වෙනිසියුලාවේ දැවෙන නිවාස ගැටලූවට විසදුමක් ලෙස එරට සිටින දේපළ හිමි පුද්ගලයින් සතු නිවාස රජයට පවරා ගැනීමේ නීතියක් ස්ථාපිත කිරීමට වෙනිසියුලා ජනපති නිකොලස් මදුරෝ සැරසෙයි.

නව නීතිය  අනුව කිසියම් පුද්ගලයෙකු වසර 20 කට වැඩි කාලයක් එකම නිවසේ ජීවත්ව ඇත්නම් එම නිවස අනිවාර්යයෙන්ම විකුණා දැමිය යුතුවේ.නිවස තමන් සතුවම තබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් රජය වෙත මුදලක් ගෙවිය යුතු වන අතර දින පහ ඇතුළත මුදල් ගෙවීමට අපොහොසත්වන්නේ නම් හෝ නිවස විකුණා දැමිීමට හෝ අපොහොසත් වන්නේ නම් රජය බලහත්කාරයෙන් නිවස අත්පත් කර ගනු ඇත.

නිවෙස් හිමියන්ට තම නිවෙස් විකිණිය හැකි සාධාරණ මිල ගණන්ද රජයම සපයා දී තිබේ.

ජනපතිවරයාගේ මෙම තීරණයට රට පුරා නිවෙස් හා දේපළ හිමියන්ගේ දැඩි විරෝධය පළව ඇති අතර ඔවුන් පවසන්නේ දැන් වෙනිසියුලාවේ නිවෙස් වෙළදාමටත් කළු වෙළඳපොළක් ඇති වනු ඇති බවයිි.වසර ගණනක් තිස්සේ නිවාසයක පදිංචිව සිටින්නේ බොහෝ විට මහලූ පුද්ගලයින් බවත් ඔවුන් පාරට ඇද දමා රජය නිවාස ගැටලූව සපුරා ගැනීමට යන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන බවත් ඔවුහු කියති.

පසුගිය වසර 15 පුරාවටම වෙනිසියුලාවේ නිවාස ගැටලූව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති අතර මෑතකදී ඇතිවුනු ගංවතුරෙන් තවත් ලක්ෂ ගණනක් දෙනාට උන්හිටි තැන් අහිමි වීමෙන් තත්ත්වය තවත් බරපතලව තිබේ.

හිටපු ජනපති හියුගෝ චාවේස් නිවාස ගැටලූවට පිළියම් ලෙස මහල් නිවාස තනා දීම ආරම්භ කළද ඒවායින් බලාපොරොත්තුවූ තරම් ප්‍රතිඵලයක් අත්ව නොමැති බව සදහන්ය.