බුදු රදුන් අභයමුද්‍රාව දක්වමින් නෙළුම් මලක් මත වැඩසිටිනු දැක්වෙන පච්චයක් අතෙහි කොටාගෙන පැමිණි බ්‍රිතාන්‍යය කාන්තාවක රටෙන් පිටමං කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කරමින් සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලීය හා විදෙස් සබදතා පිළිඹද දෙපාර්තමෙන්තුව කියයි.
පසුගිය 21 වැනිදා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී නියෝමි මිෂෙල් කෝලමන් නම් වන මෙම කාන්තාව බුදු දහමට නිගරු වන පරිදි හා බොදු ජනතාවගේ සිත් රිදවන පරිදි කටයුතු කර ඇතැයි යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගැණිනි.
පසුව මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ඉදිරිපත් කෙරුණු ඇයව විදෙස් සංක්‍රමණිකයින් සදහා වන රැදවුම් කදවුරක රැදවීමටත් ඉක්මනින්ම ඇය බ්‍රිතාන්‍යය බලා පිටමං කිරීමටත් නියෝග කැරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තමයි ඉල්ලන් කනවා කියන්නේ. ලෝකයේ තියන ලස්සනම රටත්, ආගන්තුක සත්කාර වැඩිම රටත් ලංකාව නෙමෙයි. තව රටවල් තියනවා. අපි අපේ තරම දැනගෙන වැඩ කළ යුතුයි.මේ පච්චයේ අරමුණ දහමට ලෙන්ගතුකම පෙන්වීම මිසක් නිගා කිරීම නෙමෙයි කියලයි මම නම් කියන්නේ(නි)
පච්චය කොටපු තැන තමයි වැරදි ...මෙයාට ඕක වෙන තැනක කොටා ගන්න තිබුන නේ, බන්දුල පෙරේරා කියනවා වගේ (දී)
ලැජ්ජයි. හොඳ සංචාරකයින්ට මෙහෙම කරලා අපිටමනේ පාඩු (නි)
බුදු හාමුදුරුවෝ මේවා දකිනවා නම් කලකිරෙයි.(නි)
එහෙනම් අපේ ත්‍රීවීල් අයියලා, බස් හිමිකරුවන්, බාබර් සාප්පු හිමියෝ , බේත් කඩහිමියෝ වගේ අයත් අත්අඩංගුවට ගත යුතුයිනේ. (නි)
ආනන්ද ඔයා ඉන්නේ ප්‍රංශයේ නම් කරන්නේ මොකක්ද කියල ඔයා හොදින්ම දන්නවා ඇති.(නදී)
මම සිතන්නේ දැනුවත් කළ යුත්තේ සංචාරකයෝ නෙමෙයි , අපේ බලධාරීනුයි.පොලිසිය සහ ජනතාව. සංචාරකයෝ ලකාවට සහ වෙනත් රටවලට ඒමට පෙර හොද අධ්‍යයනයකින් පසුවයි පැමිණෙන්නේ.මෙම තැනැත්තියත් එසේ බුදු දහම ගැන දැනගෙන පැමිණි කෙනෙක්. අවාසනාවකට අපේ කට්ටිය ගත්තේ වැරදි වැටහීමක්. මේක ලංකාවට පාඩුවක් (නි)
මොන පරීක්සන කලත් අපට මොකෝ.අපේ රටට හානි වන දේවල් ඕනෙම නැහැ . (දී)
පිච්චියක් නොවටිනා පච්චයක් නිසා ලංකාව ලොකු පාඩුවක් විඳ ගත්තා.(නදී)
අනේ මන්ද ලංකාව හැම වැඩෙන්ම ඉල්ලන් කනවා නේ .. අයි මෙච්චර මෝඩ ?මේවා මහා විහිළු තීරණ ... (ස)
මට කියන්න තියෙන්නේ චරිත කියන ඒකම ය (ස)
සුදු කතා දැන් බී.බී.සී එකේ කතා කලා පච්චේත් පෙන්නුවා.(නදී)
මේවා ලෝකෙටම පෙන්නන්න (දී)
වරද තියෙන්නේ පච්චයේ නොව එය දිහා බලන ඇසෙයි. පටිච්ච සමුප්පාදය ට අනුව රුපය දිහා බලන්න පුලුවන්නම් එය තමයි පිළිතුර. (දී)
ලංකාවේ බෞද්ධයෝ කියාගන්න කී දෙනෙක් පන්සිල්වත් රකිනවද? (දී)
මේ රටේ සිදු වෙන දේවල්වල හැටිය මේක මහා ලොකු දෙයක් නෙවෙයි නේද? (අ)
මේක වැරදි නම් බුදුන්ගේ රුව තියෙන්න පත්තරක් තහනම් කලයුතුයි මොකද ඒ පතර වලින් මොන මොන දේවල් ඔතනවද (අ)
වැඩේ හරි (දී)
බුදු රුවට නිගා කරන්න එපා (දී)
බුදු දහමට නිගා කරන අය කොපමණ තවත් මේ රටේ ඉන්නවා ද (අ)
හොඳ වැඩේ. මෝඩ පාලකයන්ගේ ඇස් ඇරෙන්න. (අ)
මේක රැදවුම් කඳවුරක රඳවන්න තරම් වරදක් කියලා මම හිතන්නේ නැහැ.ඇයට වරද වටහා දීලා ශ්‍රී ලංකාවේ ඉන්න කාල සීමාව තුළ පච්චය නොපෙනෙන සේ ඇඳුම් අඳින්න කියලා අවවාද කරලා, එහෙම නොවුණොත් ක්‍රියාමාර්ගයක් ගන්න බවට දැනුම් දීමක් කළා නම් හොඳටම ඇතිනේ. බුද්ධාගම කියන්නේ ආගමට අපහාස කළා කියලා දඩුවම් කරන විදියේ ආගමක් නෙමෙයි.අපහාස කරන්නාටත් මෙත් වඩන යහපතක්ම වේවා කියලා පතන ආගමක්. (නි)
මේ කාන්තාවගේ පච්චේ මකලා යවන්න තිබුනේ (දී)
මේ මිනිස්සුන්ට පිස්සු (දී)
මෝඩ නිලදාරීන් ගන්න මෝඩ තීරණ හේතුවෙන් ජාතියක් නින්දාවට පත්වීම අවආසනාවකි ....... (ස)
නිලුපුලි ලෝකයේ වේගයෙන් පැතිරෙන ආගම බුදු දහම නොවේ . ලංකාවේ බුදු දහම අදහපු අය බටහිර රටවලදී වෙනත් ආගම් වෙලඳ ගන්නවා මම දැක තියෙනවා . බටහිර රටකින් බුදුදහමට 10 ක් එන විට . අපේ බුදු දහමේ සිටි අය 100 කට වඩා වෙනත් ආගම් වැළඳ ගන්නවා. මම දන්නා සෙටියට යුරෝපයේ ලාංකික බෞධයන් බහුතරය පන්සලට යනවට වඩා සති අන්තයේ පල්ලියට යාම පුරුදු වී සිටිනවා . අවුරුද්දකට වතාවක් ලාංකික බෞදයන් ප්‍රන්සයේ ලුර්දු නුවර දේව මෑනියන් පහල වුනා කියන තැනට ගොස් පුජා පවත්වනවා . ලොකු වියදමක් දරා . මම හොඳින් දන්නා කරුණු .(දී)
බුදු හාමුදුරුවෝ මිනිමස් අනුභව කළා කියල ඉතා නින්දිත ආකාරයට බුදු හාමුදුරුවන්ට අපහාස කරනවා.මොන බලධාරියාද ඊට විරුද්ධව කතා කරේ.දැන් මේ රටේ එක එක අයට වෙන වෙනම නීති.රටකට යන කල, (දී)
අනික අම්මා බුදු වේවා කියල කොටනවා ....හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් (දී)
අපේ රටේ දැන් දැන් සිද්ද වෙන්නෙම ජාත්‍යන්තරයේ අවදානය යොමු වෙන දේවල්.මේවා කාගෙ හෝ සැලසුම් වලට අනුව සිද්ද වෙනවද, ඉබේම සිද්ද වෙනවද,අනේ මන්ද,,(දී)
බුදු දහමට නිගා කරන්න එපා (දී)
ලංකාවේ බුදුදහම කියල එකක් තියෙනවද?ලංකාව අයිති බෞද්ධයන්ට විතරයිලු.කවුද කියන්නේ මේ වගේ කතා? එහෙවු රටේ බ්‍රිතාන්‍ය කාන්තාව ගැන අප ආඩම්බර විය යුතුයි (නි)
මොකද එයා පච්ච කොටන්න බුදුන්ම තේරාගත්තේ? (නි)
රටින් පිටුවහල් කිරීම අනුමත නොකලත් මෙම උසාවි නියෝගයට ගරු කල යුතුයි. කුමන පාර්ශවයකින් හෝ එම තැනැත්තියට නොමනා ක්‍රියාවක් සිදුවුණි නම් රටේ නම කැත වෙනවා නේද?(දී)
ලංකාවට එන සංචාරකයන් ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් දැනුවත් කල යුතුයි (දී)
ලංකාවට එන සංචාරකයන් ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් දැනුවත් කල යුතුයි. අනික මම හිතන්න මේක එයාලගේ නොදැනුවත් කම. එයාල කැමැති බුදුහාමුදුරුවන් ගේ රුපයට. ඒකයි ඔච්චර සල්ලි වියදම් කරලා තමන් ගේ ඈගේ කොටා ගන්නේ. ඒක නිගරුවක් නෙමෙයි.(නදී).
මම හිතන්නේ ඇය මෙය කොදැන කරන්න ඇති. බුදුහාමුදුරුවන්ට ගෞරව කරන හැටි නොදන්න අපේ අයත් ඉන්නවනේ.(නදී)
මෙවැනි දේවල් කිරීමෙන් බුදුන් වහන්සේට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. (නදී) .
අපේ රටට ඇවිල්ලා බුදුදහමට නිගා කරන්න දෙන්න බැහැ (දී)
ලංකාවේ සුදු පොළවල් අරින්න පනත් ගේනවා. ඒවා වහගන්න හදන්නේ මෙවයේන්. මේ සිද්දිය හොද දෙයක් උනත් මීට වඩා රට විනාස මුකයට මහා පරිමානෙන් ඇද දමන සුදුව නැවත්වීමට රජය කටයුතු කල යුතුයි.අපේ පාර්ලිමේන්තුවට හොද බෞදයින් පිරිසක් යැවිය යුතුයි , පක්ෂේ මොකක් වුනත් සුදුවට සහය දෙන කිසිම කෙනෙකුට එන පාර ජන්දේ දෙන්න එපා.(නදී)
මෙයට වඩා නරක හන්දි සහ පාර දෙපස ඇති බුදු පිළිම අපවිත්‍ර වීම නේද? (නදී)
බුදුන්වහන්සේට ඔයිට වඩා අපහාස අපේම බෞද්ධයන්ගෙන් සිද්ධ වෙනවා නේද? බුද්ධ රූප බුද්ධ පින්තූර විකුණන එක, බෝධි පූජා වලට ගාස්තු අයකරන එක බන දේශනා කරන්න මුදල් අයකරන එක, බුදුන්වහන්සේට කරන අපහාස නොවෙයිද? (නදී)
මේ අදහස් වලින් බන්දුල පෙරේරාගේ අදහස අගය කරමි. (ස)
සුරංග පෙරේරා ඔයා මොනවද මේ කියවන්නේ? (නදී)
මම සිතන්නේ නෙහෙ මෙම ගැහැනිය පච්චය කොටා තිබීම වරදක් හැටියටයි. අපේ ලංකාවේ බොහෝ දෙනෙක් තම ආදරය කරන ගරු කරන දේවල් පච්ච කොටා තිබෙනවා . බුද්ද රුප සහ බුදු වදන් . සමහරු අම්මා බුදු වේවා කියා කොටා තිබෙනවා . එය අගරු කිරීමක් නොව තමන්ගේ ගෞරවය විදහා දැක්වීමක් (ස)
මේ සිදු වීම පිළිබඳව අපි එංගලන්තයේ කීප දෙනෙක් සමග සාකච්චා කළෙමු මින් පසු ලංකාවට කිසිම සංචාරකයෙකු නොයන බව එංගලන්තයේ සංචාරක සමාගම් කීපයක් අපි සමග පැවසූ මෙලෙස පවසන්නේ කණගාටුවෙනි. (ස)
ඉදිරියේදී බුදු බණ වෙනුවට අපට අහන්න වෙන්නේ දේශපාලන බණ. (ස)
කැසිනෝ ආවහම ඔක්කොම හරි යයි .බුදු සරණයි ලංකාවට (දී)
මිනෝලි කියන්නෙ අර සුද්දිගෙ නංගිද? ලංකාව ගැනත් බුදුදහම ගැනත් දන්නෙ නැතුව මෙතන මෝඩ අදහස් දාලා ලොක්කා වෙන්න හදනවා. සුද්දන් බුදු රූපය පච්ච කොටාගත්තට අඩුතරමින් පන්සිල්වත් හරියට දන්නෙ නැහැ. හරියට බුද්ධාගම දන්න සුද්දන් බුදු රුව පච්චයකට නගන්නෙත් නැහැ. (නි)
මෙයා බුදුදහම අදහන කෙනෙක්. පිරිමි වගේ පපුවේ කොටාගන්න බැහැනේ. බුදුදහම වැළඳගත් සුදු ජාතිකයෝ අනන්තවත් ඉන්නවා.ලෝකයේ වේගයෙන්ම පැතිරෙන දහම මෙයයි. (නි)
මේ දේ කිරිමෙන් බුදුන් වහන්සේට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. ප්‍රතිපත්ති මත පිහිටීම තමා කලයුත්තේ (අ)
බුදු රුව ඇඟේ විකෘති නොකොට කොටා ගැනීම මම නම් වරදක් සේ නොදකිමි. ඇයත් බෞද්ධ දර්ශනය අදහන බව පෙන්විමට මෙය හොඳ දෙයක් සේ මම දකිමි. හැබැයි බුදු රුව විකෘති කිරීම් වලට අපි විරුද්ධයි. (ස)
හේවාවිතාරණ පැරිස් බොරු වපුරවන්න එපා , පාටකයන් නොමග අරින්න එපා. මෙම සිදු වීම සංචාරකයන් පැමිනිමට බාදාවක් නොවේ යුරෝපයේ සිට.(නදී)
බන්දුල පෙරේරා ගේ අදහසට මම සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. (ස)
මහා මෝඩ වැඩක් අපේ අය කරලා තියෙන්නේ ඒ මනුස්සයාගේ භක්තිය වැඩි කමට එහෙම කරන්න ඇති බලන්න (අ)
ලංකාවේ ත්‍රි විලර වල පසු පස තිබෙන රුප සහ වදන් දැක්කොත් එම ත්‍රි වීලර් එහෙමම සිර ගත කරාන්න ඕනේ. මෙම පච්චය ගෙන ඔච්චර දුර දිග ගියා නම්.(නදී)
අපේ රටේ කැසිනෝ හොදයි කුඩු හොදැයි එතනෝල් හොදයි පච්චේ තමා නරක. (නදී)
නිලධාරීන් ගේ මෝඩ වැඩ නිසා රටක් අප කීර්තියට පත් වෙලා. මේ රටේ නියම බෞද්ධයන් මේ මෝඩ වැඩේ දෙස බලන්නේ පිළිකුලෙන්. මේ කිසිම ආයතනයක හිටියේ නැද්ද බුද්ධියක් තියෙන එක් කෙනෙක්වත්. (ස)
බන්දුල පෙරේරා, ඔබ හරි. බුදු රුව පච්ච ගැසීම වරදක් නම් එම වැරැද්ද පෙන්වා දීලා හරි දේ කියා දීම තමා අප විසින් කළයුතුව තිබුනේ. මෙයින් අප රට පමණක් නොව ජාතියත් අපහාසයට ලක් වෙනවා (නි)