IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සාගර ජලයට වැඩි ජල කඳක් මිහි මව තුරුලේ

පෘථිවිය මත ඇති සියලූ සාගර වල ජල කඳෙහි එකතුව පරදවන දැවැන්ත ජල සංචිතයක් පොළවෙන් කිලෝමිටර 400 ත් 600 ත් අතර පෘථිවි අභ්‍යන්තරයේ පිහිටා ඇතැයි විද්‍යාඥයෝ කියති.

මෙම ජල සංචිතය අලූතෙන් සොයාගෙන ඇති රින්ග්වුඩයිට් නම් පාෂාණ ස්ථරයක මේ ජල තුලය ඇති බවත් පොළව කැණි පමණින් එම ජලය පිටතට ගැනීමට නොහැකි බවත් ඔවුහු පවසති.

රින්ග්වුඩයිට් පාෂාණයට ජලය උරාගෙන ගබඩා කර තබාගැනීමේ හැකියාවක් ඇත.මෙනිසා මෙනිසා විද්‍යාඥයින් රින්ග්වුඩයට් පාෂාණයන් සමාන කරන්නේ ස්පෝන්ජයකටය.

මෑතක් වනතුරුම විද්‍යාඥ මතය වුයේ  සිතා සිටියේ රින්ග්වුඩයිට් පෘථිවියට ආගන්තුක පාෂාණයක් බවයි.නමුත් බ‍්‍රසීලයේ දියමන්ති ආකාරයකින් නව සංයුතියකින් යුතු දියමන්ති හමුවීමට පටන් ගැනීමෙන් පසු ඒවායේ සංයුතිය සොයාබැලීමට සිදුකළ පර්යේෂණ වලින් හෙළිව ඇත්තේ එම දියමන්ති වල රින්ග්වුඩයිට් අන්තර්ගත වන බවයි.

මෙම ජල සංචිතය පෘථිවි පෘෂ්ඨය මත ගිනි කදු පිපිරීම් හා පෘථිවි භූතල එහා මෙහා වීම වැනි සිදුවීම් වලට දැඩි බලපෑමක් එල්ල කරන බව විද්‍යාඥයින් කියයි.



අදහස් (0)

සාගර ජලයට වැඩි ජල කඳක් මිහි මව තුරුලේ

ක්‍රිස් Sunday, 16 March 2014 01:25 PM

බෞද්ධ යනු ආගමක් නෙමෙයි යථාර්තවාදී දර්ශනයක් කතෝලික යනු ආගමක් විස්වාසය මත රැදුණු .මේ ආගම් දෙකම ශ්‍රී ලංකාවට පිටින් ආ දේවල් බව මතක තියාගන්න.(දී)

:       0       0

ගාමිණී Monday, 17 March 2014 11:37 AM

"දැනගැනීමෙන් නිවනට " කියල යු ටියුබ් එකේ හොයල බලන්න.(නදී)

:       0       0

ගුණේ Friday, 14 March 2014 02:00 PM

ඉදිරි කාලයේදී අපටත් ෂෙඩ් එකෙන් ලීටර් ගානට මුදල් ගෙවල බීමට වතුර ගන්න පුළුවන්. (ත)

:       0       0

චානක නානායක්කාර Monday, 17 March 2014 03:44 PM

"අයං ආනන්ද මහා පඨවී උදකෙ පතිටඨිතා උදකං වාතෙ පතිටඨිතං. වා කො ආකාසටෙඨා හොති... යං මහාවාතං වායනති, මහාවාතා උදකං කමෙපන්ති, උදකං කම්පිතං පඨවිං කමෙපති" ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමායන විට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව පොළොව කම්පා වෙයි. නවීන විද්‍යාඥයන් පවසන්නේත් මේ දෙයමය. අවුරුදු දෙදහස්‌ හයසියයකට පෙර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දෙයම නවීන විද්‍යාඥයන් පර්යේෂණ කොට නව දැනුමක්‌ ලෙස ඉදිරිපත් කළත් එහි අනව්‍යතාවක්‌ නම් නැත. (අ)

:       0       0

ආරච්චි Monday, 17 March 2014 02:54 AM

බුද්ධ දර්ෂණය යනු හේතුපල දහමකි. තමා තුලින් දකින දහමකි. නිර්මල වූ බුදු දහම සියලු ලොවේ සබැ අර්ථය ඉස්මතු කරයි.(නදී)

:       0       0

ඉන්දික Monday, 17 March 2014 04:01 PM

ශීලා, ගල් යුගයේ මිනිස්සුත් ජීවත් උනා. ඒගොල්ලෝ හරිම සරල විදියට හිටිය. දැන් මිනිස්සුත් ජීවත් වෙනවා, හැබැයි ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන. අන්තිමට වෙලා තියෙන්නේ එකමදේ නේද? සමහර ලෙඩ වලට බෙහෙත් හොයාගෙන තියෙනවා. ඒවගේම බෙහෙත් නැති අලුත් ලෙඩත් හදාගෙන තියෙනවා.(අ)

:       0       0

ෆ්‍රෑන්ස් , ජර්මනිය Saturday, 15 March 2014 09:10 PM

මමත් පරම්පරා කතෝලික. එත් බෞද්ධ ධර්මය යනු එකම සත්‍ය ධර්මයයි . වෙන කිසිම ආගමක මෙවැනි සත්‍ය ධර්මයක් නොමැති බව දියුණු රටවල අය පවා පිලිගන්නවා. (දී)

:       0       0

ජි සිරානි Saturday, 15 March 2014 09:39 PM

කුමාර මට කියනවද ඒ කොහෙද තියෙන්නේ කියල (දී)

:       0       0

ලලිත් Monday, 17 March 2014 05:04 AM

තෙල් ටික ඉවරවෙනකල් ඒක ඇදල අරගෙන විකුණලා තෙල්වලින් සල්ලි හම්බ කළා. දැන් පොලොව යට තියෙන වතුර වලිනුත් සල්ලි හම්බකරන්ඩද යන්නේ? (නදී)

:       0       0

කුමාර Friday, 14 March 2014 07:58 PM

බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පොළොව තියෙන්නේ ජලය මතය , ජලය තියෙන්නේ වාතය මතය කියාය . (දිල්)

:       0       0

සුනිල් පෙරේරා Saturday, 15 March 2014 10:31 PM

රජින්ද ඔයාලා කතෝලික නෙවෙයි ඉස්සර ,,,,? ඔයාලව කතෝලික කලේ ලන්දේසි ,පෘතුගීසි , ඉංග්‍රීසි කාරයෝ මානව හිමිකම් කඩකරලා තුවක්කු පෙන්නලා තානාන්තර පෙන්නලා .....!!! ඒ අතීතයේ ඔයාලා ලබාගත්ත සිතේ දියුණුව නිසයි ඔය අවබෝධය ....?(දී)

:       0       0

කුමාර් Sunday, 16 March 2014 02:40 AM

මේවා විද්‍යාවෙන් සොයන්නට අවුරුදු 5000 ට පෙර බයිබලයේ දේව වචනයෙන් ලියැවී තිබෙනවා.(නදී)

:       0       0

ශීලා Monday, 17 March 2014 08:45 AM

කයිවාරු කාරයෝ, පුරාජේරු කාර ඉරිසියා කාරයෝ මොනවා බිරුවත් අද අපි ලෙඩක් දුකක් කරදරයක් නැතිව ගල් යුගයට වඩා වෙනස් විදියට පහසුවට ජිවත් වෙන්නේ මේ මිහිපිට බිහි උන විද්‍යාඥයින්ටයි ඒවා ලෝකෙටම මොන අයුරින් හෝ බෙදපු බටහිර රටවලටයි පින් සිද්ද වෙන්ට මිස ඇමරිකන් විරෝදී බේබද්දන්ට පින් සිදු වන්නට නොවේ.(නදී)

:       0       0

රජින්ද Saturday, 15 March 2014 03:37 AM

කුමාර, හරියටම හරි.! ඒබව සදහන්ව ඇත්තේ දීඝ නිකායේ, මහා පරිනිබ්බාන සුත්‍රයෙයි. මම කතෝලික උවත් බුද්ධ දේශනාවේ ඇති යථාර්තවාදී බව හදපත්ලෙන්ම පිළිගනිමි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site