
(ලුසිත ජයමාන්න)
ඉන්දීය 'චන්ද්‍රයාන් 3' මෙහෙයුමට අයත් 'ප්‍රාග්යාන්' රොබෝ රෝවර් යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, සඳ මත ධාවනය කරමින් තිබියදී, ආවාටයකට වැටෙන්න ගොස් බේරුණු බව ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් 'ඉස්රෝ' හි විද්‍යාඥයෝ පවසති.
එම ආවාටය මීටර් 4 ක් පමණ පළල එකක් යැයි පැවැසෙයි. ආවාටය ඇති බව නොදැන රෝවර් යානය දිගටම ධාවනය කරමින් තිබියදී එය ආවාටයට වැටීමට ගියේය.
කෙසේ නමුත් වහා යානය නවත්වා, එහි ගමන් මඟ වෙනස් කිරීමට විද්‍යාඥයන් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව පැවැසෙයි.
'ප්‍රාග්යාන්' රොබෝ රෝවර් යානය රෝද 6 කින් සමන්විතය. එය පණ ගැන්වෙන්නේ සූර්ය බලයෙනි. රෝවර් යානයේ ආයු කාලය සති දෙකකි.
'චන්ද්‍රයාන් 3' මෙහෙයුමට අයත්, 'වික්‍රම්' ලෑන්ඩර් යානය පමණක් නොව, 'ප්‍රාග්යාන්' රෝවර් යානය ලබා ගන්නා ඡායාරූප ද මේ වනවිට ඉන්දීය විද්‍යාඥයන් අතට ලැබෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය චන්ද්‍ර යානයට බුදු බව පාර්ථනා කරමු.