සිනාසී නිරෝගී වීමට මෙන්ම සිනාසී රෝගී වීමටත් හැකියාවක් ඇති බව බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් හා බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයන් සිදුකර ඇති පර්යේෂණයකින් හෙළිව ඇත.
පමණට වඩා සිනා සීම හදවත් රෝග ඇති කිරීමේ සමත් බවත් විශේෂයෙන් හදවත් රෝග ඇති අය පමණට වඩා සිනාසුනහොත් එය බරපතල තත්ත්වයන් ඇති කරනු ඇති බවත් එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.
තවද සිනාව හිර කර ගැනීමට යාමේදී හා කඩින් කඩ සිනහ වීමේදී මිනිස් කටහඩ නිපදවීමට උපකාරී වන ස්වරතන්ත්‍ර වලටත් හානි සිදුවන බව සදහන්ය.
සිනාවකදී එක්වර විශාල වායු ප්‍රමාණයක් ආඝ්‍රාණය කිරීම ඇදුම වැනි රෝගයන් ඇති කිරීමට මගපාදන්නක් බව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් කියයි.
මෙනිසා සිනාවත් පාලනයක් ඇතිව සිදුකළ යුත්තක් බව ඔවුන්ගේ අදහසයි.
සිනාවේ වාසිද නැතුවා නොවේ.සිනාවෙන් රෝග සුවවන්නේ යැයි පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් නොවන බවත් මේ විද්‍යාඥයන් කියයි.
විශේෂයෙන් ස්වසන අපහසුතා,පෙනහලූ වන දුබලතා ඇති රෝගීන්ට ඔවුනගේ දුබලතා මැඩගැනීමට සිනාව හොද ඖෂධයකි.තවත් පර්යේෂණයකින් හෙළිව ඇත්තේ සිනාව කාන්තාවන්ට සාර්ථක දරු පිළිසිද ගැනීමක් ලැබීමේ හැකියාව ඉහළ නැංවීමේ සමත් බවයි.
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත යන්න සිනාවටත් දැන් අදාළ සෙයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝගිකම කෙසේ වෙතත් ..මුළු ලෝකෙම පිළිගෙන තියෙන්නේ සිනහ වෙන මිනිසුන් ජීවත්වෙන්නේ ශ්‍රී ලංකාවේ කියලයි(දිල්)
සුද්ද කියන කියන විදියට අපිට නටන්න බෑ. ඉස්සර කිව්වා සිනාසීම හොදයි කියලා. ඒ අය කියන විදියට නටන්න අපිට බෑ. අපි සිංහලයෝ. ඉස්සර නැටුවට දැන් නටන්නේ නැහැ.(නදී)
වැදගත් ලිපියක්. අවංක සිනහව ඉක්මනින් පහව යන්නේ නැත (දිල්)
ඒකනේ මම මිනිස්සුන්ට විරිත්තන්නේ. මිනිස්සු හිතන්නේ මම හිනාවෙනවා කියලා. (නදී)
මුවින් ඇතිවන සිනහව නම් තමනට අඩු වැඩි කරගන්න පුළුවන් ඒත් ඉතින් හිත ඇතුලෙන් කරන සිනහව අඩු වැඩි කරගන්න නම් තමා කාටත් අමාරු.(නදී)