IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සිරියානු මෙහෙයුමේ අවසන් අදියර

වසරකට අධික කාලයක් තිස්සේ ඔඩු දුවමින් පවතින තුවාලයක් වැනි සිරියාවේ අභ්‍යන්තර අර්බුදය එහි පාලකයන් වෙනස් කිරීමේ අවසන් අදියර කරා ළං වෙමින් පවතින බව පෙනේ. තුර්කිය දමස්කස් නගරයේ ඇති තම තානාපති කාර්යාලය වසා දමා එහි නිලධාරීන් ආපසු කැඳවා ඇති අතර මේ සතියේ දී තුර්කි අගනුවර වන ඉස්තාම්බුල් නගරයේ දී සිරියානු වියත් කණ්ඩායම් සමඟ ඉදිරි වැඩ පිළිවෙළ ගැන සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතය. එක්සත් ජනපදය ඇතුළු නේටෝ රටවල් හා ගල්ෆ් සහයෝගිතා රටවල් ඊට සහභාගි වෙති. එහි දී තුර්කිය පදනම්ව ක‍්‍රියාත්මක වන සිරියානු ජාතික කවුන්සිලයට හා එහි අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වන නිදහස් සිරියානු හමුදාවට ලබා දෙන ආධාර සම්බන්ධීකරණය වන ආකාරයත් සාකච්ඡා වන බව වාර්තා වේ. ජනාධිපති අසාඞ්ගේ හමුදාව අතහැර පැමිණි සෙබළුන්ගෙන් හා විවිධ සටන්කාමී කණ්ඩායම්වලින් සමන්විත නිදහස් සිරියානු හමුදාවට එක්සත් ජනපදය අවි ආයුධ ලබා නොදෙන නමුත් උපාය මාර්ගික  වශයෙන් වැදගත් සන්නිවේදන උපකරණ ලබා දීමට සූදානම් යැයි දැනටමත් ප‍්‍රකාශ කර ඇත. ලිබියාවට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමේ දී අවශ්‍ය ඉලක්ක තෝරා ගැනීමට පහසු වූයේ මෙවැනි සන්නිවේදන උපකරණ නිසාය. එක්සත් ජනපදය හා නේටෝ රටවල් හා ගල්ෆ් කලාපයේ රටවල් සිරියාවේ මිතුරන් නමින් තුර්කියේ දී රැස් වන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් සිරියාව සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ නියෝජිත කොෆි අන්නන්ගේ දූත මෙහෙය තීරණාත්මක අවස්ථාවකට ළඟා වෙමින් තිබියදීය. එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයකු වූ අන්නන් සිරියාව සම්බන්ධයෙන් කරුණු හයක් යටතේ ඉදිරිපත් කළ යෝජනාවට සිරියාව ද සහාය දක්වන බව ප‍්‍රකාශ කර ඇති අතර කලින් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී සිරියානු යෝජනාවකට නිෂේධ බලය යොදා ප‍්‍රතික්ෂේප කළ රුසියාව හා චීනය ද ඊට කැමැත්ත පළ කර ඇත. සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කිරීම, ජනාකීර්ණ ප‍්‍රදේශවලින් යුද ටැංකි ඇතුළු බර අවි ඉවත් කිරීම හා මානුෂිකවාදී සහන සැපයීමට ඉඩ පහසුකම් සැලසීම වැනි කරුණු ඇතුළත් මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීම හදිසි අවශ්‍යතාවක් සේ දකින අන්නන් එහෙත් කාලවකවානු පැනවීම හා සම්බාධක පැනවීම මගින් ප‍්‍රශ්නයට විසඳුමක් ලබාගත නොහැකි යයි පවසයි. ඔහු සිය යෝජනාවලට සහාය ලබා ගැනීම සඳහා රුසියානු හා චීන නායකයන් ද හමු වූයේය. මීට පෙර අරාබි ලීගයෙන් ද දූත කණ්ඩායමක් සිරියාවට යවා ගැටුම් වළක්වා සාකච්ඡුාමය විසඳුමක් ලබා ගැනීමට උත්සාහයක් ගන්නා ලදී. සති කීපයක් සිරියාවේ අගනුවර හා ගැටුම් පවතින හෝම්ස් නගරයේ රැඳී සිටි එම කණ්ඩායමෙන් ඉදිරිපත් වූයේ ද මීට සමාන යෝජනා වුවත් අරාබි ලීගය එම දූත කණ්ඩායම ආපසු ගෙන්වා ගත් නිසා එම උත්සාහය ව්‍යර්ථ විය. ඔවුන්ගේ නිරීක්‍ෂණය වූයේ සිරියානු රජයෙන් මෙන්ම විපක්‍ෂයේ සන්නද්ධ කණ්ඩායම්වලින් ද අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සිදු වන නිසා දෙපාර්ශ්වයම ගැටුම් වැළකීමට පියවර ගත යුතුය යන්නයි. එහෙත් අරාබි ලීගයේ ප‍්‍රධාන රටවල් වන සෞදි අරාබිය හා කටාර් වැනි රාජ්‍යයන්ගේ මතය වූයේ ජනාධිපති අසාඞ්ගේ රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට වඩා ඔහු බලයෙන් ඉවත් වීම ගැන න්‍යාය පත‍්‍රයක් සැකසිය යුතුය යන්නයි. එම නිසා මේ අවස්ථාවේදීත් කොෆි අන්නන්ගේ යොජනාවලට ජනාධිපති අසාඞ් සිය කැමැත්ත ප‍්‍රකාශ කළත් විපක්‍ෂ කණ්ඩායම් හා ඔවුන්ගේ සහායට ඉදිරිපත් වන අනෙකුත් රාජ්‍යයන් කුමන ප‍්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න සැක සහිතය. ජනාධිපති අසාඞ් බලයෙන් ඉවත්ව විපක්‍ෂ කණ්ඩායම්වලට පාලන බලය පිරිනමන විසඳුමකට හැර වෙනත් දෙයකට ඔවුන් එකඟ වන්නේ යැයි සිතිය නොහැක. කෙසේ වුවත් පාලකයන් වෙනස් කිරීමට වඩා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් සඳහා දැයේ මෙම විරෝධතා ව්‍යාපාරය දැන් වඩාත් ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බව පැහැදිලිය. මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර, රජයේ ගොඩනැගිලි හා පොදු පහසුකම් ඉලක්ක කර ගත් බෝම්බ ප‍්‍රහාර නිතර වාර්තා වන අතර ඉන් සිදු වන ජීවිත හා දේපොල හානි ද ඉහළ යයි. මාර්තු 16 වැනි දින ඩමස්කස් නගරයේ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් 27 දෙනකු මිය ගිය අතර තවත් 140ක් තුවාල ලැබූහ. තවත් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර කීපයක් ව්‍යර්ථ කළ බව ද වාර්තා වේ. මේ අතර සිරියානු රජයේ හමුදා ජනාකීර්ණ ප‍්‍රදේශවලට එල්ල කරන ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින් අහිංසක ජනතාව සිය ගණනක් මිය යන බව ද විපක්‍ෂ කණ්ඩායම් පවසති. දශක හතරකට අධික කාලයක් මර්දනකාරී පාලනයක් පවත්වා ගෙන යන බාත් පක්‍ෂයට එරෙහිව ජනතා නැගිටීම් ඇති වීම පුදුමයට කරුණක් නොවේ. මීට පෙර හෝම්ස් නගරයේ එවැනි උද්ඝෝෂණයක් හටගත් අතර සිරියානු පාලකයන්ට ඒවා පහසුවෙන් යටපත් කළ හැකි විය. එවිට ප‍්‍රබල ජත්‍යන්තර විරෝධයක් මතු වූයේ ද නැත. එහෙත් මෙවර සිරියාවට එරෙහිව ඇති ජාත්‍යන්තර බලවේග වඩාත් ශක්තිමත් සංවිධානය වී සිටින අතර මැදිහත් වීමකට සුදුසු පසුබිමක් ගොඩ නැගී ඇත. එම නිසා ජනාධිපති බෂීර් අසාඞ්ට ගත හැකි විකල්ප ක‍්‍රියා මාර්ග දිනෙන් දිනම සීමා වෙමින් පවතී. එවැනි පසුබිමක රුසියාව හෝ චීනය ජනාධිපති අසාඞ්ගේ සහායට දිගටම ඉදිරිපත් වන්නේ ද යන්න සැක සහිතය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනන් සිරියානු ජනාධිපති හා බිරිය ජනමත විචාරනයට ඡන්දය ප‍්‍රකාශ කරමින් තුර්කියේ වෙසෙන සිරියානු ජනතාව අසාඞ්ට විරෝධය පළකරමින් තුර්කි අගමැති සිරියානු අවතැන් පිරිසක් තුර්කි දේශ සීමාවේ



අදහස් (0)

සිරියානු මෙහෙයුමේ අවසන් අදියර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 96 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site