IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියාවේ ඩමස්කස් අගනුවර බෝම්බ 2 ක් පිපිරී 27 ක් මරුට

සිරියාවේ ඩමස්කස් අගනුවර පෙරේදා (17) අධි බලැති බෝම්බ දෙකක් පුපුරා ගිය අතර 27 දෙදෙනකු ඊට බිලි විය. තුවාල ලැබූ ගණන 140 කට වැඩිය. බෝම්බ පුපුරා ගියේ අගනුවර, අපරාධ පොලිස් දෙපාර්තමේන්තු සහ ගුවන් ආරක්ෂක බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිලි ඉදිරිපිටදීය. සිරියා ආරක්ෂක අංශ පැවැසුවේ පුපුරා ගියේ කාර් බෝම්බ දෙකක් බවය. බෝම්බ ප‍්‍රහාරවලින් අසල පිහිටි ගොඩනැගිලි සහ මෝටර් රථ රැසක්ද මුළුමනින්ම විනාශ විය. තුවාල ලැබූවන්ගෙන් පනස් දෙනකුගේ තත්ත්වය බරපතළ බව සිරියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමත්‍යාංශය පවසයි. එම බෝම්බ ප‍්‍රහාරය සිරියා විපක්ෂ කණ්ඩායම් සමඟ එක්වී රට අස්ථාවර කිරීමට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන ‘ත‍්‍රස්තවාදීන්ගේ’ කුරිරු කි‍්‍රයාවක් යැයි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් පවසයි. කෙසේ නමුත් ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු බාර ගෙන නැත. මීට දින කීපයකට පෙර සිරියාවේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන අලෙප්පෝ නගරයේද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් සිදුවිය.  සිරියාවේ පවතින ගැටුම්වලින් 8,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව 2,30,000 කට වැඩි පිරිසක් සිරියාවෙන් පලා ගොස් අසල්වැසි රටවල සරණාගතයන් ලෙස ජීවත් වෙති.



අදහස් (0)

සිරියාවේ ඩමස්කස් අගනුවර බෝම්බ 2 ක් පිපිරී 27 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site