IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සැත්කම කරද්දී ගී ගයයි

උගුරේ වූ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමේදී අතපසුවීමකින් හෝ වෛද්‍යවරුන් අතින් තම ස්වර තන්ත්‍ර වලට හානිවනු ඇතැයි සිතූ ගායිකාවක මුළු සැත්කම කරද්දී ගීත ගායනා කරමින් සිටි පුවතක් ප්‍රංශයෙන් වාර්තා වේ.

ඇලාමා කාන්ටේ නම් වන මේ ගායිකාවගේ උගුර ප්‍රදේශයේ පිහිටි පැරාතයිරොයඩි ග්‍රන්ථීයේ ගෙඩියක් හටගෙන තිබිණි.  එය ඉවත් කිරීමට යාමේදී කටහඩ උපදවන ස්වරතන්ත්‍ර වලට හානි වීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු ඇයට දැන්වූහ.

පිළියමක් ලෙස ඇයට ශල්‍යකර්මය පුරාවටම ගීත ගායනා කරමින් සිටින්නයැයි ඔවුහු උපදෙස් දී තිබේ.ඒ මාර්ගයෙන් ස්වර තන්ත්‍ර වල පිහිටීම හොඳින් හඳුනාගත හැකි වනු ඇති නිසා ඒවාට හානියක් නොකර ශල්‍යකර්මය සිදුකළ හැකි වනු ඇතැයි ඔවුන් පවසා ඇත.

මේ අනුව මෝහනය කරන්නෙකුගේ සහය ලබාගෙන ඇති ඇය ශල්‍යකර්මය අතරතුරදී මෝහන නිද්‍රාවකට පිවිස ගීත ගායනා කර තිබේ.

ගගීත ගායනයට සවන් දෙමින්ම වෛද්‍යවරු ශල්‍යකර්මය සාර්ථකව නිම කළහ.

ශල්‍යකර්මය අතරතුරදී සිදුවූ කිසි දෙයක් තමන්ට මතක නොමැති බවත් මතක එකම දෙය තමන් අප්‍රිකාවට සංචාරය කර එහිදී ගීත ගායනා කිරීම පමණක් බවත් ඇලාමා කාන්ටේ පවසන්නීය.



අදහස් (0)

සැත්කම කරද්දී ගී ගයයි

චන්ඩි Friday, 20 June 2014 11:35 AM

ලොවට හදුන්වා දිය යුතු ප්‍රතිකාර ක්‍රමයක්, (ස)

:       0       0

නිරෝෂා Thursday, 19 June 2014 10:39 AM

හරිම හොදයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site