අති ප‍්‍රබල සූර්ය කුණාටුවක් පෙරේදා (7) සවස පෘථිවි වායුගෝලයට කඩා වැදුණු අතර එයින් චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය. සූර්ය කුණාටුවක් යනු සූර්යයාගෙන් නිකුත් වන ආරෝපණ අංශුවලින් සමන්විත සූර්ය සුළංවලින් නිර්මාණය වන්නකි. මෙය පියවි ඇසට නොපෙනේ. ඒවා නිර්මාණය වන්නේ සූර්යයා තුළ සිදුවන පිපිරීම් සහ සූර්යාගෙන් ගිනිදැල් නිකුත් වීමේදීය. මේ අයුරින් ප‍්‍රබල සූර්ය කුණාටුවක් මීට පෙර පෘථිවිය දෙසට හමා ආවේ මීට වසර 5 කට පෙරයැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති. පෙරේදා හටගත් සූර්ය කුණාටුවේ බලපෑමට ලක් වූයේ මධ්‍යම ආසියාවය. ආරෝපණ අංශුවලින් පිරි සූර්ය සුළං පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී පෘථිවි චුම්භක ක්ෂේත‍්‍රයට බලපෑමක් ඇති වන බවත් අහස විවිධ වර්ණවලින් හැඩ ගැන්වෙනු ඇති බවත් නාසා විද්‍යාඥයෝ ප‍්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර්ය කුණාටුවක් පෘථිවියට කඩා වදී