ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකා සහ කැනඩා වෙරළාරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් කිමිඳුම් යානා යවා, සබ්මැරීනයේ සුන්බුන් සහ එම අස්ථි කොටස් ගොඩනැනීම සිදුවුණු බවත් ඒවා සියල්ල කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් පළාතේ, ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙන ආ බවත් පැවැසෙයි.
අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සබ්මැරීනයේ සිටි අයගේ සිරුරු කොටස් හමුවෙලා
bandara Thursday, 29 June 2023 09:16 AM
අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, කිලෝ මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය
Perere Thursday, 29 June 2023 09:47 AM
ඕයි කවුද මේක ලියන්නේ? කීර්ති වර්ණකුලසූරිය ගෙ මල්ලි ද? කි.මී. 3800 ගැඹුරු මුහුදේ.පිස්සුද තමුසේ ට?
PriyadarshaniThursday, 29 June 2023 11:53 AM
හොඳට බලන්න මීටර් 3800 ක් කියලා තියෙන්නේ ...
IndikaThursday, 29 June 2023 12:00 PM
පැහැදිලිව තියනව මීටර් 3800 කියල . කිලෝමීටර් ආවෙ කොහොමද?
Saditha Friday, 30 June 2023 01:51 AM
අවධානේද? ඉල්ලන්නේ ඔයා එන්න දෙන්නම් අවධානේ...
Mevan Thursday, 29 June 2023 10:12 AM
අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, කිලෝ මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය. "කිලෝ මීටර් 3,800" - අම්මෝ කිලෝ මීටර් 3800 ක් නම් කොහොමත් මිනිස්සු ඉතුරු වෙන්නේ නෑනේ
ජයරත්න Thursday, 29 June 2023 01:36 PM
හරියට කියවන්න...
Samitha Senaka Aluthgamage. Thursday, 29 June 2023 05:19 PM
ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් අන්තර්ජාලයේ පවසා තිබුණා දැවැන්ත මත්ස්‍යයෙකු විසින් සබ්මැරීනය ගිල්ල කතාවක් ගැන.. එතරම් අධි පීඩනයක් ඇති ස්ථානයක ජීවීන් හට ජීවත්විය නොහැකි බව හෝ ලෝහ සබ්මැරීනයක් ගිල එය ජීර්ණය නොවන බව හෝ නොදන්නා උන්වහන්සේ නොදන්නා දේ කීමට යෑමෙන් භික්ෂු සංඝයාගේ ගරුත්වයටත් හානි සිදු කරන බව දත යුතුයි.
ShanSaturday, 01 July 2023 03:10 AM
අද ඉන්න ඇතැම් සංඝයා වහන්සේලාගෙන් 1% ටවත් ගරුත්වයක් තියනවාද? දන්න දේකුත් නෑ.
අමිල සම්පත් Thursday, 29 June 2023 06:44 PM
මීටර් 3800ක් කියලා පැහැදිලිව තියෙනවනේ...!
Mahaachaarya Friday, 30 June 2023 10:00 AM
බන්ඩාරට අමු කැවිලද කොහෙද
Asitha Sunday, 02 July 2023 05:54 PM
3.8 km හෙවත් 3800 m