IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සියවස් බාගයකින් මිනිහා රතු තරුවේ පදිංචියට

ඉදිරි වසර 50 ඇතුළතුලදී මිනිසා අගහරු ග්‍රහයා මත ජනාවාස තනා ගනු ඇතැයි කිීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු හා අභ්‍යාවකාශ තරණය සම්බන්ධයෙන් පෙරළිකාර මත ඉදිරිපත්කරන්නෙකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් මත පලකරයි.

පසුගියදා අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවීව විකාශය කෙරුණු රූපවාහිනී වැඩසටහනකට පෘථීවියේ සිට එක්වෙමින් හෙතෙම මෙසේ තම අදහස් දැක්වීය.

පෘථීවියේ සම්පත් ප්‍රමාණය ක්ෂය වෙමින් පවතින බවත් මෙනිසා දිනෙන් දින වැඩිවන ජනගහණය නඩත්තු කිරීමට නුදුරේදීම පෘථීවිය අපොහොසත්වනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ සදහා එකම විසදුම ලෙස ඔහු පෙන්වාදුන්නේ ග්‍රහලෝක වල ජනාවාස ඇති කර ගැනීමයි.ඒ සදහා දැන්ම කටයුතු කළ යුතුව ඇතැයි මහාචාර්ය හෝකින්ස් කීය.

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රුදී සිටින අභ්‍යාවකාශගාමීහූද මෙම වැඩසටහනේදී තම අදහස් ප්‍රකාශ කළහ.



අදහස් (0)

සියවස් බාගයකින් මිනිහා රතු තරුවේ පදිංචියට

මිහිර Friday, 21 March 2014 03:05 AM

කුමාරි බයවෙන්න එපා ලංකාවෙන් කව්රුවත් එහෙ එක්ක යන්නේ නැහැ.(නදී)

:       0       0

කුමාරි Thursday, 20 March 2014 02:36 PM

පෘතුවිය කාලා ඒ ගමන අගහරු කන්න ද ලැස්ති? (අ)

:       0       0

සිරා Friday, 21 March 2014 10:03 AM

ඊට කලින් අර නැතිවුණු ප්ලේන් එක හොයාගන්න විදියක් බැලුවොත් හොදයි නේද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 20 March 2014 05:18 PM

පළමුව දේශපාලුවන් යවා එහි වැඩ පටන්ගනිමු.(නදී)

:       0       0

කමල් Friday, 21 March 2014 01:32 PM

අඟහරු වලට ගියොත් ග්‍රහ බලපෑම් එහෙම කොහොම වෙයිද දන්නෑ. සාත්තර කියන අයට තියරි එහෙම වෙනස් කරන්න වෙයි වගේ.(නදී)

:       0       0

ඉන්දික Saturday, 22 March 2014 11:28 AM

බොරු වැඩ. ලෝක ජනගහනයෙන් කීදෙනෙක් යවන්න පුළුවන් වෙයිද? අඩුම ගන්නේ 0.0001% ? ඊට වැඩ ලේසි නැද්ද ග්‍රීන්ලන්තේ වගේ රටවල් වල මිනිස්සු පදිංචි කරන්න පුළුවන් විදියක් හෙව්ව නම්. සල්ලිත් ඉතුරුයි. යන්නත් ලේසියි. (අ)

:       0       0

ධර්මේ Sunday, 23 March 2014 08:28 PM

ඉන්දික, වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් පදිංචි කිරීමේ මූලික අරමුණ ඔබ සිතන දෙය නෙවෙයි. යම් හෙයකින්, ලොව මිනිස් සංහතිය එක්වරම සම්පූර්ණයෙන් විනාශ වුවහොත්, එයට පිලියමක් ලෙස මිනිස් මූල පවත්වා ගැනීම මෙහි මූලික අරමුණයි.(නදී)

:       0       0

විද්‍යා Friday, 21 March 2014 12:43 AM

මට මේ දවස්වල සෙනසුරු ලබලා තියෙන්නේ. මම එන්නම් යන්ඩ. සෙනසුරා අඟහරුට බයයි.(නදී)

:       0       0

මිහිර Tuesday, 25 March 2014 06:49 AM

මෙතුමා මුළු ඇමරිකාවේම ගෞරවය දිනාගත්තු අගනා විද්‍යාඥයෙක්. විශ්වයේ සම්බවය ගැන ප්‍රයෝගික මත පළකරපු විද්වතෙක්. මොහු අංශබාග රෝගයෙන් පෙලෙන මුත් විශ්ව ගවේෂණය නවතා දමා නැහැ.(නදී)

:       0       0

රමණි Thursday, 20 March 2014 01:18 PM

අදහස හොදයි කව්ද යන්නේ ? පළමුවෙන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site