සෑම ගිම්හාන සෘතුවකදීම ඉතාලියේ ඇල්පස් කඳුකරයේ ඇති අයිස් දියවී යන්නේ ඒවායින් වසර සිය ගණනක් තිස්සේ සඟවාගෙන සිටි රහසක් ටිකෙන් ටික හෙළි කරමිනි.
සෑම වසරකම උණුසුම් ගිම්හානයේ අයිස් දියවීමත් සමග ඉතාලියේ ඇල්පස් කදුකරයේ ටේරන්ටිනෝ ප‍්‍රදේශයෙන් මළ සිරුරු මතුවේ.මේ මළසිරුරු මිට වසර 100 කට පමණ පෙර පළමු ලෝක යුධ සමයේ සටන් කළ සොල්දාදුවන්ගේ බව පැවසේ.
සතුරු මෙන්ම මිතුරු සොල්දාදුවන්ගේ සිරුරු ඒවා අතර වන බව සදහන්ය.
පළමු ලෝක යුද්ධයේ ජර්මනිය,ඔස්ටි‍්‍රයාව හා ඉතාලිය මධ්‍යම පාක්ෂිකයින් ලෙස එක් පසෙකත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය,ප‍්‍රංශය හා රුසියාව මිත‍්‍ර පාක්ෂිකයින් ලෙස අනෙක් පසත් සිට සටන් කළේය.
ජර්මනියේ අවි බලය දුටු ඉතාලිය මුලින් මධ්‍යම පාක්ෂිකයින් හා බැදීමට ගිවිසුමකට එළැඹියත් පසුව රහසේම මිත‍්‍ර පාක්ෂිකයින් හා ගිවිසුමකට එළැඹුනි.ගිවිසුම ප‍්‍රකාරව ඉතාලියද මිත‍්‍ර පාක්ෂික රටක් බවට පත්විය.
මේ බව දැනගත් ජර්මනිය හා ඔස්ටි‍්‍රයාව ඉතාලියට පහර දීමට හමුදා භට කණ්ඩ එවීය.ඉතිහාසය වාර්තා කරන ආකාරයට දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවී තිබෙන්නේ පෙර කී ඇල්පස් කදුකර ප‍්‍රදේශයන්ගේය.
ඉතිහාසඥයින් පවසන්නේ ගැටුම් වලින් දෙපාර්ශවයේම සොල්දාදුවන් ලක්ෂ 10 ක් පමණ මරුමුවට පත්ව ඇති බවයි.මේසා මරණ සංඛ්‍යාවක් සිදුවීමට
හේතුව අවි ගැටුම් පමණක්ම නොව ඇල්පස් කදුකරයේ ප‍්‍රචණ්ඩ හිම කුණාටු වලින් යුතු කටුක පරිසර තත්ත්වයන් බව ඔවුන් කියයි.
මෙයාකාරයට ඇල්පස් කදුකරයේදී දිවි දුන් සොල්දාදුවන්ගේ සිරුරු පළමු ලෝක යුද්ධය අවසන් වී වසර 100 ගතවී ඇති කාලය අතරතුරදී වසරක් පාසාම පාහේ මතුවී තිබේ.
සොල්දාදුවන්ගේ සිරුරු හිමෙන් වැසී ඉතා හොදින් සංරක්ෂණය වී තිබෙන බව ඇල්පස් කදුකරයේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු වල යෙදෙන පර්යේෂකයින් කියයි.ඔවුන් භාවිතා කළ අවි ආයුද ද ඔවුන් සමගම සංරක්ෂණය වී තිබුණු අවස්ථා කිහිපයක්ම ගතවුනු වසර කිහිපයේදී සොයාගැනීමටත් හැකිවූ බව ඔවුන් පවසයි.
සොයාගත් සිරුරු ඞී.එන්.ඒ. පරීක්ෂණයන්ට භාජනය කර එම සිරුරු අයත් පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු පවා සොයාගැනීමට පර්යේෂකයින් සමත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියවසක් ගියත් සිරුර නරක් නොවේ