IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සංගීතය මොළේට හොඳයි

කුඩා කළ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට පුහුණුව ලබා ඇත්නම් නම් එය පුද්ගලයෙකුගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය ජීවිත කාලය පුරාවටම බලපැවැත්වෙන පරිදි ඉහළ දමන්නේයැයි ඇමරිකාවේ බොස්ටන් ළමා රෝහලේ පර්යේෂකයෝ පිරිසක් කියති.

කෙසේවුවත් මේ සදහා කිසියම් සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට අවුරුදු 2 ක් කාලයක් පුරාවටවත් පුහුණුවී තිබීම අවශ්‍යයැයි ඔවුහු පවසති.

පරීක්ෂණය සදහා සංගීත භාණ්ඩ වාදනය පුහුණුව ලබන ළමෝ පිරිසකුත්,කුඩා කළ සංගීත භාණ්ඩ පුහුණුව ලබා සිටි වැඩිහිටි පිරිසකුත්,අනෙක් අන්තයෙන් සංගීත භාණ්ඩ වාදනය කිරීමේ පුහුණුව ලබා නොමැති ළමෝ හා වැඩිහිටි පිරිසකුත් තෝරාගෙන ඇති පර්යේෂක පිරිස ළමෝ කණ්ඩායම් දෙකට එකකුත් වැඩිහිටි කණ්ඩායම් දෙකට තවත් එකකුත් වශයෙන් බුද්ධි අභියෝගතා ප‍්‍රශ්නාවලිය බැගින් ලබා දී තිබේ.

ඔවුන් පිළිතුරු ලබා දී අවසාන වුනු පසු කණ්ඩායම් 4 හි සාමාජිකයින්ගේ මොළයේ පරිලෝකන සටහන් ලබා ගෙන ඇති පර්යේෂකයින්ට සංගීත පුහුණුව ලැබූ ළමා මෙන්ම වැඩිහිටියන්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය අනෙක් කණ්ඩායම් 2 හි සාමාජිකයින්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වයට වඩා ඉහළ බව දැකගැනීමට හැකිව ඇත.

විශේෂයෙන් ඔවුන්ගේ මොළ වල සිතීමේ හා තීරණ ගැනීමේ ප‍්‍රදේශයන් වැඩි වශයෙන් කි‍්‍රයාත්මක වී ඇති බව පර්යේෂකයෝ කියති.

මොළයේ අඩු කි‍්‍රයාකාරීත්වය නිසා තීන්දු තීරණ ගැනීමේ හා සිතීමේ අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට මෙම පරීක්ෂණයෙන් ලත් ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් ලබා දිය හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් පිළිබඳ සොයා බැලිය යුතුව ඇතැයි ඔවුහු පවසති.



අදහස් (0)

සංගීතය මොළේට හොඳයි

ප්‍රසන්න Friday, 20 June 2014 04:07 PM

එ්ක නිසා තමයි ලංකාවේ බස් වල කන පැලෙන්න සිංදු දාන්නේ. (ස)

:       0       0

සමන් Tuesday, 24 June 2014 11:33 AM

මේක ඇත්තට සාරංග විතරයි ඒ ගැන නොදන්නේ. සංගීතයෙන් දුක ශෝකය තනිකරම නැති කරන්න පුලුවන් (නදී)

:       0       0

ගුණසේකර Thursday, 19 June 2014 09:36 PM

සංගීතය‍ බොහෝ අසනීප වලටත් හොඳ ඔසුවක් (නි)

:       0       0

ලක්ෂපාන Thursday, 19 June 2014 12:45 PM

සංගීතය කලාත්මක හිතක් තිබෙන මිනිසාට ඉතාමත් සමීපයි. කිසිම නෑකමක් නැති සංගීතයකට විටක සිතක් නැලවීමටත් විටක හැඬවීමටත් හැකි පුදුමාකාර බලයක් සතු දෙයක්. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 21 June 2014 01:38 PM

කනට මිනිහිරි කොච්චර නම් අර්ථවත් සිංදු තියෙනව ද ඔය කනට අමිහිරි සින්දුවලට වැඩිය. ප්‍රයිවට් බස් එකක්නම් යන්න බැහැ තමත් ලෙඩ වැඩිවෙනවා මිසක අඩුවක් නම් දැනෙන්නේ නැහැ. (අ)

:       0       0

ලංකා Thursday, 19 June 2014 01:06 PM

ලංකාවේ හැමෝම ඒ පන්ති වලට යන්න ඕනේ (දී)

:       0       0

ලසන්ත කුමාර Thursday, 19 June 2014 01:08 PM

හොඳ සොයාගැනීමක් (දී)

:       0       0

සෙලිනා Friday, 20 June 2014 05:57 PM

සංගීත භාණ්ඩයක් භාවිතා කිරීමයි සින්දු ඇසීමයි දෙකක්. ඒත් මම ගයාන් සමඟත් ලක්ෂපාන සමඟත් ගොඩක් දුරට එකඟයි. (නි)

:       0       0

ලලිත් - එස්.එල් Thursday, 19 June 2014 01:34 PM

අපිට නම් වෙලා තියෙන්නේ අපේ රටේ දේශපලාකයන්ගේ සංගීත වලට සවන් දෙන්න විතරයි. (නදී)

:       0       0

ගයාන් Thursday, 19 June 2014 01:44 PM

මොලේට හොඳ සංගීතේ මොකක්ද කියල පරිස්සමින් හොයා බලල අහන්න. නැත්තම් මොලේ අවුල් වෙලා තමයි නවතින්නේ. අද ගුවන් විදුලියේ චැනල් වල යන සිංහල ආදර සින්දු අහපුවහම කේන්ති ගිහින් ඔලුව බිත්තියක ඇන ගන්න හිතෙන එකයි මට තියෙන ප්‍රශ්නය. (නදී)

:       0       0

සාරංග Saturday, 21 June 2014 09:08 AM

මේක පචයක් (අ)

:       0       0

ලක්ෂපාන Thursday, 19 June 2014 07:06 PM

ගයාන්, අද සමහර ධනවත් පුද්ගලයින් ජනප්‍රිය වෙන්න තියෙන ආශාවට විශාල වියදමක් කරලා සින්දු හදනවා. ඉතින් ඒ සින්දු අහද්දී කනට මීපැණි වෙනුවට කළුතෙල් දානවා වගේ දැනෙන්නේ. ඔබට දැනෙන කෝපය සාධාරණයි. මටත් අර කාගෙද මන්දා සින්දුවක් අහල කර කැවිල්ල හැදිලා ඔක්කාරය වෙලා මුත්‍රා බරකින් මානසික පීඩනය නිමා කරගත්තා. (නදී)

:       0       0

නීලා Wednesday, 25 June 2014 06:09 AM

සෙලිනා හරි. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගත්ත කෙනාගේ සවන් යොමුවන්නේ සංයමයෙන් නිර්මාණය කළ සංගීත සංද්වනි වලට පමණයි. (නි)

:       0       0

දිලු Monday, 23 June 2014 09:17 AM

ලංකාෙව සංගීතය ගැන නම් කියල වැඩක් කෑ. ඒ්ක අැහුවාම තියන මතෙකත් නැතිෙවලා ඔලුව කැරකිලා නතර වෙන්නේ මට තේරෙන්නේ නැත්තේ ටකරමට ගල් ගහනව වගේ සින්දුවක් කියන්නව මේ නවක ගැයකයෝ අඩි හප්පල දෙකට තුනට නැව්ලමේ හැටි දගලන්නේ මොකද කියල. අෙප් අමරෙද්ව මහත්තයල කොච්චර ලස්සන සින්දු ෙමානතරම් සංයමයකින් කියුවද. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site