IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියාවේ හොම්ස් නුවර දරුණු ගැටුම්

බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණවල කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන හොම්ස් නුවර පසුගිය තෙදින තිස්සේ පැවැති ගැටුම්වලින් 300 දෙනකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. සිරියා ආරක්ෂක අංශ පවසන්නේ ඔවුන් ගැටුම් ඇති කර ගන්නේ ආයුධ සන්නද්ධ කැරැලිකාර කණ්ඩායම් සමඟ මිස සිවිල් වැසියන් සමඟ නොවන බවය. සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් ඉවත් කිරීමට ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය ප‍්‍රමුඛ බටහිර රටවල් සහ අරාබි ලීගය එක්වී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඉදිරිපත් කළ යෝජනාවලියට චීනයත් සහ රුසියාවත් විරුද්ධ වීමත් සමඟ රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. චීනය සහ රුසියාව එක්වී එම යෝජනාව පරාජය කිරීම ‘අමු අමුවේ මිනීමැරීමට සිරියා රජයට බලපත‍්‍රයක් ලබා දීමක්’ යැයි සිරියා විපක්ෂ කණ්ඩායම් චෝදනා කරයි. සිරියා අර්බුදයට මාස 11 ක් ගතවී ඇත. එය ආරම්භ වූයේ ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන් සහ ලිබියාවෙන් ඇරැඹි රාජ්‍ය විරෝධී ජනතා නැගී සිටීම් ඔස්සේය. සිරියා ජනාධිපතිට වහා බලයෙන් ඉවත් වන්නැයි බලකරමින් දහස් ගණනින් රට පුරා විරෝධතා පවත්වන අතර එම පිරිස් මර්දනය කිරීමට ජනපති අසාද් හමුදාව සහ පොලිසිය යොදවයි. බලය අත්හැරීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති අසාද් පවසන්නේ තම හමුදා සටන් වදින්නේ රජය පෙරළන්න උත්සහ ගන්නා සන්නද්ධ කල්ලි සමඟ බවය. එම සන්නද්ධ කල්ලිවලට ආයුධ ලබා දෙන්නේ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය යැයිද අසාද් චෝදනා කරයි. සිරියාවේ ලේ වැගිරීම් නතර කර අසාද් බලයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ එම යෝජනාව, රුසියාවත් චීනයත් නිෂේධ බලය යොදා පරාජය කිරීම සිරියා විපක්ෂ කණ්ඩායම්වල මෙන්ම බටහිර රටවල කෝපයටත් දැඩි විරෝධයටත් හේතු වී තිබේ. එම යෝජනාවලිය සකස් කරනු ලැබුවේ අරාබි ලීගයයි.



අදහස් (0)

සිරියාවේ හොම්ස් නුවර දරුණු ගැටුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site