කුඩා කළ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට පුහුණුව ලබා ඇත්නම් නම් එය පුද්ගලයෙකුගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය ජීවිත කාලය පුරාවටම බලපැවැත්වෙන පරිදි ඉහළ දමන්නේයැයි ඇමරිකාවේ බොස්ටන් ළමා රෝහලේ පර්යේෂකයෝ පිරිසක් කියති.
කෙසේවුවත් මේ සදහා කිසියම් සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට අවුරුදු 2 ක් කාලයක් පුරාවටවත් පුහුණුවී තිබීම අවශ්‍යයැයි ඔවුහු පවසති.
පරීක්ෂණය සදහා සංගීත භාණ්ඩ වාදනය පුහුණුව ලබන ළමෝ පිරිසකුත්,කුඩා කළ සංගීත භාණ්ඩ පුහුණුව ලබා සිටි වැඩිහිටි පිරිසකුත්,අනෙක් අන්තයෙන් සංගීත භාණ්ඩ වාදනය කිරීමේ පුහුණුව ලබා නොමැති ළමෝ හා වැඩිහිටි පිරිසකුත් තෝරාගෙන ඇති පර්යේෂක පිරිස ළමෝ කණ්ඩායම් දෙකට එකකුත් වැඩිහිටි කණ්ඩායම් දෙකට තවත් එකකුත් වශයෙන් බුද්ධි අභියෝගතා ප‍්‍රශ්නාවලිය බැගින් ලබා දී තිබේ.
ඔවුන් පිළිතුරු ලබා දී අවසාන වුනු පසු කණ්ඩායම් 4 හි සාමාජිකයින්ගේ මොළයේ පරිලෝකන සටහන් ලබා ගෙන ඇති පර්යේෂකයින්ට සංගීත පුහුණුව ලැබූ ළමා මෙන්ම වැඩිහිටියන්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය අනෙක් කණ්ඩායම් 2 හි සාමාජිකයින්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වයට වඩා ඉහළ බව දැකගැනීමට හැකිව ඇත.
විශේෂයෙන් ඔවුන්ගේ මොළ වල සිතීමේ හා තීරණ ගැනීමේ ප‍්‍රදේශයන් වැඩි වශයෙන් කි‍්‍රයාත්මක වී ඇති බව පර්යේෂකයෝ කියති.
මොළයේ අඩු කි‍්‍රයාකාරීත්වය නිසා තීන්දු තීරණ ගැනීමේ හා සිතීමේ අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට මෙම පරීක්ෂණයෙන් ලත් ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් ලබා දිය හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් පිළිබඳ සොයා බැලිය යුතුව ඇතැයි ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක නිසා තමයි ලංකාවේ බස් වල කන පැලෙන්න සිංදු දාන්නේ. (ස)
මේක ඇත්තට සාරංග විතරයි ඒ ගැන නොදන්නේ. සංගීතයෙන් දුක ශෝකය තනිකරම නැති කරන්න පුලුවන් (නදී)
සංගීතය බොහෝ අසනීප වලටත් හොඳ ඔසුවක් (නි)
සංගීතය කලාත්මක හිතක් තිබෙන මිනිසාට ඉතාමත් සමීපයි. කිසිම නෑකමක් නැති සංගීතයකට විටක සිතක් නැලවීමටත් විටක හැඬවීමටත් හැකි පුදුමාකාර බලයක් සතු දෙයක්. (නදී)
කනට මිනිහිරි කොච්චර නම් අර්ථවත් සිංදු තියෙනව ද ඔය කනට අමිහිරි සින්දුවලට වැඩිය. ප්‍රයිවට් බස් එකක්නම් යන්න බැහැ තමත් ලෙඩ වැඩිවෙනවා මිසක අඩුවක් නම් දැනෙන්නේ නැහැ. (අ)
ලංකාවේ හැමෝම ඒ පන්ති වලට යන්න ඕනේ (දී)
හොඳ සොයාගැනීමක් (දී)
සංගීත භාණ්ඩයක් භාවිතා කිරීමයි සින්දු ඇසීමයි දෙකක්. ඒත් මම ගයාන් සමඟත් ලක්ෂපාන සමඟත් ගොඩක් දුරට එකඟයි. (නි)
අපිට නම් වෙලා තියෙන්නේ අපේ රටේ දේශපලාකයන්ගේ සංගීත වලට සවන් දෙන්න විතරයි. (නදී)
මොලේට හොඳ සංගීතේ මොකක්ද කියල පරිස්සමින් හොයා බලල අහන්න. නැත්තම් මොලේ අවුල් වෙලා තමයි නවතින්නේ. අද ගුවන් විදුලියේ චැනල් වල යන සිංහල ආදර සින්දු අහපුවහම කේන්ති ගිහින් ඔලුව බිත්තියක ඇන ගන්න හිතෙන එකයි මට තියෙන ප්‍රශ්නය. (නදී)
මේක පචයක් (අ)
ගයාන්, අද සමහර ධනවත් පුද්ගලයින් ජනප්‍රිය වෙන්න තියෙන ආශාවට විශාල වියදමක් කරලා සින්දු හදනවා. ඉතින් ඒ සින්දු අහද්දී කනට මීපැණි වෙනුවට කළුතෙල් දානවා වගේ දැනෙන්නේ. ඔබට දැනෙන කෝපය සාධාරණයි. මටත් අර කාගෙද මන්දා සින්දුවක් අහල කර කැවිල්ල හැදිලා ඔක්කාරය වෙලා මුත්‍රා බරකින් මානසික පීඩනය නිමා කරගත්තා. (නදී)
සෙලිනා හරි. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගත්ත කෙනාගේ සවන් යොමුවන්නේ සංයමයෙන් නිර්මාණය කළ සංගීත සංද්වනි වලට පමණයි. (නි)
ලංකාෙව සංගීතය ගැන නම් කියල වැඩක් කෑ. ඒ්ක අැහුවාම තියන මතෙකත් නැතිෙවලා ඔලුව කැරකිලා නතර වෙන්නේ මට තේරෙන්නේ නැත්තේ ටකරමට ගල් ගහනව වගේ සින්දුවක් කියන්නව මේ නවක ගැයකයෝ අඩි හප්පල දෙකට තුනට නැව්ලමේ හැටි දගලන්නේ මොකද කියල. අෙප් අමරෙද්ව මහත්තයල කොච්චර ලස්සන සින්දු ෙමානතරම් සංයමයකින් කියුවද. (අ)