කුවේට්, ලන්ඩන් සහ කයිරෝ නුවර පිහිටි සිරියා තානාපති කාර්යාලවලට කලහකාරී පිරිස් පෙරේදා (4) ප‍්‍රහාර එල්ල කළහ. ප‍්‍රහාර එල්ල කළේ ඒ ඒ රටවල වාසය කරන සිරියා ජාතිකයන් බවත් සිරියා ජාතික ධජ අතැතිව පැමිණි ඔවුන් සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව විරෝධතා පවත්වන්නන් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. විරෝධතාකරුවන්ගේ ප‍්‍රහාරවලින් බරපතළ ලෙස හානි සිදුවූයේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිරියානු තානාපති කාර්යාලයටය. එකසිය පනහකට ආසන්න පිරිසක් හිටිහැටියේ කඩා වැදී තානාපති කාර්යාලයට පහර ගිනි තැබූ බව කයිරෝ පොලිසිය පවසයි. ලන්ඩන් නුවර සිරියා තානාපති කාර්යාලයට ද එකසිය පහනකට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් කඩා වැදීමට උත්සාහ කළහ. එම අවස්ථාවේ, වහා කි‍්‍රයාත්මක වූ ලන්ඩන් කැරැලි මර්දන පොලිස් නිලධාරීන් එම පිරිස් විසිරුවා හැරිය බවද වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියා තානාපති කාර්යාලවලට ප‍්‍රහාර