තරබාරුබව ඇතිවීමට හේතුවන ආහාරයක් වුව ද කැමැත්තෙන් හා රසවිදිමින් කන්නේ නම් එය මහත්වීමට හේතුවක් නොවේයැයි මනෝ විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ ආහාරවල ආශ්වාදය මිනිසුන්ගේ යහ පැවැත්වමට අත්‍යාවශ්‍ය බවයි. තමන් ගන්නා ආහාරය වැරදි ආහාරයක් ලෙස සළකා ගතහොත් සිරුරේ බර ඒ නිසාම කිලෝ කිහිපයකින් වැඩිවන බවත් ඔවුහු පෙන්වා දෙති.
ආහාර රුචිය පිළිබද තොරතුරු ඇතුලත් ජාත්‍යන්තර සගරාවක මේ සම්බන්ධ තොරතුරු දක්වා ඇත. ඔවුන් පවසන්නේ ලොව චොකලට් අනුභවය අතින් හත්වැනි ස්ථානයේ සිටින බ්‍රිතාන්‍යයේ වාර්ෂික ඒක පුද්ගල චොකලට් පරිභෝජනය රාත්තල් 17ක් පමණ වන බවයි. විනෝදයක් ලෙස චොකලට් ආහාරයට ගන්නේ නම් ඔවුන්ගේ බර වැඩිවිමට චොකලට හේතු නොවන බව මේ පර්යේෂකයෝ කියති.
එසේ වුව ද අධික ලෙස මේදය හා සීනි ඇති බැවින් චොකලට් කෑම තරබාරුබවට හේතුවිය යුතුය. නවසීලන්තයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කළ මේ පර්යේෂණයෙන් පෙන්වා ඇත්තේ තරබාරු බවට මිනිස් සිතිවිලි ද හේතුවන බවයි. ආචාර්ය රොලින් කුජිර් සහ ජෙසිකා බොයිස් මේ පර්යේෂණය සදහා වයස අවුරුදු 18ත් 86ත් අතර පුද්ගලයන් 300ක් තෝරාගෙන ඔවුන්ගේ බර ආහාර පුරුදු මගින් අඩුකැර ගැනීමේ හැකියාව පිළිබ
ද අධ්‍යයනය කැර ඇත.
ඉන් සියයට 27 ක් චොකලට් කෑමට ගත්තේ අකමැත්තෙනි. සියයට 73 ක් කැමැත්තෙන් චොකලට් ආහාරයට ගෙන තිබිණි. මාස 18 ක් පුරා දත්ත විශ්ලේෂණය කිරිමෙන් අනුතුරුව සොයාගනු ලැබූවේ අකමැත්තෙන් චොකලට් කෑ පිරිස බර වැඩිකරගෙන ඇති බවයි. චොකලට් කෑමට වැඩි රුචිකත්වයක් දැක්වූ අය සිරුරේ බර වැඩිකැරගෙන නැත.
ආහාරවල ඇති ප්‍රියජනක බව පසුගිය කාලයට වඩා අවධානය යොමු කළ යුතු බව පෙන්වාදෙන කාර්ඩිප් මෙට්‍රොපොලින්ටන් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ පෝල් බක්ලි පවසන්නේ පිරිමින්ට වඩා ගැහැනුන්ට ආහාර රුචිකත්වය සම්බන්ධයෙන් වැඩි බලපෑඹක් ඇති බවයි. ඇතැම් පුද්ගලයන් විවිධ ආහාරවලින් ඇතිවන බලපෑම් ගැන පසුතැවෙන බවත් එවැනි හැසිරිම් සහජයෙන් හෝ පාරම්පරික උරුමයෙන් හටගන්නා බැවින් වෙනස් කිරීම අපහසු බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි! (නි)
කලින් කලට මොනවා කියනවද මන්දා.... (ස)
අනේ අපොයි මෙයා වගේද කන්න කියන්නේ. චික් කැතේ බෑ (නදී)
මුදිත, ඔබ හරියටම හරි.අපේ අයත් ඕනෑ කෙනෙක් ගහන ගහන පදේට නටනවා. අපේ පැරැන්නෝ කෑවෙ බිව්වෙ කොහොමද කියලා හොයලා බැලුවා නම් හොඳයි නේද? (නි)
මහතුරුන්ගේ මුදල් පසුම්බියට දෙයියන්ගේම පිහිටයි. දැන් නෝනලා ආසාවට කන්න ගත්තොත් (නදී)
කෑම සතුටින් කන්න නම් කෑම රස වෙන්න ඕන. (ස)
එහෙනම් මම අද ඉඳන් තරහින් කෑම කනවා. එතකොට වත් මහත් වෙයිද බලමු. (ස)
කොහොම කෑවත් මොකෝ බඩගින්න නිවෙනවා නම්... (ස)
ඔව් මෙ අයට පිස්සු. ඒකයි මේ. කොහොම කෑවත් මහත් වෙන කෙනා මහත් වෙනවා.(නදී)
අනේ ඒ වුණාට, මම කොච්චර කැමැත්තෙන් ආසාවෙන් කෑවත් මහත් වෙනවනේ. චොකලට් එහෙම හරිම ආසාවෙන් කන්නේ (නි)
ඕවා කන්න මේ දවස් වල සල්ලි නෑ. (ස)
ඔය බඩ මහත් වෙන කාන්තාවන්ට එහෙම වෙන්නේ නොසතුටින් කාපු නිසාද?දෙයියෝ සාක්කි. (ස)
එහෙනම් ලංකාවේ ජනතාව අලි වගේ වෙන්න ඕනේ. මොකද තුන් වෙලාම කන්නේ හුල්ල හුල්ලනේ. අනේ කාලේ වනේ වාසේ තවකල් යනකොට කීයයි සතුටින් ඉන්නවනම් කන්න ඕනෙම නෑ කියලා. (ස)
බඩගින්න යන්න කෑවහම හොදටම ඇති. (නි)