සිරියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ සිරියා ජනපති බෂීර් අල් අසාද් අතර පැවැති සාකච්ඡා අසාර්ථක විය.
වසරකට ආසන්න කාලයක් තිස්සේ පවතින සිරියා අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ විශේෂ නියෝජිතවරයා වන්නේ ද අනන්ය. සිරියා ජනාධිපති සහ අනන් අතර එම හමුව පැවැත්වූයේ ඩමැස්කස් නුවරදීය.
ත‍්‍රස්තවාදී කල්ලිවලින් තම රටට එල්ල වන තර්ජන නිමා වන තුරු, රටේ පවතින දේශපාලන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමට නොහැකි බව සිරියා ජනාධිපතිවරයා අනන්ට පවසා ඇත.
දෙදෙනා අතර එම සාකච්ඡා පැවැත්වෙද්දී පවා සිරියා ආරක්ෂක හමුදා, උතුරු සිරියාවේ කඳුකරයේ නගර කීපයක කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේය.
සිරියා ජනපතිට බලයෙන් ඉවත් වන්නැයි බල කරමින් විරෝධතා දක්වන කැරැලිකරුවන්, ආරක්ෂක හමුදා එල්ල කළ ප‍්‍රහාර හමුවේ පසුබා ගිය බව ද වාර්තා විය.
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව සිරියාවේ ගැටුම්වලින් මේවනවිට 7,500 කට වැඩි පිරිසක් මියගොස් ඇත. මානුෂීය ආධාර සපයන සංවිධානවලට, සිරියාවේ දරුණු සටන් පවතින ප‍්‍රදේශවලට ඇතුළුවීමට ජනපති අසාද් ඉඩ නොදීම ද ගැටලූවක් වී ඇත.
මේ අතර සිරියා අර්බුදයට විසඳුම් සෙවීමට නව රාජ්‍ය තාන්ති‍්‍රක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමේ අරමුණින් අද (12) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සමාජික රටවල විදේශ ඇමැතිවරුන්ගේ හමුවක් පැවැත්වීමට ද නියමිතය.
සිරියාවේ පවතින ගැටුම් නතරකිරීමට බාධාවක් වී ඇත්තේ යුරෝපා රටවල් සහ රුසියාව අතර මත ගැටුමක් නිර්මාණය වී ඇති හෙයිනි.
ජනපති අසාද් බලයෙන් ඉවත් කිරීමේ අරමුණින් සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ඒමට සැරසුණු යෝජනාවලියකට රුසියාව නිෂේධ බලය භාවිත කරමින් විරෝධය පළ කිරීම ඊට හේතුවයි. රුසියාවට අමතරව චීනය ද එම යෝජනාවලියට විරෝධය පළ කළේය.
							
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියා අර්බුදයට විසඳුම් සෙවීමේ අසාද්-අනන් සාකච්ඡා අසාර්ථකයි