තරබාරුබව ඇතිවීමට හේතුවන ආහාරයක් වුව ද කැමැත්තෙන් හා රසවිදිමින් කන්නේ නම් එය මහත්වීමට හේතුවක් නොවේයැයි මනෝ විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ ආහාරවල ආශ්වාදය මිනිසුන්ගේ යහ පැවැත්වමට අත්‍යාවශ්‍ය බවයි. තමන් ගන්නා ආහාරය වැරදි ආහාරයක් ලෙස සළකා ගතහොත් සිරුරේ බර ඒ නිසාම කිලෝ කිහිපයකින් වැඩිවන බවත් ඔවුහු පෙන්වා දෙති.
ආහාර රුචිය පිළිබද තොරතුරු ඇතුලත් ජාත්‍යන්තර සගරාවක මේ සම්බන්ධ තොරතුරු දක්වා ඇත. ඔවුන් පවසන්නේ ලොව චොකලට් අනුභවය අතින් හත්වැනි ස්ථානයේ සිටින බ්‍රිතාන්‍යයේ වාර්ෂික ඒක පුද්ගල චොකලට් පරිභෝජනය රාත්තල් 17ක් පමණ වන බවයි. විනෝදයක් ලෙස චොකලට් ආහාරයට ගන්නේ නම් ඔවුන්ගේ බර වැඩිවිමට චොකලට හේතු නොවන බව මේ පර්යේෂකයෝ කියති.
එසේ වුව ද අධික ලෙස මේදය හා සීනි ඇති බැවින් චොකලට් කෑම තරබාරුබවට හේතුවිය යුතුය. නවසීලන්තයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කළ මේ පර්යේෂණයෙන් පෙන්වා ඇත්තේ තරබාරු බවට මිනිස් සිතිවිලි ද හේතුවන බවයි. ආචාර්ය රොලින් කුජිර් සහ ජෙසිකා බොයිස් මේ පර්යේෂණය සදහා වයස අවුරුදු 18ත් 86ත් අතර පුද්ගලයන් 300ක් තෝරාගෙන ඔවුන්ගේ බර ආහාර පුරුදු මගින් අඩුකැර ගැනීමේ හැකියාව පිළිබ
ද අධ්‍යයනය කැර ඇත.
ඉන් සියයට 27 ක් චොකලට් කෑමට ගත්තේ අකමැත්තෙනි. සියයට 73 ක් කැමැත්තෙන් චොකලට් ආහාරයට ගෙන තිබිණි. මාස 18 ක් පුරා දත්ත විශ්ලේෂණය කිරිමෙන් අනුතුරුව සොයාගනු ලැබූවේ අකමැත්තෙන් චොකලට් කෑ පිරිස බර වැඩිකරගෙන ඇති බවයි. චොකලට් කෑමට වැඩි රුචිකත්වයක් දැක්වූ අය සිරුරේ බර වැඩිකැරගෙන නැත.
ආහාරවල ඇති ප්‍රියජනක බව පසුගිය කාලයට වඩා අවධානය යොමු කළ යුතු බව පෙන්වාදෙන කාර්ඩිප් මෙට්‍රොපොලින්ටන් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ පෝල් බක්ලි පවසන්නේ පිරිමින්ට වඩා ගැහැනුන්ට ආහාර රුචිකත්වය සම්බන්ධයෙන් වැඩි බලපෑඹක් ඇති බවයි. ඇතැම් පුද්ගලයන් විවිධ ආහාරවලින් ඇතිවන බලපෑම් ගැන පසුතැවෙන බවත් එවැනි හැසිරිම් සහජයෙන් හෝ පාරම්පරික උරුමයෙන් හටගන්නා බැවින් වෙනස් කිරීම අපහසු බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සතුටින් කෑවොත් මහත්වන්නේ නෑ
චන්ද්‍රසිරි Tuesday, 03 December 2013 01:36 PM
කෑම සතුටින් කන්න නම් කෑම රස වෙන්න ඕන. (ස)
සචින් Tuesday, 03 December 2013 01:48 PM
එහෙනම් මම අද ඉඳන් තරහින් කෑම කනවා. එතකොට වත් මහත් වෙයිද බලමු. (ස)
මගලි පර්නෑන්ඩු Tuesday, 03 December 2013 08:17 PM
ඔව් මෙ අයට පිස්සු. ඒකයි මේ. කොහොම කෑවත් මහත් වෙන කෙනා මහත් වෙනවා.(නදී)
සුලෝචන Tuesday, 03 December 2013 02:53 PM
කොහොම කෑවත් මොකෝ බඩගින්න නිවෙනවා නම්... (ස)
ප්‍රදීප් Wednesday, 04 December 2013 08:41 AM
ඕවා කන්න මේ දවස් වල සල්ලි නෑ. (ස)
කුමාරි Tuesday, 03 December 2013 09:54 AM
අනේ අපොයි මෙයා වගේද කන්න කියන්නේ. චික් කැතේ බෑ (නදී)
රුමා Wednesday, 04 December 2013 11:47 PM
බඩගින්න යන්න කෑවහම හොදටම ඇති. (නි)
චානුක Tuesday, 03 December 2013 06:03 AM
අපොයි! (නි)
ගයාන් කොස්වත්ත Tuesday, 03 December 2013 11:04 PM
අනේ ඒ වුණාට, මම කොච්චර කැමැත්තෙන් ආසාවෙන් කෑවත් මහත් වෙනවනේ. චොකලට් එහෙම හරිම ආසාවෙන් කන්නේ (නි)
බන්චි Wednesday, 04 December 2013 11:12 AM
ඔය බඩ මහත් වෙන කාන්තාවන්ට එහෙම වෙන්නේ නොසතුටින් කාපු නිසාද?දෙයියෝ සාක්කි. (ස)
ශාන සෞදි Wednesday, 04 December 2013 04:47 PM
එහෙනම් ලංකාවේ ජනතාව අලි වගේ වෙන්න ඕනේ. මොකද තුන් වෙලාම කන්නේ හුල්ල හුල්ලනේ. අනේ කාලේ වනේ වාසේ තවකල් යනකොට කීයයි සතුටින් ඉන්නවනම් කන්න ඕනෙම නෑ කියලා. (ස)
මිලින්ද Tuesday, 03 December 2013 11:08 AM
මුදිත, ඔබ හරියටම හරි.අපේ අයත් ඕනෑ කෙනෙක් ගහන ගහන පදේට නටනවා. අපේ පැරැන්නෝ කෑවෙ බිව්වෙ කොහොමද කියලා හොයලා බැලුවා නම් හොඳයි නේද? (නි)
මුදිත Tuesday, 03 December 2013 07:44 AM
කලින් කලට මොනවා කියනවද මන්දා.... (ස)
අරුණ Tuesday, 03 December 2013 11:40 AM
මහතුරුන්ගේ මුදල් පසුම්බියට දෙයියන්ගේම පිහිටයි. දැන් නෝනලා ආසාවට කන්න ගත්තොත් (නදී)