චීනයේ නිරිතදිග ජියන්ෂි ගම්මානයේ ගම්වැසියන් අලූත් අවුරුද්ද පිළිගත්තේ යුවාන් මුදල් නෝට්ටු මිටි වලින් තැනුණු මීටර් 2 ක් පමණ උස ‘‘මුදල් තාප්පයක්‘‘ මත නැඟීමෙනි.
මෙම තාප්පයේ වටිනාකම යුවාන් ලක්ෂ 130 ක්(රුපියල් කෝටි 28.05) පමණ බව සදහන්ය.
ජියන්ෂි ගම්මානයේ වැසියන් සියලූදෙනාම පාහේ ප‍්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක මුදල් ආයෝජනය කර ඇත.ඔවුන්ට කෘතගුණ දැක්වීමක් ලෙස එම සමාගම සෑම වසරක් ආරම්භයේදීම ගම්වැසියන්ට පාරිතෝශික දීමනාවක් ලබා දේ.මෙවර සමාගම අධික ලෙස ලාභ ලැබීම නිසා ගම්වැසියන්ගේ පාරිතෝෂිත දීමනාවද දෙගුණ තෙගුණ වී තිබේ.
මේ දුටු තවත් පුද්ගලයින් මේ සා පාරිතෝෂික දීමනාවක් ලැබීමට තමන්ටත් අවස්ථාව ලබා දිය හැකිදැයි ජියන්ෂිහි ගම්පතිගෙන් විමසා තිබෙන අතර ඔහු ඔවුන්ට පිළිතුරු දී ඇත්තේ ජියන්ෂි ගම්මානයෙන් ආවාහ විවාහ කරගන්නේ නම් පමණක් පාරිතෝෂික ලැයිස්තුවට ඔවුන්ගේ නම් ඇතුළත් කළ හැකි යැයි බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd