දිනකට බොර තෙල් බැරල් 80,000 ක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක ණය මුදලක් පාකිස්තානයට ලබා දීමට ඉරානය එකඟ වී ඇතැයි පාකිස්තාන ඛනිජ තෙල් අමත්‍යාංශය ඊයේ (1) නිවේදනය කළේය. ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක ණය මුදල ලබා දෙන්නේ ඉරානය සහ පාකිස්තානය අතර ගෑස් නල මාර්ගයක් ඉදිකිරීමට යැයි පාකිස්තාන ඛනිජ තෙල් අමත්‍යාංශය වැඩි දුරටත් කියා සිටියි. ඉරානය පාකිස්තානයට බොර තෙල් විකිණීමට සැරසෙන්නේ ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැසක් පනවා ඇති අවස්ථාවකදීය. එම සම්බාධක පැනැවීමට බටහිර බලවතුන් තීරණය කළේ ඉරානයේ ‘හිතුවක්කාර න්‍යෂ්ටික’ වැඩසටහනට විරෝධය පළ කිරීමේ අරමුණින්ය. ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ බලශක්ති වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවත්, එහෙයින් ඉරානය ලොවට තර්ජනයක් වී ඇති බවත්ය. බටහිර බලවතුන් ඉරානයට සම්බාධක පැනැවීමට පෙර එම රටවලට බොර තෙල් විකිණීම වහා අත්හිටුවීමට ඉරානය තීරණය කළේය. ඒ අනුව ඔවුන් දැන් පාකිස්තානයටත් ඉන්දියාවටත් බොර තෙල් විකිණීමට සූදානමින් සිටියි. ඉරානයෙන් තෙල් මිලදී ගන්නවාට පමණක් නොව පාකිස්තානය සහ ඉරානය අතරේ ගෑස් නළ මාර්ගයක් ඉදිරිකිරීමට ද ඇමෙරිකාවේ දැඩි විරෝධය එල්ල වී ඇත. එම නළ මාර්ගය සෑදීමට අවශ්‍ය මුදල් පාකිස්තාන රජයට නැත. ඉරානයේ ආධාර ලැබේ නම් වසර 2014 වන විට එය ඉදිකර අවසන් කිරීමට තමන්ට හැකි වනු ඇතැයි පාකිස්තාන ඛනිජ තෙල් අමත්‍යාංශය පෙන්වා දෙයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සම්බාධක නොතකා ඉරානයෙන් පාකිස්තානයට තෙල් බැරල් 80,000 ක්