පෘථිවිය මත ඇති සියලූ සාගර වල ජල කඳෙහි එකතුව පරදවන දැවැන්ත ජල සංචිතයක් පොළවෙන් කිලෝමිටර 400 ත් 600 ත් අතර පෘථිවි අභ්‍යන්තරයේ පිහිටා ඇතැයි විද්‍යාඥයෝ කියති.

මෙම ජල සංචිතය අලූතෙන් සොයාගෙන ඇති රින්ග්වුඩයිට් නම් පාෂාණ ස්ථරයක මේ ජල තුලය ඇති බවත් පොළව කැණි පමණින් එම ජලය පිටතට ගැනීමට නොහැකි බවත් ඔවුහු පවසති.

රින්ග්වුඩයිට් පාෂාණයට ජලය උරාගෙන ගබඩා කර තබාගැනීමේ හැකියාවක් ඇත.මෙනිසා මෙනිසා විද්‍යාඥයින් රින්ග්වුඩයට් පාෂාණයන් සමාන කරන්නේ ස්පෝන්ජයකටය.

මෑතක් වනතුරුම විද්‍යාඥ මතය වුයේ  සිතා සිටියේ රින්ග්වුඩයිට් පෘථිවියට ආගන්තුක පාෂාණයක් බවයි.නමුත් බ‍්‍රසීලයේ දියමන්ති ආකාරයකින් නව සංයුතියකින් යුතු දියමන්ති හමුවීමට පටන් ගැනීමෙන් පසු ඒවායේ සංයුතිය සොයාබැලීමට සිදුකළ පර්යේෂණ වලින් හෙළිව ඇත්තේ එම දියමන්ති වල රින්ග්වුඩයිට් අන්තර්ගත වන බවයි.

මෙම ජල සංචිතය පෘථිවි පෘෂ්ඨය මත ගිනි කදු පිපිරීම් හා පෘථිවි භූතල එහා මෙහා වීම වැනි සිදුවීම් වලට දැඩි බලපෑමක් එල්ල කරන බව විද්‍යාඥයින් කියයි.