නිතර දත් මැදීමෙන් හා දත් පිරිසුදුව තබාගැනීමෙන් ආතරයිටිස් රෝගයෙන් වැළැකීමට හැකි යැයි විද්‍යාඥයෝ පවසති. මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ කෙන්ටකිහි ලූවිස්විලේස්හි දන්ත වෛද්‍ය පීඨය විසිනි.
මුඛයෙහි විදුරු මස්වල ඇතිවන රෝගවලට හේතුවන බැක්ටීරියාව හා රක්තවාත ආතරයිටිස් මුල් අවධියත් අතර සම්බන්ධ තාවයක් ඇති බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.එම බැක්ටීරියාව සිරුරේ ඇති ප්‍රෝටීනවල අවශේෂ සමඟ පි්‍රතිකි්‍රයා කරයි.එහිදි ශරීරය එය සිරුරට ඇතුළුවන විෂබීජයක් යැයි සිතා ශරීරයෙන් ඊට විරුද්ධව ප්‍රතිශක්තියක් නිපදවයි.
ආතරයිටිස් රෝගයට සෑදිමට මුල් වන්නේ කාලයක සිට සන්ධිවල ඇටකටු හා කාටිලේජ ක්ෂය වීමෙනි.
මීට පෙරදි සොයාගෙන තිබුණේ රක්තවාත ආතරයිටිස් රෝගීන් අවම වශයෙන් දෙවරක් හෝ විදුරුමසේ ඇතිවන රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවයි.
මුඛයෙහි ඇතිවන බැක්ටීරියා මඟින් මෙලෙස ආතරයිටිස් රෝගී තත්ත්වයට මඟ පාදන බවත් රක්තවාත ආතරයිටිස් රෝගයෙන් ආරක්ෂා වීමට මෙමඟින් නව ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමට හැකි වනු ඇති බවත් පර්යේෂණය කළ වෛද්‍යවරුන්ගේ මතයයි.
මෙම පර්යේෂණයේදි තවදුරටත් අනාවරණය වී ඇත්තේ රක්තවාත ආතරයිටිස් රෝගය වර්ධනයටද මෙම බැක්ටීරියාව ඉවහල් වන බවයි.
(ඩේලිමේල් ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
107
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සන්ධි රුදාවට බේත නිතර දත් මැදීමලු