අති ප‍්‍රබල සූර්ය කුණාටුවක් පෙරේදා (7) සවස පෘථිවි වායුගෝලයට කඩා වැදුණු අතර එයින් චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය. සූර්ය කුණාටුවක් යනු සූර්යයාගෙන් නිකුත් වන ආරෝපණ අංශුවලින් සමන්විත සූර්ය සුළංවලින් නිර්මාණය වන්නකි. මෙය පියවි ඇසට නොපෙනේ. ඒවා නිර්මාණය වන්නේ සූර්යයා තුළ සිදුවන පිපිරීම් සහ සූර්යාගෙන් ගිනිදැල් නිකුත් වීමේදීය. මේ අයුරින් ප‍්‍රබල සූර්ය කුණාටුවක් මීට පෙර පෘථිවිය දෙසට හමා ආවේ මීට වසර 5 කට පෙරයැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති. පෙරේදා හටගත් සූර්ය කුණාටුවේ බලපෑමට ලක් වූයේ මධ්‍යම ආසියාවය. ආරෝපණ අංශුවලින් පිරි සූර්ය සුළං පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී පෘථිවි චුම්භක ක්ෂේත‍්‍රයට බලපෑමක් ඇති වන බවත් අහස විවිධ වර්ණවලින් හැඩ ගැන්වෙනු ඇති බවත් නාසා විද්‍යාඥයෝ ප‍්‍රකාශ කළහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd