සීතල ජලය සුබ අනාගතයක් ගෙන දෙන බව ජපාන ජාතිකයෝ විශ්වාස කරති. ඒ අනුව සාම්ප‍්‍රදායිකව පැවත එන ‘කන්චු මිසෙගි’ නමින් හැඳින්වෙන් ෂින්ටො ආගමිකයන්ගේ උත්සවය මෙවරත් ජපානයේ ටෝකියෝ නුවර පැවැත්විණි.
මේ සඳහා සහභාගි වන පිරිමි අමුඩය ඇඳගනිති. කාන්තාවෝ ඔවුන්ට විශේෂ කිමෝනාවක් ඇඳ ගනිති. දෙගොල්ලන්ම හිසෙහි පටියක් ගැට ගසා ගත යුතුය.
පළමුව පන්සලට ගොස් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු සෙල්සියස් අංශක 6 පමණ වන සීතල ජලයේ බැස නා ගත යුතුය. එමගින් ඔවුන්ගේ ශරීරයත්, මනසත්, ආත්මයත් පිරිසිදු වන බවත් ඉදිරි අනාගතය සාර්ථක, සෞභාග්‍යය වන බවත් ඔවුන් විශ්වාස කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. ජපන් මිනිස්සුන්ගේ ශරීරයත් ආත්මයත් දෙකම පිරිසිදුයි ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට වැඩිය. ඕනෙම කෙනෙකුට හිස නමල ආචාර කරන මිනිසාගේ පරම යුතුකම මිනිසාට ගරු කිරීමයි කියල හිතන මිනිස්සු කොටසක්. (දිල්)
නියමයි දිලිනි තව මේ වගේ පින්තූර එකක මේ වර්ගයේ ලිපි පල කරන්න.(නදී)