නාභියෙන් ඇතුළත් කළ හැකි රොබෝවෙකු ආධාරයෙන් මිනිස් සිරුරේ ශල්‍යකර්මයන් කළ හැකි ක‍්‍රමයක් සම්බන්ධයෙන් ඇමරිකා ගුවන් හා ගගන ඒජන්සිය (නාසා) පර්යේෂණ කරමින් සිටී.
පර්යේෂණ කටයුතු සිදුකරන විද්‍යාඥයින් පවසන්නේ මෙම රොබෝවා යොදාගැනීමට අපේක්ෂා කරන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වාසය කරන අභ්‍යාවකාශගාමියෙකුට හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා ප‍්‍රයෝජනයට ගැනීමට බවයි.
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගුරුත්වය ශුන්‍ය වන බැවින් එහිදී පෘථිවියේ මෙන් සිරුර කපා විවෘත කර ශල්‍යකර්ම සිදුකිරීම කිසිසේත් නොකළ හැක්කක් බව විද්‍යාඥයෝ කියති.සිරුර කැපීමේදී පිටතට ගලන රුධිරය,අවයව වලින් නිදහස් වන දේහ තරල,පෘථීවියේදී මෙන් ගුරුත්වයේ බලපෑමට හසුව එකම තැන රැදී නොතිබී ගුරුත්ව බලයෙන් නිදහස් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පුරා විසිර යාමේ ඉඩක් තිබීම ඒ සදහා හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති.
හදිසියේවත් එවන් ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍යවුවහොත් කළ හැකි එකම දෙය වන්නේ සිරුර කපා විවෘත නොකර ශල්‍යකර්මය සිදුකිරීම බවත් ඒ සදහා හොදම විසදුම සිරුරට ඇතුළු කළ හැකි කුඩා ප‍්‍රමාණයේ රොබෝවෙකු භාවිතා කිරීම බවත් ඔවුහු පවසති.
දැනට නිර්මාණය කර ඇති රොබෝවා නාභියෙන් සිරුරට ‘‘රිංග විය‘‘ හැකි තරමට කුඩා වුවත් සිරුරට ඇතුළුවූ පසු අඩු පඩු දිගහැරගෙන විශාල වීමේ හැකියාවෙන් යුතුය.රොබෝවාගේ සියලූ කි‍්‍රයාකාරකම් පාලනය කෙරෙනුයේ පිටත සිටින ශල්‍ය වෛද්‍යවරයෙකුගේ අතෙහි ඇති දුරස්ථ පාලකයක් මගින් වන අතර එම පාලකය ආධාකරයෙන් රොබෝවා මෙහෙයවා සිරුර අභ්‍යන්තරයේ තුවාළ සිදුවී ඇත්නම් ඒවා පිරිසිදු කර මැහුම් දැමිීමට,කැපීම් සිදුකිරීමට,ඖෂධ යෙදීමට හැකිය.
නාසා විද්‍යාඥයින් දැනට ඌරන් යොදාගෙන රොබෝවා අත්හදා බලමින් සිටින අතර නුදුරේදීම මිනිස් සිරුරු වලද අත්හදා බැලීම් සිදුකිරීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටී.
වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ නාසා ආයතනයේ මේ උත්සාහය සාර්ථක වුවහොත් එය අභ්‍යාවකාශයේ සිදුකරන ශල්‍යකර්ම වලට පමණක් නොව පෘථිවිය මතදී සිදුකරන ශල්‍යකර්ම වලටත් එකසේ වැදගත් වනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කතාව. ගොඩක් වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ ඉංජිනේරුවන් ගේ වැඩ. නමුත් වෛද්‍යවරු හරියාකාරව ඒවා යොදාගන්න නිසා මිනිසුන්ගේ ජීවිත බේරෙනවා. සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිචාර වලට කණගාටු වෙන්නේ නැහැ ඉන්ජිනේරුවා. ඔවුන් හොඳ වැඩ හැමදාම කරගෙන යනවා මැදිහත් සිතින්(දිල්).
කසුන්ගේ කතාවට මමත් එකඟයි.එක්ස් රේ , එම් ආර් අයි , සි ටි ස්කෑන් වගේ දේවල් ඔක්කොම ඉංජිනේරුවන්ගේ වැඩ. එත් ඔක්කොම ලකුණු දොස්තරලට. වැඩි පඩි, ඩියුටි ෆ්‍රී වාහන, සමහර දොස්තරලා දවසට රෝහලේ පය 2-3 වැඩ. අන්තිමට ලෙඩ්ඩුන්ව ඇපයට තියල ඔක්කොම ඉල්ලිමුත් දිනාගන්නවා.
තාක්ෂණයේ දියුණුව හිතා ගන්න පුලුවන්ද (දී)
ඉන්දික,අපි දොස්තරලගෙ වැටුප් සහ වරප්‍රසාද පැත්තක තියමුකො. ලංකාවෙ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් වරප්‍රසද විඳින එකට වඩා දුප්පත් මිනිස්සුන්ට රටට ලෝකෙට අලුත් දෙයක් කරලා හඳුන්වා දීලා ලැබෙන සතුට ඔය ඔක්කොටම වඩා වැඩියි.නමුත් මම කිව්වෙ මේ ලංකාවෙ මිනිස්සුන්ගෙ තිබෙන කැත ගතිගුණ බලන්න.අඩු තරමින් තිරය පිටුපස සිට මෙච්චර දේවල් කරන මිනිස්සුන්ට වචනයකින්වත් ස්තුති කරන්න මේ කුහකයො දන්නෙ නැහැ.අන්න ඒ නිසා තමයි අද වෙනකොට ලංකාවෙ බිහිවෙන බුද්ධිමත්ම ඉංජිනේරුවරු විද්වතුන් ලංකාවෙ නැත්තෙ (නි)
ලංකාවේ සමහරක් මැති ඇමතිවරුන්ගේ මොළයේ ආබාධ ඉක්මනින් හොයාගන්න පහසු වේවි (නි)
මම මේ කල්පනා කලේ..?? එතකොට නාභිය ලොකු වෙයිද කියලා? වෙනත් කරදර එයිද මන්දා? (ස)
මේක වෛද්‍යවරු විතරක් කරපු සැත්කමක් නම් මෙතන අදහස් සියය පන්නලා මෙලහකට. ‘වෛද්‍යවරු දෙවිවරුය, දෙමාපියන් බුදුවේවා! නොයෙක් දේවල්.නමුත් දැන් සැත්කම් ගොඩක් ඒවාට ඉංජිනේරු තාක්ෂණය ගොඩාක් යොදා ගන්නවා.මේ වගේ රොබෝවරු යොදාගෙන කරන සැත්කම් ඇත්තටම විශ්මයජනකයි.නමුත් අපේ ජනතාවට නම් ඒවායේ කිසි වැදගත්කමක් පෙනෙන්නේ නැති පාටයි.මේ වගේ රොබෝවෙක් නිර්මාණය කරන්න විද්වතුන් ඉංජිනේරුවරුන් කොච්චර වෙහෙසෙනවද? (නි)