සෝමාලියාවේ ෂෙබාබ් ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් කෙන්යා ගුවන් හමුදාව පෙරේදා (10) එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් සෝමාලි රතු කුරුස කාර්යාලයක් විනාශ විය. එම ප‍්‍රහාරයෙන් එක් සිවිල් වැසියෙක් ජීවිතක්ෂයට පත්වූයේය. සෝමාලියොවේ කි‍්‍රයාත්මක අල් ෂෙබාබ් සටන්කාමීන් කලාපීය වශයෙන් තර්ජනයක් බව පවසමින් සෝමාලියාවේ අසල්වැසියකු වන කෙන්යාව, සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් හමුදා මෙහෙයුම් ඇරැඹුවේ මීට මාස කීපයකට පෙර සිටය. කෙන්යාවේ හමුදා මෙහෙයුම්වලට සෝමාලි රජයේ ද සහාය හිමිවේ. කෙන්යා ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා පෙරේදා පහර දුන්නේ දකුණුදිග සෝමාලියාවේ බාදෙරී නමැති කුඩා නගරයටය. එම නගරය සටන්කාමීන්ගේ තෝතැන්නක් යැයි කෙන්යා හමුදාව මීට පෙර ද ප‍්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් පෙරේදා රතු කුරුස කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් කෙන්යා හමුදාව හෝ කෙන්යා රජය හෝ කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd