තේජනයක් නොලැබෙන බවත් පර්යේෂකයන් තහවුරු කැරගෙන ඇත.
ආචාර්ය රිචඩ් බවුන් පවසන්නේ මෙය ශෘගාරාත්මක හැගීම් ඇතිවන විට සිදුවන උත්තේජනයක් මෙන් සිදුවන ස්නායු උත්තේජනයක් බවයි. අනුන්ගේ ක්‍රීඩා නරඹා තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ඇතිකරගත හැකි වුවත් තමන් ක්‍රීඩාගාරයට යාම අත්නොහැරිය යුතු බව ද පර්යේෂකයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් , ඔය වෙන වෙන දේවල් බලද්දී මටත් ඔය වගේම වෙලා තියෙනවා (නදී)
අයියෝ ඕක ඔයගොල්ල හොයා ගත්තේ දැන්ද ? අපි නම් එදා ඉඳල දන්නවා . සනත් ජයසුරිය පිටියට ඇවිල්ල බැට් එකෙන් පිච් එකට තට්ටු කරන්න පටන් ගන්නකොටම අපේ හාට් බීට් එක සීය පනිනවා. එහෙම නැත්නම් අපේ මාලිංගය කෙස් වල්ල හොල්ල හොල්ල දුවගෙන එන අඩියක් ගානේ හාට් බීට් එක නගිනවා. (නදී)
මෙයින් සිදුවන්නේ හදවත් රෝගීන් වැඩිවීමයි. තම මාංස පේසි ක්‍රියා කාරිත්වයක් සිදු නොවී ශරීරයේ කොලස්ටරෝල් ඉහල යෑමයි.(නදී)
වෙන වෙන දේවලුත් බැලුවම ඔය කියන විදිය වගේම තමයි. (ස)
මේක පුදුම වෙන්න දෙයකුත් නෙවීයි, ටිවී එකේ රස කෑමක් දැක්කම කටට කෙල උනනවා. වෙන දෙයක් දැක්කම තව තව දේවල් වෙනවා වගේ මේකත් එහෙම වෙන දෙයක්. (ස)